UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෛත්‍රී බෝසතාණෝ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් විවරණය එනම් අවසාන විවරණය ලබාගත්තේ සංකස්ස නුවරදී, සිරි වඩ්ඩන නම් කුලයෙහි උපත ලබා සිටියදීය. එසේම ගෞතම බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කොට දෙවියන්ගේ පෙරහරින් මිහිමත පා තැබුයේද (දේවාවරෝහණය) සංකස්ස නුවරදීය.

සංකස්ස නම ඇසෙන විට බෞද්ධ ජනයාට ඇතිවන්නේ ඉමහත් සංතෝෂයකි. එයට හේතුව වත්මන බොහෝ දෙනා පින් දහම් කරනුයේ මෛත්‍රී බුදුන් වහන්සේ හමුවේ නිවන් දැකීමටයි. මෛත්‍රී බෝසතාණෝ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් විවරණය එනම් අවසාන විවරණය ලබාගත්තේ සංකස්ස නුවරදී, සිරි වඩ්ඩන නම් කුලයෙහි උපත ලබා සිටියදීය. එසේම ගෞතම බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කොට දෙවියන්ගේ පෙරහරින් මිහිමත පා තැබුයේද (දේවාවරෝහණය) සංකස්ස නුවරදීය. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවතුන් අතර අගතැන්පත් භාවයට පත් කළේද, දෙවියන් මිනිසුන් දෙපිරිසගේ දර්ශනය සිදුවන ලෝක විවරණ නම් මහා ප්‍රාතිහාර්ය සිදුවූ අවිජහිත ස්ථාන අතරිනිදු එකක් වන්නේද මෙම ශ්‍රේෂ්ඨ පින් බිමයි. වසර සිය ගණනක් වල්වැදී පැවති මෙම ඓතිහාසික පින් බිම ලාංකීය ශ්‍රේෂ්ඨ යතිවරයකු වූ පණ්ඩිත මඩබාවිට විජයසෝම හිමියන් හඳුනාගෙන කාලයක් එහි වැඩ වෙසෙමින් පාසලක් ආරම්භ කර පැරණි ස්තූපය සමීපයෙහි කුඩා ස්තූපයක් ද ගොඩ නැගූහ. උන්වහන්සේගෙන් පසු නැවතත් මේ ස්ථානය වන්දනාකරුවන්ට පවා යා නොහැකි පරිසරයක් ගොඩ නැගුණේය.

එහෙත් 1996 වසරේදී ආචාර්ය ජුලම්පිටියේ ශ්‍රී ඤාණරතනාභිධාන භාරත දේශයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේ සතු විශ්වවිද්‍යාල ගුරු පදවියත් එංගලන්තයේ තමන් සතු විහාරස්ථානයත් අතහැර මෙම කටුක දුෂ්කර ප්‍රදේශයට පැමිණ වත්මන් දියුණුවේ අඩිතාලම ඇරඹූහ. වසර කීපයක් යනවිට කාමර දෙකකින් ආරම්භ කළ මෙම දේවාවරෝහණ මෛත්‍රී බුද්ධ විහාරය විහාර මන්දිර බෝධී රෝපණ පවුරු පදනම් ආදිය නිම කොට වන්දනාවේ එන දෙස් විදෙස් බැතිමතුන් දහසකට එක්වර සුව පහසුවෙන් ගත කිරීමට සුදුසු ඉඩකඩ ඇති විශ්‍රාම ශාලා ආදී අංග රාශියක් නිම කළහ. මේ අයුරින් බොදු ජන චිත්තාකර්ෂණයෙන් සම්භාවිත සංකස්ස පුදබිමේ සියලු විහාරාංගයන් අඩුවක් නොකොට සම්පූර්ණ කළ උන්වහන්සේ තිබූ එකම අඩුව වූ චෛත්‍ය රාජයන් වහන්සේ හෙළ කලාකරුවන් අතින් නිමාවට පත්කර සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ නිමකොට එහි කොත් පැළැඳීමේ පුණ්‍ය මහෝත්සවය මෙම ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී. ධර්මාශෝක යුගයෙන් පසු භාරතීය ගෘහ නිර්මාණ කලා ශිල්පාදියෙහි නව නැම්මක් කනිෂ්ක කුෂාණ රාජ සමයන්හි ඇතිවිණි. ඉන්පසු මෝගල්වරුන්ගේ විනාශකාරී ක්‍රියා පිළිවෙතෙන් පසු බෞද්ධ සංස්කෘතියේ දියුණුවක් එහි ඇති නොවීය. ශතවර්ෂ ගණනාවකින් යළි අනගාරික ධර්මපාලතුමන්ගේ භාරතාවතරණයෙන් පසු ක්‍රමයෙන් ප්‍රබෝධමත් වෙමින් ආ භාරතීය වත්මන් බුදු සසුනේ අග්‍රඵලයක් ලෙස සංකස්ස නවෝදය හැඳින්විය හැකිය. සියල්ල නිමවා ඇති චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත් පැළඳවීමත් තිස්පෑහතේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමත් මේ වසරේ ඔක්තෝබර් මසදී මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සම්භාවනීය පැවිදි ගිහි උතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොත් වහන්සේ නිරාවරණය කිරීමත් කඨින පින්කමත් යන සියලු පින්කම් කටයුතු සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇති අතර විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනා යටතේ සිදු කරනු ලැබේ. ඉන්දු ශ්‍රී ලංකා දෙරටෙහිම සහභාගීත්වය මත සිදු කරන මෙම මහඟු අවස්ථාවට සහභාගී වීම පින් කැමති සැමදෙනාගේම ජීවිතයේ වටිනා අවස්ථාවක් සනිටුහන් කෙරෙන බව සඳහන් කළ යුතුව ඇත.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]