මල්වතු පාර්ශ්වයේ අනු නායක 
			දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් වෙත 
			සන්නස් පත්‍ර ප්‍රදානය 25 දා ජනාධිපතිතුමා අතින්
			කේ. බණ්ඩාරනායක 
			
			 
			මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ 
			අභිනව අනුනායක පදවියට කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පත්කොට වදාළ 
			මහෝපාධ්‍ය පණ්ඩිත දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිපාණන් 
			වහන්සේ ට ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපති විශ්වකීර්ති 
			ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර මහින්ද රාජ පක්‍ෂ මැතිතුමා අතින් ජූලිමස 25 
			වෙනි දින සවස තුනට (3.00) මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු කෙරේ. 
			ගිහි පැවිදි සම්භාවනීය උතුමන්ලා ඇතුළු රාජ්‍ය මැති ඇමැතිවරුන් 
			තානාපතිවරුන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තුමා ප්‍රධාන බස්නායක 
			නිළමේවරුන් සහභාගි වන රාජ්‍ය උත්සවයේ දී ජනාධිපතිතුමා අතින් ශ්‍රී 
			සන්නස් පත්‍ර ලබන පණ්ඩිත දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනා හිමිපාණන් වහන්සේ 
			ප්‍රධාන මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් 
			වහන්සේලා, මඟුල් මඬුවේ සිට පෙරහරකින් මහනුවර ඓතිහාසික මල්වතු මහා 
			විහාරය කරා වැඩමවා ගෙන යනු ඇත. 
			මෙදින සවස 05.30 ට විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවය 
			දායක සභාවේ මෙහෙයවීමෙන් මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක තිබ්බටුවාවේ 
			ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 
			පැවැත්වන අතර මෙදින රාත්‍රි අනුනායක හිමිපාණන්ට සෙත් පතා සර්ව රාත්‍රික 
			පරිත්‍රාණ ධර්මදේශනාවක් ද මල්වතු මහා විහාරයේ දී පැවැත්වේ.  
			ජූලි 26 වන දා දවල් මල්වතු පාර්ශ්වයේ මහ නා හිමි අනුනාහිමිවරු ප්‍රධාන 
			මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනැමේ. සවස 1.30 
			ට මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී මල්වතු අස්ගිරි අතිගරු මහා 
			නාහිමිවරු අනුනාහිමිවරු ප්‍රධාන කාරක මහා සංඝ සභාව වෙත විමලධම්ම 
			අනුනාහිමියන් විසින් ප්‍රසාද පූජාවක් ද පවත්වනු ඇත. 
			ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් 
			ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහනුවර නගරාධිපති එල්.බී. අලුවිහාරේ යන 
			මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දායක පිරිස මෙම පිළිගැනීමේ උත්සවය 
			සිදුකෙරේ.  
			මහනුවර ප්‍රධාන දිවයිනේ බෞද්ධ සමිති සමාගම් නියෝජිතයින් මෙන්ම මහා 
			සංඝරත්නය මෙම උත්සවයට සහභාගි වෙති. 
			   |