UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අටවිසි බුද්ධ වන්දනාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස 27 දා

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක ත්‍රිපිටකධරාචාර්ය, මහා කර්මස්ථානාචාර්ය නා උයනේ අරියධම්ම නා හිමියන් ගේ මූලිකත්වයෙන් ස්වර්ණමාලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් ඇතුළු පූජනීය මහා සංඝ රත්නයේ පුර්ණ ආශිර්වාදය හා අනුශාසනා පරිදි මෙම මස 27 වන දින සුවිශේෂ පුණ්‍යකර්මයක් පැවැත්වීමට අරියමග්ග සංවිධානය කටයුතු කර ඇත. ලොව පහළ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අසීමිත ඤාණස්කන්ධය අසීමිත ගුණස්කන්ධය වන්දනා කරමින් 28 නමක් වූ ශ්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ජීවමානව වැඩ සිටිතැයි අරමුණු කරමින් අෂ්ඨ පරිෂ්කාර ඇතුළු අනෙකුත් පූජාවන් පවත්වමින් අසමසම බුදුරජාණන් වහන්සේලා දේශනාකොට වදාල උතුම් සද්ධර්මය අපටද අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමින් අතිපූජනීය මහා සංඝරත්නය පෙරටු කොටගෙන එම පූජාව පැවැත්වේ.

කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ පුජාව සහ මල් ආසන සහ මුතු කුඩ ආවරණ පූජාව , ඉතිහාස පුවරු අවට භූමිය සැකසීම සහ ආලෝකවත් කිරීම, කොත් කැරැල්ලේ සිට පේසා වළලු දක්වා බෞද්ධ කොඩියක් ලෙස පවත්වනු ලබන සුවිශේෂ විදුලි ආලෝක පූජාව සහ වෙනත් ආලෝක පුජා, ධර්ම ග්‍රන්ථ , ධර්මදේශනා ඇතුලත් සංයුක්ත තැටි (ඛ්ච්) සහ වෙනත් ධර්ම දානමය පූජා , බුදුරජාණන් වහන්සේ වන්දනා කරන නමස්කාර පාඨ සහ ධම්මපද ගාථා කොඩි පූජා, මහා දානමය හා සංඝෝපස්ථාන පින්කම් සහ දන්සැල්, අටපිරිකර දැහැත්, බෙහෙත්, අෂ්ඨපාන ගිලන්පස, සුවඳ දුම් සහ මල් පූජාව සහ අනිකුත් පිරිකර පූජාව ද සිදු කැරෙන බව අරියමග්ග සංවිධානය කියයි.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]