UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගමින් ගමට දහම් සිසිල චාරිකාව

නිදහස් දේශයක් මෙන්ම සාමකාමී ශ්‍රී ලංකාවක් උදෙසා අභීතව පෙරමුණ ගත් වීරෝදාර රණවිරුවන් උතුරු නැගෙනහිර වියරු වූ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමෙන් ලද ජයග්‍රහණ සමරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ටම සෙත්පතා ලක්ෂ වාරයක් සජ්ඣායනා කළ ජය පිරිත නැවත නැවත සජ්ඣායනා කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් පැන් සහ පිරිත් නූල් මහජනතාවට සහ විශේෂ ප්‍රභූවරුන් වෙත බෙදාදීමේ මහා පින්කම සිදු කරමින් මැයි 25 වනදා ඇරැඹුණු ධර්ම චාරිකා පෙරහර ජුනි 2 වනදා දක්වා පැවැත්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියේ පූර්ණ දායකත්වය ඇතිව කෙරෙන එම ගමින් ගමට දහම් සිසිල ධර්ම චාරිකාව ජනාධිපති මහජන සම්බන්ධතා අංශය මගින් ක්‍රියාත්මක කැරේ.

ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාදය කිරීම පිණිස රතන සූත්‍රය මාසයක් පුරා සජ්ක්‍ධායනා කිරීමෙන් අනතුරුව රතන සූත්‍රය සජ්ක්‍ධයනා කරමින් රට පුරා චාරිකා කිරීමේ වැඩසටහන ඉකුත් 25 වනදා ඇරැඹිණි.

ඒ අනුව පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයෙන් ඇරැඹුණු එම ගමින් ගමට දහම් සිසිල ආරම්භක උත්සවයෙන් පසු කළුතර බෝධිය, අලුත්ගම කන්දේ විහාරය, පැරැලිය, බටදූව, ගාල්ල නාවික හමුදා කඳවුර, මාතර බෝධිය, දෙවිනුවර ශ්‍රී‍්‍ර විෂ්ණු දේවාලය, තංගල්ල, හම්බන්තොට, තිස්සමහාරාම රජමහා විහාරය, වීරවිල කතරගම, වැලිහෙපොළ , සියඹලාණ්ඩුව, ඉඟිනියාගල, අම්පාර, මහඔය, මහියංගණ රජමහා විහාරය, දෙහිඅත්තකණ්ඩිය, මනම්පිටිය, පොළොන්නරුව, මින්නේරිය, හිඟුරක්ගොඩ , කැකිරාව, අනුරාධපුරය ඔස්සේ මෙම 31 වනදා යාපහුව රජමහා විහාරය, කුරුණෑගල ඇත්කද විහාරය, දඹුල්ල, මාතලේ, මහනුවරද ජුනි 1 වනදා ශ්‍රී‍්‍ර දළදා මාලිගාව, මාවනැල්ල රජමහා විහාරය, කෑගල්ල රජමහා විහාරය, බුලත්කොහුපිටිය, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර සමන් දේවාලය, කරවිට ඉසිපතනාරාමය, කලවාන පන්සල සහ මතුගම ශ්‍රී සුදර්ශනාරාමය වෙත ගමින් ගමට දහම් සිසිල වැඩසටහන චාරිකා කැරේ.

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]