UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ධර්ම ශාන්ති ආධ්‍යාත්මික හමුවෙන්’ බෞද්ධ සංගීත නිර්මාණ රැසක් එළි දකී

සංගීත කලාවෙන් යමක් ඉටු කිරීමට උත්සාහ කිරීම ගැන කෙනෙක් අපට චෝදනා කළ හැකි යි. එහෙත් අපට ඒ විෂය මගින් හෝ අයහපතට යෙදෙන සමාජය ඉන් වළක්වාගෙන යහපතෙහි යෙදෙන මඟ හෙළි කළ හැකි නම්, එය කොතරම් යහපතක් ද?

මිනිස් සිත් සතන් දම් දියෙන් තෙමා මිනිස්කමින් පිරුණු ලොවක් තැනීමේ උතුම් අරමුණ පෙරදැරිකොට ලොවට මඟ කියන දහම් කතිකාවත එළි දැක්වීම හා බෞද්ධ විමුක්ති රසය තේමා කරගත් ගීත සයකින්ද අධ්‍යාත්මික සංහිඳියාවට මඟ පාදන භාවනාමය සංගීතයෙන්ද ඔපවත් වූ ධර්ම ශාන්ති අධ්‍යාත්මික හමුව ඉකුත්දා රාජගිරිය ගෝතමී උයන සදහම් සෙවණේදී පැවැත්විණි.

රාජගිරිය ගෝතමී උයන සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු පර්යේෂණායතන යේ කලා අංශයභාර බිබිලාදෙණියේ මහානාම හිමියන් විසින් එය සංවිධානය කරන ලදී. ඒ පිළිබඳ බිබිලාදෙණියේ මහානාම හිමියෝ මෙසේ පැවැසූහ.


බිබිලාදෙණියේ මහානාම හිමියන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූ සංයුක්ත තැටි දෙකක්.

‘භික්‍ෂූන් වහන්සේගේ මූලික අරමුණ, අපේක්‍ෂාව ග්‍රාමවාසීව හෝ අරණ්‍යගතව බණ භාවනා වඩමින් නිර්වාණාවබෝධය සඳහා කටයුතු කිරීම යි. එම උදාර අපේක්ෂාවේ නිරතවනවාත් සමග පවතින සමාජ රටාවේදී මේ සමාජයේ උන්නතිය උදෙසා මෙහෙවර සිදු කිරීමට අපේ හාමුදුරුවරු පෙළඹී සිටිනවා. එය විවිධ අංශ මගින් සිදු කැරෙන බව කල්පනා කළ යුතුයි.

දහම් දෙසුමට , පිරිත් දෙසුමට දක්ෂ විචිත්‍ර දේශකයන් වහන්සේ ඒ ඒ අංශයෙන් සමාජයට මහත් මෙහෙවරක් ඉටු කරනවා .’

‘මා කුඩා කල පටන් සංගීත අංශයට ඇලුම් කළා. ඒ නිසා සමාජ අයහපතකට නොව යහපත උදෙසා සංගීතය අංශයෙන් මා වඩාත් දක්ෂයකු යැයි සිතන නිසා ඒ අංශය මගින් සමාජයට මෙයෙවරක් කිරීමට එය තෝරා ගත්තා.

‘සමාජය ගමන් කරන්නේ, නව ආරකටයි. ‘හිපොප් ‘ කලාව ආදියෙන් සංගීතය යම් රැල්ලකට නැඹුරු වී තිබෙනවා. භික්‍ෂුවක් ලෙස ස්වකීය ජීවිතයේ සැඟවී තිබෙන කුසලතා සහ හැකියා මගින් සමාජයට යහපතක් කළ හැකි නම් ඒ මගින් හෝ සමාජයට යහපතක් කළ යුතු යි”

මහින්දාගමනයෙන් පසු අතීතයේදී අපේ රටට සූසැට කලාවක් පැමිණියා . කැටයම් චිත්‍ර, ගෘහ මූර්ති ශිල්පය , සාහිත්‍යය ආදීය විශේෂ යි. ඒ කලා අපේ, සමාජයට එකතු වුණා. ගස්, ගල්, පර්වත වන්දනා කළ පිරිසක් සාහිත්‍ය ආදිය ප්‍රගුණ කරමින් එම කලාවන්හි රස විඳීමට පටන් ගත්තා.

අපේ නව තරුණ පරපුර නිවැරැදි මාවතකට යොමු කරවීමට සාහිත්‍යය මෙන්ම සංගීතය ද මහෝපකාරී වනවා. එමගින් සමාජයට සහාය වීම අපේ යුතුකමක්.

සංගීත කලාවෙන් යමක් ඉටු කිරීමට උත්සාහ කිරීම ගැන කෙනෙක් අපට චෝදනා කළ හැකි යි. එහෙත් අපට ඒ විෂය මගින් හෝ අයහපතට යෙදෙන සමාජය ඉන් වළක්වාගෙන යහපතෙහි යෙදෙන මඟ හෙළි කළ හැකි නම්, එය කොතරම් යහපතක් ද?

