UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝදා පින්කම්

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී නිකිණි පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය අනුශාසනාව හා භාවනාව මහරගම මහින්ද හිමි 7 – 8 ආහාර බුද්ධ පූජාව 8 – 9 දහම් දෙසුම සමන්එළියේ පියදස්සි හිමි 9 – 10 රූපවාහිනි දහම් දෙසුම 10 – 11 ආරාධිත දේශනය මහාචාර්ය අසංග තිලකරත්න මහතා 11 බුද්ධ පූජාව පස්වරු 12. 30 – 1 පිරිත් සජ්ඣායනය 1 – 2.30 භාවනා වැඩ සටහන මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 – 4 දහම් දෙසුම පදලංගල ධම්මදේව හිමි 4 – 5 දහම් දෙසුම ලේල්වලතපස්සි හිමි, 5 – 5.30 බුද්ධ වන්දනාව


කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී නිකිණි මස පුර පසළොස්වක පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන - මෙසේය පෙරවරු 6.30 - 7.15 - සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව , විහාරාධිපති කළුතර සරද හිමි, 8 -9.45 - භාවනාව ප්‍රවීන ධර්ම කථික පන්නිපිටිය , ඇරැව්වල , රත්මල්දෙණියේ සරත් ගල්ගමුව මහතා, 10 -11 - ධර්ම දේශනය :- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ .11 - බුද්ධ වන්දනාව පස්වරු 1 - 2 - දායක සභා රැස්වීම /පිරිත් ධර්මය දේශනා කිරීම , 2 - 3 - ධර්මදේශනය -ශාස්ත්‍රපති ගලගම ශාන්තජීව හිමි, 3.15 -4.15 - දේශනය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා සමාජ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ.ඒ. ජයන්ත ජයසිරි මහතා, 4.15 -5.15 ධර්ම දේශනය ශාස්ත්‍රපති වතුරවිල සුජාත හිමි, 5.30 - 6.30 - බෝධි පූජාව සහ සිල්පවාරනය


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 උවසු උවැසියන් සිල් සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී දෙහිගස්පේ සිරිවිමල හිමි 8.00 බුදු ගුණ වන්දනාව, යක්කලමුල්ලේ පවර හිමි 9.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පූජා වන්දනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි පස්වරු 1.00 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, මාතර සදහම් සිසිල බොදු එකමුතුව සංවිධායක බන්දුල උදයකුමාර මහතා, 4.00 ධර්මදේශනය, ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි 7.30 උදෑසන බුද්ධ පූජාව, 8.30 භාවනා වැඩසටහන හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි 9.30 තෙරුවන් ගුණ මෙනෙහි කිරීම රාජකීය පණ්ඩිත ධර්මායතනාධිපති පණ්ඩිත ස්වාමීන් වහන්සේ, 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවානේ සිද්ධත්ත හිමි, 11 බුද්ධ පූජාව, පස්වරු 1.00 සෙත් පිරිත් දේශනාව ධර්මායතන වාසී පොඩි ස්වාමීන්වහන්සේලා 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනී හිමි 3.30 ධර්ම දේශනාව කඹුරුගමුවේ අස්සජි හිමි 5.00 සිට 6.00 ධර්ම දේශනාව තෙලිජ්ජවිල සුසමාහිත හිමි 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව යක්කලමුල්ලේ සිරි පවර හිමි. සංවිධානය - සීමාසහිත මාතර ශාසන සේවක සමිතිය මගිනි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නිකිණි පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර වහන්සේ වටා ෂඩ් වර්ණයෙන් යුත් සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

කිරිවෙහෙර චෛත්‍ය මළුවේ භාවනා වැඩසටහන සිදුකෙරේ. උදේ ධර්ම දේශනාව දුටුගැමුණු ධර්මශාලාවේ දී පවත්වනු ලබන්නේ අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝග ආශ්‍රමවාසී කැලණියේ විපුලඤාණ හිමියන් විසිනි.

කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරකින් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර සුවඳ පැණින් බෝධීන් වහන්සේ නෑවීම සිදුකෙරේ.

බෝධිපූජාව පවත්වනු ලබන්නේ බෝධීන් වහන්සේගේ තේවාව භාර මිද්දෙණියේ උදිත හිමියන් විසිනි. බෝධිපූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙතක් ශාන්තියක් උදාවේවායි ප්‍රාර්ථනා කරති. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර විහාරස්ථ ධර්මශාලාවේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී නිකිණි පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 8 -11 භාවනා වැඩසටහන මෙහෙයවීම වතුරුගම නන්දසිරි හිමි . 11 අභය දාන පින්කම සහ ඒ පිළිබඳ අනුශාසනාව වස්කඩුවේ මහින්දවංශ හිමි. පස්වරු 1 - 2.15 දහම් දෙසුම කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි. 2.30 - 3.30 දහම් දෙසුම වැලිතර ගුණරතන හිමි, 3.45 - 4.45 දහම් දෙසුම කොස්ගම උපරතන හිමි. 5 -6.30 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි. 7 -8 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව. 8.15 සිට රූපවාහිනිය තුලින් බෞද්ධ දර්ශන එළිදැක්වේ.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ල ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී නිකිණි පෝදා විහාරාරක්‍ෂ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෙරවරු 6 - උපොසථශීලයෙහි පිහිටුවීම හා තෙරුවන් ගුණ භාවනාව තෙල්වත්තේ අචලනාග හිමි ,6.30 -සම්බුද්ධ පූජාව ,8.15 - භාවනාව , මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි ,9.30 - බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ සොහොයුරන් ,10 - ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත මාමඩලේ විමල හිමි ,11 - සම්බුද්ධ පූජාව ,පස්වරු - 1.30 - ධර්ම දේශනාව ශාස්ත්‍රපති මැහිගල සෝමරතන හිමි ,3 - ධර්ම දේශනාව අඹන්පොළ ඤාණතුසිත හිමි ,4.30 -ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ,ශාස්ත්‍රපති ප්‍රදීප් ප්‍රසන්න මහතා ,6.00 - අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම දොලොස්බාගේ සාන්තනාග හිමි


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ ශීල සමාදානය මෙහෙයවීමෙන් පැවැත්වෙන නිකිණි පෝදා වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩදුම්බර ලංකානන්ද හිමි, 8 – 9 භාවනාව, පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 9 – 10 ධර්ම දේශනාව වලානේ සිරි සුමන හිමි, 10 – 11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු, 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ නන්දසිරි හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2 – 3 විශේෂ දේශනය, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා, 3 – 4 ධර්ම දේශනාව කම්මට්ඨානාචාර්ය මීතලාවේ විනීන මාහිමි, 4.15 – 5 ධම්මපදය, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව පණ්ඩිත බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ නිකිණි පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය

පෝදා පෙරවරු 6 -7 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, ,8- 9 භාවනාව- ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි ,9 -10 ධර්ම දේශනාව - කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති නෙළුවාකන්දේ ඥාණානන්ද හිමි,10 -11 අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 - 11.15 බුද්ධ පූජාව කනංකේ ධම්මික හිමි, බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි,

පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් සහ තෙරුවන් ගුණ ගල්කිස්සේ සෝමානන්ද හිමි, 1 -2 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 -3 ධර්ම දේශනාව -කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි , 3 - 3.45 විශේෂ අනුශාසනාව , අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නාහිමි, 4 -5 ධර්ම දේශනාව -අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ අංශාධිපති අක්මීමන ධම්මපාල නාහිමි, 5 -6 ධම්මපදය පානදුරේ පසන්න හිමි , 6 -6.30 බෝධි පූජාව සහ සිල් පවාරණය මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි .


