UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධගයා වඳින්න රජයේ සේවකයන්ට ගුවන් ටිකට් පත් පහසු ගෙවීමේ ක්‍රමයට

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන්ට බුද්ධගයා වන්දනා කිරීම සඳහා ගුවන් ටිකට් පත් පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදීමට මිහින් ලංකා ආයතනය සූදානම් වෙයි. මාසික වාරික හයකින් ගෙවෙන අයුරෙන් මේ පහසුකම රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට ලබා දිය යුතු බවට මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ අදහසකට අමාත්‍යාංශය අනුමැතිය හිමිව තිබේ. මසකට රුපියල් 5250 බැගින් වන වාරික යටතේ මේ පහසුකම් ලබාදීමට නියමිත අතර ප්‍රාදේශීය ලේකම්වරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය සමඟ පළමු වාරිකය ගෙවූ වහාම ගුවන් ටිකට් පත් ලබා දේ. විශ්‍රාමිකයන්ට එක් ගුවන් ටිකට් පතක් පමණක් ලබාගත හැකි අතර රාජ්‍ය සේවකයන්ට තම වැටුප් ප්‍රමාණය අනුව ටිකට් පත් එකකට වැඩි ප්‍රමාණයක් ලබාගත හැක.

විශ්‍රාමිකයන් ලබාගන්නා ටිකට් පත අදාළ විශ්‍රාමිකයාට පමණක් සීමා වන අතර රජයේ සේවකයා ලබාගන්නා ටිකට් පතෙන් වෙනත් අයකුට වුව බුද්ධගයා වෙත යාමට පුළුවන. මෙසේ ගෙවීමේ ක්‍රමයට ලබා දෙන්නේ ටිකට් පත පමණක් වන අතර අනෙකුත් ප්‍රවාහන කටයුතු ඉඳුම් හිටුම් අදාළ පුද්ගලයා විසින් සපයා ගත යුතු වේ. එසේ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුදුසු සංචාරක මාර්ගෝපදේශන පහසුකම් සපයන ආයතන සොයාගැනීමට උපකාර, මග පෙන්වීම් කිරීමටත් මිහින් ලංකා සූදානමින් සිටී. රට වෙනුවෙන් සිය වටිනා ශ්‍රමය කැප කළ හා කැප කරන විශ්‍රාමිකයන් හා රාජ්‍ය සේවකයන්ට කෘත ගුණ සැළකීම වෙනුවෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මිහින් ලංකා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පැවැසීය.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]