UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාන්ති පදනම මෙහෙයවන පිච්ච මල් පූජාව අනුරපුරදී 25 දා

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ එම පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝානායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් ගේ ආශිර්වාදයෙන් සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනම සංවිධානය කරන වාර්ෂික මහා පිච්චමල් පූජා මහෝත්සවය ජූලි 25 වනදා පස්වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු නාද මධ්‍යයේ පැවැත්වේ.

විසිවන (20) වතාවටත් පැවැත්වෙන එම මහා පුණ්‍යෙීත්සවයෙහි සුවිශේෂත්වයක් වනුයේ ත්‍රස්තවාදය පරාජයට පත්කර රට එක්සේසත් කළ ජනාධිපතිතුමන් ප්‍රධාන ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන්ට සෙත් පැතීමය .

එම මහඟු පුණ්‍යෙීත්සවය සඳහා මෙරට දස දෙසින් පැමිණෙන බැතිමතුන් සඳහා ජල විදුලි සෞඛ්‍ය ගමනාගමන හා ආරක්‍ෂක යන සියලුම පහසුකම් ලබාදෙන බව ශාන්ති පදනමේ සංවිධායක කීය. එම පිච්චමල් පූජාව වෙනුවෙන් බෞද්ධ ධජ දසදහසක් මහමෙවුනා උයන අලංකාර කිරීමත් රන්මැලි මහ සෑ රදුන් සම්පූර්ණයෙන්ම විදුලි බුබුළු වලින් ආලෝකමත් කරන අතර ඉතා දුර්ලභ ඝනයේ බුද්ධ ප්‍රතිමා වල අනුරූප බැතිමතුන්ට දැක ගැනීමට සහ වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

පින්කම සාර්ථකව පැවැත්වීමේදි එක් කාර්ය භාරයක් සඳහා එක් කමිටුවක් බැගින් සංවිධානය කටයුතු මෙහෙයවනු ලබයි.

වත්මන් රට තුළ පවතින නිදහස් හා සාමකාමී වාතාවරණය අනුව දස ලක්‍ෂයකට අධික බෞද්ධ හා අන්‍ය ආගමික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එම අයට ආහාරපාන සොයාගැනීමේ පහසුව උදෙසා අනුරාධපුර පූජා නගරය තුළ දන්සැල් පණස් දෙකක් (52) පැවැත්වෙන බවද සංවිධායක මණ්ඩලය සටහන් කරයි .

ජූලි 25 පස්වරු 3.00 ට පිච්ච මල් රැගත් පෙරහර ථූපාරාම චෛත්‍ය අසලින් පිටත් වී එම පෙරහර පස්වරු 4.00 ට උඩමළුවට ලඟාවනු ඇත.

පස්වරු 4.30 ට උඩමළුවේ පිච්චමල් ඇතිරීම සහ සුනාමි දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම හා හොරණ අසරණ පවුලකට නිවසක් පරිත්‍යාග කිරීම සිදු කිරීමෙන් පසුව පස්වරු 5.00 ට වන්දනා වැඩ සටහන පැවැත්වේ.

මෙදින රාත්‍රි 9.00ට ස්වර්ණමාලි මහ සෑ රදුන් ප්‍රදක්ෂිණා කරන මහා පෙරහර උඩමළුවේ සිට පිටත්වීමද රාත්‍රි 9.30 ට අටවිසි බුද්ධ වන්දනාව පැවැත්වේ. රාත්‍රි 10.00 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආරම්භ කරනු ලැබේ.

ජූලි 26 දින අළුයම 5.30 ට ස්වර්ණමාලි මහ සෑ රදුන් වෙත කිරිපිඬු බුද්ධ පූජාව පවත්වා උදේ 7.00 ට මහ සඟරුවන වෙත හීල්දානය පිරිනැමීම සිදුවේ. අනතුරුව පෙරවරු 8.00 භාවනා වාඩසටහනද පෙරවරු 10.30 ට වියලි සලාක පිරිනැමීමද සහ අභයදාන පින්කම ද පැවැත්වේ.

දවල් 11.00 ට මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.

මේ සඳහා ගෙන එනු ලබන සමන් පිච්ච , පොකුරු පිච්ච, ගැට පිච්ච යන මල් ජූලි මස 25 දින පස්වරු 2.00 ට පෙර රුවන්මැලි මහ සෑය අබියස පිහිටුවා ඇති ශාන්ති පදනමේ කාර්යාලයට භාර දෙන මෙන් සංවිධායකවරු ඉල්ලීමක්ද කරයි.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]