UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක සානුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් සුනේත්‍රාරාමාධිපති ශාස්ත්‍රපති ඇලිකේවෙල සීලානන්ද හිමියන් වෙත ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ඤාණරතන’ ගෞරව නාමය සහිත කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිණි.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් විසින් ඇලිකේවෙල සීලානන්ද නා හිමියන් වෙත එම සන්නස් පත්‍රය පිරිනැමූ අවස්ථාව.

මුණමල්දෙනිය ශ්‍රී පුෂ්පාරාමයේ නව චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එම සෑ රදුන් වෙත මල් පූජා කරනු පිණිස කුසලධම්ම නා හිමියන් චෛත්‍යය පැදකුණු කළ අවස්ථාව මෙම ඡායාරූපයෙන් දැක්වේ. පුෂ්පාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත නෙලිබෑවේ පඤ්ඤාසාර හිමියෝද ඡායාරූපයේ වෙති. මූණමල්දෙනිය එම්. මුණසිංහ මහතා විසින් සිය ධන පරිත්‍යාගයෙන් එම අභිනව චෛත්‍ය තනවනු ලැබීය.
ඡායාරූපය - කුලියාපිටිය විශේෂ ඩබ්ලිව් .රණසිංහ

ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලද අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික චාරිකාරාමාධිපති හා නෙල්ලිකුලම ත්‍රිපිටක ධර්මායතන විදර්ශනා පිරිවෙනේ පරිවේනාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභ ධීරානන්දාභිධාන, රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධා රංසි නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් පසුගියදා අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එහිදී උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා අභිනව නාහිමියන් වෙත අක්තපත්‍රය පිළිගැන්වූ අයුරු.
ඡායාරූපය - සේනපුර ඩී.නිශ්ශංක අනුරාධපුර නැගෙනහිර සමූහ

කෝට්ටේ, ඇතුල් කෝට්ටේ ශ්‍රී පැරකුම් විහාරස්ථානයේ අභිනව දාන ශාලාව පසුගියදා විවෘත කරන ලදී. නව දාන ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් සියක් නමක් මහ සඟරුවන උදෙසා දානමය පින්කමක් විහාරස්ථ දායක සභාවේ සභාපති රියන්සි ටී.විජේතිලක මහතා ඇතුළු දායක සභාව විසින් පවත්වන ලදී බෙල්ලන ශ්‍රී ඥාන විමල මහ නාහිමි.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ආචාර්ය, ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි, දවුල්දෙන ඥානිස්සර මහ නාහිමි කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, ඇලිකේවල සීලරතන හිමි, පැරකුම්බා විහාරාධිපති අත්තිඩියේ ධර්ම ශ්‍රී නාහිමි ඇතුළු මහා සංඝරත්නය දානමය පින්කමට සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය – නිරන්ජන් කොන්තසිංහ

 

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]