UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කටුගස්තොට , රණවන කළුගලවත්තේ අංක 247 දරන නිවසේ පදිංචි 22 හැවිරිදි ඩීනක තරිඳු තරුණයා දරුණු හෘදයාබාධයකින් පෙළෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ශල්‍ය කර්මයක් කළ යුතු අතර ඒ සඳහා විශාල මුදලක් වැයවන බව කොළඹ මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශ කර තිබේ. එම තරුණයාගේ පියාද මියගොස් ඇති අතර ඔහුගේ මවටද රැකියාවක් නොමැතිව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවද කියයි. තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා ශල්‍යකර්මය කිරීමට අවශ්‍ය ආධාර අපේක්‍ෂා කරන අතර එම ආධාර කටුගස්තොට මහජන බැංකුවේ ගිණුම් අංක 089 -2001 -10011210 ට එවන ලෙසත් වැඩි විස්තර 072 -8335063 න් දැන ගත හැකි බවත් කියයි.


මාතර, තෙලිජ්ජවිල, කිරිමැටිමුල්ල, හිල්සයිඩ් මාවතේ අංක 62/53 ඒ යන ලිපිනයේ පදිංචි අවුරුදු 27 ක් වයසැති මංජුල ප්‍රදීප් වික්‍රමරත්න ගුණසේකර තරුණයා දරුණු වකුගඩු ආබාධයකින් පසුවන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඔහුට සිදු කළ යුතු සැත්කමට සහ ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන හෙයින් එම මුදල සොයා ගැනීම පවුලේ අයට අසීරු කටයුත්තක් වී ඇතැයිද එබැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතන අතර කේ.ඩබ්.ගුණසේකර යන පියාගේ නමින් ලංකා බැංකුවේ මාතර ශාඛාවේ 7269046 යන ගිණුමට යොමු කළ හැකි බවද මොහුගේ ජීවිතය බේරා ගැනීමට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ. 072 - 4253600 , 071- 3181720 දුරකථන අංක වේ.


පැල්මඩුල්ල, ඉද්දමල්ගොඩ එස්. ආර්. පී. වීරසිරි මහතා වකුගඩු රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයෙහි පසුවන අතර ඔහුගේ සැත්කම වෙනුවෙන් විශාල මුදලක් වැය වන බව මහනුවර ශික්‍ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. ආර්ථික දුෂ්කරතා සහිත තමන්ට විශාල මුදලක් කඩිනමින් සොයා ගැනීම, අසීරු බව පවසන ඔහු පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය බලාපොරොත්තු වේ.

සී/ස හැටන් නැෂනල් බැංකුවේ පැල්මඩුල්ල ශාඛාවේ ගිණුම් අංක 02 -0345501 -2 යටතේ එස්.ආර්. පී. වීරසිරි මහතාගේ නමින් විවෘත කර ඇති ගිණුමට පරිත්‍යාග යොමු කරන ලෙස ද මොහුගේ ජීවිතය බේරා ගැනීමට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු ඇතොත් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කැරේ.


පිළිමතාලව, ඇඹිල්මීගම අංක 265/2, නිවසෙහි පදිංචි ශාන්ත ගලහිටියාව මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන අතර ඔහුට “බී” පොසිටිව් රුධිර කාණ්ඩයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලීන් වෙත් නම්, හැකි ඉක්මනින් පහත සඳහන් දුරකථන අංක වලට අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 081 – 4922070, 077 – 6409917, දුරකථන අංක වේ.


කොළඹ 5, කිරුළපන මහින්ද පෙදෙස අංක 5 නිවසේ පදිංචි 52 වියැති ඒ.සී.ඒ. රසීඩ් නමැති අය වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 077 – 3856730, 071 – 8080844 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලා සිටී.

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]