UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල ඇසළ උළෙලට සති පිරිත ඇරැඹේ

බෙල්ලන්විල රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඇරැඹුණු වාර්ෂික ඇසළ මහා පෙරහර 59 වරටත් උත්කර්ෂවත් අයුරින් අගෝස්තු 15 දින පැවැත්වේ.

පෙරහර නිමිතිකොට අගෝස්තු 2 වන දා පැවැත්වෙන සති පිරිත් පින්කමෙන් ඇසළ උත්සවය ආරම්භ කැරේ. කප් සිටුවීම අගෝස්තු 05 දින සිදු කැරේ. අගෝස්තු - 08 සති පිරිත් දේශනයේ දොරකඩ අස්න දේවදූත පෙරහර හා කුඹල් පෙරහර පැවැත්වේ. අගෝස්තු 09, 10, 11, 12 මල් පෙරහර ද අගෝස්තු 13 පාවාඩ පෙරහර ද, අගෝස්තු 14 රන්සිවිලි පෙරහර ද, අගෝස්තු 15 රන්දෝලි මහ පෙරහර ද, අගෝස්තු 16 දිය කැපීමේ මංගල්‍යය හා දේව දානය පැවැත්වීමෙන් උත්සවය නිමාවේ.

අගෝස්තු 13 දින පාවාඩ පෙරහර -සර්වඥධාතු කරඬුව වැඩමවීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ, මහතා හා බස්නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර යන මහත්වරු ප්‍රමුඛ ආරාධිතයන් විසින් ද අගෝස්තු 14 රන්සිවිලි පෙරහර සර්වඥ ධාතු කරඬුව හස්තියා පිටට වැඩමවීම ඇමැති ගාමිණී ලොකුගේ මහතා විසින් ද අගෝස්තු 15 රන්දෝලි පෙරහරේ සර්වඥ ධාතු කරඬුව මාලිගාවට වැඩමවීම දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස හා මංගල හස්ති රාජයා පිටට වැඩම කරවීම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු විසින් සිදු කරති.

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි. 29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි. සිල් සමාදන් වීම ජූලි 28 වන දා  අඟහරුවාදා ය.

මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]