සත්‍යයෙන් තොරවීම හෙවත් බොරුකීම මගින් සමාජයට බරපතළ හානියක් සිදු වනවා. ඇතැම් විට බොරුවක් කීමෙන් ජීවිත හානියක් පවා සිදුවන්නත් පුළුවන්. එහෙත් සත්‍යවාදී බව සමාජයට කොතරම් ශාන්තියක් උදාකර දෙනවාද?

මනුෂ්‍යයාගේ අධ්‍යාත්මික සුවය සඳහා භාවනාමය සංගීත කාණ්ඩ කීපයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා. අපේ සමාජයේ බොහෝ දෙනාට ගීත ශ්‍රවණය කර පුරුද්දක් තිබෙනවා. ඊට හොඳින් හුරුපුරුදු වී සිටිනවා. එහෙත් ගීත කොතෙක් ඇසුව ද උසස්, සංගීත නිර්මාණ අසා හුරු නැති බවයි අපගේ වැටහීම . ඒ නිසා උසස් රස වින්දනයක් ලැබීමට උසස් සංගීත නිර්මාණයක් බිහි කිරීම වැදගත් . ඉතින් පොදුවේ සමාජයට යහපත් නිර්මාණ කීපයක් දායක කිරීම යි අපේ අරමුණ,

‘සංසාර සංග්‍රාමය ‘ අරමුණ සංයුක්ත තැටියේ ගීත දාහතරක් ඇතුළත් වනවා. ඒ මෙරට භික්ෂූන් වහන්සේ නමක් සංගීත අධ්‍යක්ෂණය කර කරන ලද පළමු වන ගීත එකතුව යි. තනු නිර්මාණය, පටිගත කිරීම්, නාද මිශ්‍රනය සිදු කළා.

සංගීතය පිළිබඳ කුඩා කාලයේ සිට සහජ හැකියාවකින් කටයුතු කළා. නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයෙන් පස් වන වසර දක්වා අධ්‍යාපනය ලැබුවා.

1999 දී පැවිදි බිමට පත්වූ අතර, රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනින්ද පඬුවස්නුවර පණ්ඩුකාභය පිරිවෙනින් ද අධ්‍යාපනය ලබා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනින් අධ්‍යාපනය හැදෑරුවා.

බටහිර සහ පෙරදිග සංගීතය හැදෑරුවා. දිලුප් ගබඩාමුදලිගේ සහ ඩෙනිස්ටර් පෙරේරා යන ගුරු මහත්වරුන්ගෙන් එසේ සංගීතය හැදෑරුවා.

ඉන්දියාවේ ඒ. ආර්. රහුමාන් මහතා විසින් අරඹා ඇති අධ්‍යාපන ආයතනයේදී ශබ්ද ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට අපේක්‍ෂාවෙන් සිටිනවා.

‘සංසාර සංග්‍රාමය’ ට ගීත ගායනයෙන් අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා , ජගත් වික්‍රමසිංහ ,උරේෂා රවිහාරි , මීනා ප්‍රසාදනී, ශෂිනි මිදුනිකා, රවීන් කනිෂ්ක , සේනාංග දිසානායක, දයාන් විතාරණ, කීර්ති පැස්කුවල්, ප්‍රබෝධා කාරියකරවන , කපිල පූගලආරච්චි යන ශිල්පීහු හා ශිල්පීනියෝ සහභාගි වූහ.

පද රචනයෙන් ඉසුරු සඳකැලුම් , කුමාරදාස සපුතන්ත්‍රී, අජන්තා රණසිංහ, නිලාර්.එම්. කාසිම්, විමාලක මුහන්දිරම් , ධම්මික වසන්ත, වත්තේවැවේ ධම්මානන්ද හිමි, හේමනලින් කරුණාරත්න, හා සුනිල් ආර්.ගමගේ මහත්වරු දායක වූහ.

තනු නිර්මාණයෙන් කලාශූරී දිලුප් ගබඩාමුදලිගේ , විශාරද ඩෙනිස්ටර් පෙරේරා, දිනේෂ් සුබසිංහ යන මහත්වරුද තමා සමඟ එක් වූ බව බිබිලාදෙණියේ මහානාම හිමියෝ පවසති.

ප්‍රවීණ පද රචකයන්, ප්‍රවීණ ගායක ගායිකාවන් , ආධුනික ගායක ගායිකාවන් මේ සඳහා සහයෝගය දැක්වූවා. පටිගත කිරීම් සහාය, ප්‍රකාශ් බොස්කො මහතා විසින් ලබා දුන් බවද, මහානාම හිමියෝ පැවසූහ.

වනන්තරේ සිද්ධාර්ථ ලොකු හාමුදුරුවන්ට ස්තුතිය පිරිනමන බව ද උන්වහන්සේ කීහ. සමාජයේ විවිධ අදහස් ඇති අය ජීවත් වනවා. එසේ ඕනෑම අදහසක් දැරීමේ නිදහස ද තිබෙනවා. එහෙත් යම් දෙයකින් සමාජයට හානියක් නොව සේවයක් සිදුවනවා නම්, එමගින් සේවය කිරීම තම අරමුණ බව මහානාම හිමියෝ පැවසූහ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]