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 , කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහ විහාරස්ථානයේදී නිකිණි පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පුුර්ණ සංවිධායකත්වයෙන් සීල, භාවනා, ධර්ම දේශනා , පින්කම් මාලාවක් පැවැත්වේ.එදින පෙරවරු 6.00- 6.30 සීලසමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 -7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 -9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 - 10.15 ධර්මදේශනාව රජවත්තේ වප්ප හිමි, 10.15 - 11.00 සම්බුද්ධ පූජාව මෙහෙවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 -2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිති රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2 - 2.45 භාවනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.00 -4.00 දහම් දෙසුම ශාස්ත්‍රපති කොරොස්සේ මහින්ද හිමි ,4.15 - 5.15 දහම් දෙසුම කථිකාචාර්ය වැලිගෙපොල සීලවංශ හිමි මෙහෙයවන 6.00ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද හිමි, 7.00 - 7.45 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව කෙසෙල්පොත සුමනවංශ හිමි, රාත්‍රි ධර්ම දේශනාව 7.45 - 8.45 ශාස්ත්‍රපති බොරලංකඩ විමලතිස්ස නාහිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි නිකිණි පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර පෙ.ව. 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙ.ව. 8.00 - 9.00 ඕපනායක නිරාශා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශණයක්ද 9 - 11 රාජකීය පණ්ඩිත එරුවැවේ ගුණසෝම හිමියන් විසින් පවත්වන ධර්ම දේශනය සහ මෙහෙය වන භාවනා වැඩසටහනක්ද 11.00 ට දවල් බුද්ධ පූජාව ද පස්වරු 12.30 - 1 ධම්මචක්ක පවත්තන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1 - 2 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 2 - 3 පානළුවේ සතීමා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශණයෙන් අනතුරුව 3 - 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් පසුව ප.ව. 5.00 - සිට 5.30 දක්වා පැවැත්වෙන තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ.

සවස 6.00 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබයි.


මාතර සිරිමංගල පිරිවෙන් විහාරය

පෝ දා පෙරවරු 6.00 සීල සමාදානය සහ අනුශාසනාව පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මාහිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ වේ. 6.30 බුද්ධ පූජා වන්දනාව කුඩාගොඩ ඤාණවංශ හිමි, 8.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව බලංගොඩ ශාන්තසිරි හිමි, පස්වරු 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 2 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, රාත්‍රී 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි.


 

මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 571 වන ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා ප.ව. 3.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


නෙළුම් විල ළමා භාවනා වැඩසටහන සහ සිඟිති දම් සභා මණ්ඩපය

වයස අවුරුදු හතෙන් ඉහළ ළමා වයසේ පසුවන දරුවන්ගේ අධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කරලීම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර මහනාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල පාරේ පිහිටි සිළුමිණි වෙහෙර වාසී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන නෙළුම් විල ළමා භාවනා වැඩසටහන සහ සිඟිති දම්සභා මණ්ඩපය නිකිණි පුන් පොහො දින උදේ 08.00 සිට දවල් 12.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී පැවැත්වේ.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේ දී නිකිණිපුර පසළොස්වක පොහෝ දා, විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර මාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේ ය.

පෙරවරු 5.45 – 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 8.30 – 9.30 ජාතක දේශනා විමර්ශනය අඹගස්ආරේ කමලසිරි හිමි, 9.45 – 10.45 ධර්ම දේශනාව නෙළුවේ පාලිත හිමි 11.00 – 11.30 දවල් ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි.

පස්වරු 1.00 – 2.00 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 2 – 3 විශේෂ භාවනා වැඩසටහන සහ අභිධර්ම පන්තිය කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 3.15 – 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 – 5.30 විශේෂ ධර්ම දේශනාව ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමි, සවස 06.30 – 07.30 විශේෂ ආශිර්වාද පූජාව මාඑළියේ සුදස්සි හිමි, (ඇසළ මාසයේ මාසික විශේෂ භාවනා වැඩසටහන 2009 අගෝස්තු 08 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට පැවැත්වේ.)

 

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]