UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ ජුලි (27) විසිහත්වෙනිදා ආරම්භ කරන පළමුවෙනි කුඹල් පෙරහර සමග කුඹල් පෙරහර පහ සහ අගෝස්තු පළමුවෙනි දින (01) සිට අගෝස්තු පහ (05) දක්වා පැවැත්වෙන රන්දෝලි පෙරහර ගමන්කරන මාර්ග විස්තර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත්කර ඇති මහනුවර ඇසළ පෙරහර 2009 විස්තරයෙහි ප්‍රකාශයට පත් කර ඇත.

පෙරහර ආරම්භ කරන වේලාවන් සහ මාර්ග වෙනස් කිරීමේ බලය දියවඩන නිලමේතුමා සතුව ඇත.

අවසන් රාත්‍රී මහ පෙරහර අගෝස්තු මස පස් වන දිනත් දිය කැපුම් මංගල්‍ය පෙරහර අගෝස්තු මස 6 වනදාට අලුයම සිදු කෙරෙන අතර සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු මස 6 වනදා පැවැත්වේ.

කුඹල් පෙරහර

රාජ්‍ය වර්ෂ 2009 ක් වූ ජුලි මස 27 දින, සඳු දින රාත්‍රී සම්මත වේලාවෙන් 6 පසුවී විනාඩි 52 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 7 පසුවී විනාඩි 20 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව වැව අද්දර දිගේ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) සහ රජ වීදිය ඔස්සේ ඉහලටවිත් ගෙවදීම.

ජුලි මස 28 වනදින, කුජ දින රාත්‍රී 7 පසුවී විනාඩි 26 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ති‍්‍රකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

ජුලි මස 29 වනදින, බුද දින රාත්‍රී 7 පසුවී විනාඩි 52 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

ජුලි මස 30 වනදින, ගුරු දින රාත්‍රී 7 පසුවී විනාඩි 46 ට බටහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ. එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

ජුලි මස 31 වනදින, කිවි දින රාත්‍රි 8.00 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ගෙවදීම.

රන්දෝලි පෙරහර

2009 අගෝස්තු මස 01 වැනිදින ශනි දින රාත්‍රී 7 පසු වී විනාඩි 30 ට දකුණු දිශාභිමුඛව සිව් දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 7 පසු වී විනාඩි 48 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛ රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර සමග දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහලට පැමිණ දේවවීදිය කොළඹ වීදිය(ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය ) (කොටුගොඩැල්ල වීදිය) රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 02 වනදින, ඉරුදින රාත්‍රි 7 පසුවී විනාඩි 38 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 03 වනදින, සඳු දින රාත්‍රි 7 පසුවී විනාඩි 26ට නැ‍ෙගනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 04 වනදින, කුජ දින රාත්‍රි 7 පසුවී විනාඩි 44 ට නැ‍ෙගනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

අගෝස්තු මස 05 වනදින, බුද දින රාත්‍රි 7 පසුවී විනාඩි 42ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව වැව අද්දර දිගේ දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහලටවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2009 අගෝස්තු මස 06 වනදින ගුරු දින අලුයම 01 පසුවී විනාඩි 54 ට උතුරු දිශාභිමුඛව සිරිත් ප්‍රකාර ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමග පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලයන්හි පෙරහර ආපසු දේවාලයට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේතොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමද

දවල් පෙරහර

2009 අගෝස්තු මස 06 වැනිදින ගුරු දින දවල් 12 පසුවී විනාඩි 38 ට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ) මංසන්ධියට පැමිණ එදින සවස 2 පසුවී විනාඩි 24 ට දකුණු දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) පන්සල පාර, ඔස්සේ දේව වීදියෙන් රජවීදියට හැරී මාළිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට සවස 4 පසුවී විනාඩි 48ට ගෙවදීම ශුභ වේ යැයි දියවඩන නිලමේතුමාගේ නිවේදනයේ දැක්වේ.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි. 29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි. සිල් සමාදන් වීම ජූලි 28 වන දා  අඟහරුවාදා ය.

මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]