UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ පෝ දින පින්කම්

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී බක් පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් ශීලභාවනා පින්කම් රැසක් පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8 – 9 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන, 09.15 - 10.15 දහම් දෙසුම පණ්ඩිත නෙලුවා කන්දේ ඤාණානන්ද හිමි, 10.15 – 11.00 දවල් ආහාර සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.30 – 1.00 සෙත් පිරිත් සජ්ක්‍ධායනාව විමලදාස පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 – 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2 – 3 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල නාහිමි, 3.00 – 3.45 තලල්ලේ සිරිමහින්ද නාහිමි මෙහෙයවන භාවනාව, 4.30 – 5.30 දහම් දෙසුම ආටිගල අමිතදේව හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 7.00 – 07.30 ගිලන්පස මල් පහන් සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, රාත්‍රී දහම් දෙසුම 07.45 – 08.45 දෙමටගොඩ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමියන් විසිනි.

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]