UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

31 දා විවෘත කැරෙන කලත්තෑව සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 


කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනුරාධපුර නුවර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඉදි කරන ලද කලත්තෑව සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මෙම මස 31 වන දින විවෘත කැරේ.

කලත්තෑව සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ නා හිමියන් මහ නුවර රඹුකේවෙල ග්‍රාමයේ සීලවතී මෑණියන්ට සහ ගොඩගෙදර පියාණන් හට දාව උපන් කුමරු රඹූකේවෙල පරාක්‍රම විදුහලේ ඉගෙනුම ලැබූහ. වසර 11 දී ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිය ලබා ගත්හ. අනතුරුව ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනෙහි ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී සිංගප්පූරු ශ්‍රී ලංකාරාමයට වැඩම කරන ලදී.


සමාධි බෞද්ධ
මධ්‍යස්ථානාධිපති,
ශාස්ත්‍රවේදී ආචාර්ය
රඹුකේවෙල ඤාණසීහ හිමි

ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ හිමියන් සිංගප්පූරුවේ සමාධි බෞද්ධ ආයතනය මහනුවර වට්ටාරන්තැන්නේ සමාධි සංස්කෘතික කේන්ද්‍රය සහ අනුරාධපුර කලත්තෑව සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපතීන් වහන්සේය. ඉහත කී ආයතනයන්හි ආරම්භකයාණන් ද වන්නේ උන්වහන්සේය.

1978 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද, 1989 දී පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් බෞද්ධ අධ්‍යයන සම්බන්ධව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද, 2005 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳව ආචාර්ය උපාධියද ලබා ඇත. 25 වසරකට අධික උන්වහන්සේගේ විදේශීය ධර්ම ශාස්ත්‍රීය සේවාවේ උත්කෘෂ්ඨ ප්‍රතිඵල වශයෙන් Buddhist Rituals , Dana, Chanting and the Transference of merits and Buddhist concept of assimilatio  ද ආදි ග්‍රන්ථ සමූහයක් ප්‍රකාශයට පත් වී ඇත.

උන්වහන්සේ විසින් “වන්දනාමාන “ “ භික්‍ෂුප්‍රාතිමෝක්‍ෂය “ ආදී ධර්ම ග්‍රන්ථ ශ්‍රී ලංකාවේදී ප්‍රකාශයට පත් කර නොමිලයේ බෙදා දී ඇත.

වසර 25 ක් සිංගප්පූරුවේ වැඩ වාසය කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු කරමින් ශාසනික සේවාවක් සිදු කරන ලදී. ආචාර්ය ඤාණසීහ නා හිමියන් කරන ධර්ම කටයුතු කෙරෙහි පැහැදුණු එම ජනතාව පරිත්‍යාග කළ සියලුම දෑ පෞද්ගලික පරිහරණයට නොගෙන එම මුදල්, භාණ්ඩ එක්රැස් කර මහනුවර වට්ටාරතැන්නේ සමාධි සංස්කෘතික කේන්ද්‍රය සාදවා පූජා කරන ලදී.

උන් වහන්සේ කලැත්තෑව අසල ඉඩමක් මිලදී ගත්තේය. අද වන විට එම ස්ථානයේ මහල් 03 කින් යුක්තව දර්ශණීය විහාර මන්දිරයක් සහ එක් වර ස්වාමින් වහන්සේ දහස් නමකට එකවර අසුන්ගෙන දානය ගැනීමට හැකි වන පරිදි අංග සම්පූර්ණ විහාරස්ථානයක් සාදා නිම කර ඇත.

 

චීනය, කාම්බෝජය, සිංගප්පූරුව ආදි රට රටවල බුදුදහම හා බැඳුණු එම රටවල භාවිතා කරන පිළිම - චිත්‍ර – මූර්ති - සැරසිලි ආදියෙන් විචිත්‍රවත් කර ඇත. එම විහාර ගෙය වර්ග අඩි 18000 කි. මෙම විහාර ගෙය තුළ ටොන් 4 1/2 ක් බරැති කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව බුරුම රටෙන් වැඩමවා ඇත. එම පිළිමය විහාර මන්දිරයට මහත් වූ තේජාන්විත බවක් ලබා දී ඇත. මෙම විහාර මන්දිරයේ පඩි පෙල අසූ හතකි. බිත්ති සැරසිලි සඳහා රත්නමාලි යන්ත්‍ර රාජයාණන් , රහතන්වහන්සේලාගේ අනු රූ සේද වලින් නිම කළ සැරසිලි අලංකාර ගැන්වී ඇත.

එම බෞද්ධ මධ්‍යස්ථානය මඟින් අනුරාධපුර අවට මෙන්ම ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන්ට ලෝකයේ පවතින බෞද්ධ කලාව හදුන්වා දීම, නොමිලයේ ඉංගී‍්‍රසි සහ පරිඝනක දැනුම ලබා දීම බෞද්ධ , අබෞද්ධ දරුවන්ට බෞද්ධ ධර්මය පිළිබඳව දැනුමක් ලබා දීම ඉංගී‍්‍රසි භාෂාවෙන් දහම් දැනුම ලබා දීම, නිදහසේ පිරිසුදුව දරුවන්ට රිසි පරිදි ආගම ධර්මය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ නා හිමියන්ගේ අරමුණ වී ඇත.

එම විහාර මන්දිරයේ කුඩා ප්‍රමාණයේ ඝණ්ඨාර 108 ක් ඇත. කිලෝග්‍රෑම් 108 ක් බරැති තවත් ප්‍රධාන ඝණ්ඨාරයක් ද ඇත. මැයි 31 වන දින රාත්‍රි උතුරු මැද පළාත් ආඥාපති සනත් කරුනාරත්න මහතාගේ උපදෙස් පරිදි රණවිරුවන් 108 දෙනකු විසින් එම ඝණ්ඨාර විවෘත කරමින් ඝණ්ඨාර 108 වාරයක් නාද කරමින් “ ඉතිපිසෝ “ ගාථාව 108 වාරයක් සජ්ඣායනා කරමින්, අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රට වැසි සැමටත් රණවිරුවන් සියලු දෙනාටත් ආශිර්වාද කිරීමේ ආශිර්වාද මහා පින්කමක්ද සංවිධානය කර ඇත.


කලත්තෑව සමාධි බෞද්ධ මධ්‍යස්ථානය

මැයි මස 31 වන දින සවස 2.00 ට එම සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා මල්වතු විහාරවාසි ශාස්ත්‍රපති නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පණ්ඩිත උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරි නිවාස නා හිමියන් ඇතුළු දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ජාතිය ගොඩ නැගීමේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන , උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක , උතුරු මැද පළාත් ආඥාපති සනත් කරුණාරත්න යන මහත්වරුන් සමග ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද සහභාගි වීමට නියමිතය.

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]