UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කැස්බෑව , හොන්නත්තර දකුණ, කෙත්සිරි උයනේ අංක 48/07 නිවසේ පදිංචි එම්.ජී. විමලසේන මහතා (52 වියැති) දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්, බී පොසිටිව්, බී නෙගටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍ය නිගමනය වේ. මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ඉහත ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 011 - 2702070 දුරකථනඅංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ භාර්යාව වන ටී.රංජනී වසන්තා මහත්මිය ඉල්ලීමක් කරයි.

ශල්‍යකර්මය සඳහාද විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා ලංකා බැංකුවේ පිළියන්දල ශාඛාවේ 3134149 ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.


640/4 ඇස්වත්ත දකුණ පුවක්පිටිය පදිංචි බී.ශ්‍යාමලී දමයන්ති මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර වයස අවුරුදු 38 ක් වන අතර ඇය දෙදරු මවකි.

ඇය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන අතර “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියති. ඇයගේ ජීවිතය රැක ගැනීමට වකුගඩුවක් ලබාදීමට කැමති හිමි නමක් හෝ ගිහි පින්වතකු වේ නම්, ඇස්වත්ත පදිංචි ඇයගේ නිවසේ 060 2365729, 035 – 2289391 යන දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරයි. ඇයට ආධාරයක් කරන පින්වතකු අවිස්සාවේල්ල මහජන බැංකුවේ, ගිණුම් අංක 029- 200183616969 යටතේ එවන ලෙස ඉල්ලා සිටියි.


කොළඹ 10 ටී.බී. ජයා මාවතේ, අංක, 421/19, නිවසේ පදිංචි නිල්මිණි දයානන්ද මහත්මිය ගේ වකුගඩු යුගලය අක්‍රීය වී ඇති බැවින් ඇයට ඉතා ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රධානි වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන අතර ඇගේ සැමියා වන උපාලි චන්ද්‍රසිරි මහතා පරිත්‍යාගශීලීයෙකුගෙන් වකුගඩුවක් අපේක්‍ෂා කරයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති ස්වාමීන් වහන්සේ නමක් හෝ වෙනත් අයකු ඉදිරිපත් වන්නේ නම් මෙහි පහත සඳහන් දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ. එම දුරකථන අංක මෙසේ ය. 0785793386, 0785412958, 0755036176


දොඩන්ගහහේන, අංක 119 ජාතික නිවාස, ගොතටුව නවනගරය ලිපිනයෙහි පදිංචි සෙම්බුකුට්ටි ආරච්චිගේ ඉන්ද්‍ර උබේසේන මහතා (53) දැඩි වකුගඩු රෝගී තත්ත්වයකින් පසුවන බැවින්, ඒ සඳහා ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසා මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු හෝ හිමිනමක් වෙතොත් ඉහත ලිපිනයට හෝ පහත සඳහන් දුරකථන අංකයට 0602140017 දන්වන්නැයි ඉල්ලීමක් කරයි.


දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිගමනය වේ. එම රෝගියා සුවපත් කරගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් 077-8072650 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


ලලිත් ද සොයිසා මහතා උපාධිධාරියකු වන අතර, 42 හැවිරිදි ඔහු විවාහකයකු බවත් කියයි. දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් හෝ බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් 011- 4854846 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම රෝගියාගේ සොයුරු නිශාන්ත ද සොයිසා මහතා ඉල්ලා සිටී.ශල්‍ය කර්මය සඳහා ද විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා සීදුව කොමර්ෂල් බැංකුවේ 8640013281 දරණ ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.


අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ජී.ඩබ්. ඇලන් රීටා ෆොන්සේකා තිදරු මවට හදිසි සැත්කමක් සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධකළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පරිත්‍යාගශීලින් දුරකථන අංක 077 3360685, 0777622206, 011 4577101 හෝ නො. 71/4, සෙත්තප්පාඩුව, පමුණුගම ලිපිනයට දැනුම් දීම කරන ලෙස දරුවන් ඉල්ලීමක් කරයි.


ප්‍රකට වේශ නිරූපණ ශිල්පියකු ලෙස 1984, 1986, 1987 ජනාධිපති සිනමා සම්මාන ද 1989 සරසවි සම්මානය ද 1992 ස්වර්ණ සංඛ සිනමා සම්මානය ද ඇතුළු අග්‍රගණ්‍යයේ සම්මාන රැසක් ලද රංජිත් මතඟවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බවත්, ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ ලේ ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බවත් වෛද්‍යවරු පවසති. ඔහුට වකුගඩුවක් ලබාදීමට කැමැති අයකු වෙතොත් 0112849834 හෝ 0774989225 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරෙයි.

 

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]