UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සෙත් පැතීමේ නෙළුම් මල් පූජාව 25 දා

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බුද්ධ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාතාක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන රජයටත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ටත් ආශීර්වාද පතා ජූලි 25 වනදා පස්වරුවේ වාර්ෂික නෙළුම් මල් පූජාව කතරගම කිරි වෙහෙර අබියසදී පැවැත්වේ.

තරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ද අනුග්‍රහයෙන් එම පින්කම සිදු කැරේ.

බොරැල්ලේ අතුල නාහිමියන්ගේ පැවිදි දිවියේ වස් 25 ක් සපිරීමද වාර්ෂික නෙළුම් මල් පූජාවේ 25 වන වර්ෂය සපිරීම ද මෙවර නෙළුම් මල් පූජාවේ විශේෂත්වයකි.

මෙයට පෙර වසරවලදී එම නෙළුම් මල් පූජාව ශ්‍රී දළදා මාලිගාව, කැලණි රාජ මහා විහාරය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහ සෑය, ථූපාරාමය, මිරිසවැටිය, මහියංගනය, මුතියංගනය, සේරුවාවිල, කතරගම ආදී පූජනීය ස්ථානවලදී සිදු කැරුණු බවද අතුල නාහිමියෝ පැවැසූහ.

වාර්ෂික නෙළුම් මල් පූජාවෙන් අනතුරුව ජූලි 25 වන දා රාත්‍රී කතරගම පුද බිමේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුදා උදෑසන කිරි ආහාර පූජාව ද දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවද පිරිනැමේ.

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]