UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 මාතලේ ඇඹිල්ල රජ මහා විහාරය : මාතලේ නගරයේ සිට හුලංගමුව පාරේ කි.මී. 1 ක් පමණ ගොස් මෙම පෞරාණික විහාරස්ථානයට පිවිසිය හැක. මෙය දෙවනපෑතිස් රාජ්‍ය සමයට අයත් යැයි කියැවේ. අලුවිහාරයේ සංගීතිකාරක මහරහතන් වහන්සේලාගේ විවේකස්ථානයක් වශයෙන්ද මෙම සිද්ධස්ථානය ප්‍රයෝජනයට ගත් බවක් ද කියැවේ. විහාර මන්දිරය තුළ සිතුවම් කර ඇති වෘෂභ කුඤ්ජර (ඇත් ගව) රුව බොහෝ අවධානයට ලක් වූ විශේෂිත සිතුවමකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

විගමුව ගිරි අබා රජමහ විහාරය

මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් වේ. ජනවහරට අනුව විගමුව ගිරි අබා රජ මහ විහාරය කාවන්තිස්ස රජුගේ මස්සිනා කෙනකු වන ‘ගිරි අබා’ නම් ප්‍රාදේශීය රජකු විසින් කරවන ලද බව පැවසෙතත්, බෝධිවංශ සඳහනකට අනුව මෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපනය කර ඇති හෙයින් මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය කරා දිව යන්නේ ය. මාතර – කතරගම මාර්ගයෙහි රත්න සිට වීරකැටිය මාර්ගයෙහි කිලෝමීටර් 03 ක් පමණ ගිය තැන මෙම විගමුව ගිරි අබා රජමහා විහාරය පිහිටා ඇත. මෙම ප්‍රදේශයට ‘විගමුව‘ යන නම ලැබී ඇත්තේ කාවන්තිස්ස රජු සමයේ ගිරිනුවර (ගිරුවාපත්තුව) රජුට අයත් වී කොටස් එකතු කරන ලද ස්ථානය, වශයෙන් බව ජනවහරේ සඳහන් ය.

ඉතිරිය»

බක් අව අටවක පෝය

අප්‍රේල් 17 වන දා සිකුරාදා පූර්ව භාග 05.51 ට ලබයි.18 වන දා සෙනසුරාදා පූර්ව භාග 08.20 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අප්‍රේල් 17 වනදා සිකුරාදාය.

මීළඟ පෝය අප්‍රේල් 24 වනදා සිකුරාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]