UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදින් පුන් පෝදා පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මැදින් පෝදා තරුණ සීල සමාදාන පින්කම මෙසේ ය. එදින පෙරවරු 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 8 – 9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 විශේෂ දේශනය, මාධ්‍යවේදී චන්දන ගුණවර්ධන මහතා 10. 11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ මහවත්තේ පාසාදික හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව පානදුරේ පසන්න හිමි, 2 – 3 ධර්ම දේශනාව ත්‍රිපිටකවේදී පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර මාහිමි, 3 – 4 ධර්මදේශනාව ආචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි, 4.15 – 5.00 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව ඇමරිකාවේ වොෂිංටන් බෞද්ධ විහාරවාසී තන්තිරිමලේ මහානාම හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම, හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මැදින් පෝදා වැඩිහිටි සීල සමාදාන පින්කම මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීලසමාදානය, අනුශාසනාව හා බුද්ධ පූජාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8 –9 භාවනාව, හක්මන සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව, මාවරලේ භද්දිය හිමි, 10 – 11 අභිධර්ම කථාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව, කණංකේ ධම්මික හිමි, අකුරැස්සේ ධම්මරතන හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ එච්. සෝමානන්ද හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධම්මපදය පාණදුරේ පසන්න හිමි, 3 – 3.45 ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ශ්‍රී ඤණරතන මහ නා හිමි, 4 – 5 ධර්ම දේශනාව, උයන්වත්තේ ඤාණාලෝක නා හිමි, 5 – 6 ධර්ම දේශනාව යටිරාවන ධම්මාරාම හිමි, 6 .00 – 6.30 බෝධි පූජාව, හක්මණ සුමනසිරි හිමි.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේදී මැදින් පුර පොහෝදා දවස පුරා ශීල භාවනා පින්කම් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 - 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ් වප්ප හිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 - 9.00 ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 - 10.15 ධර්ම දේශනාව ඇතිරියේ සමිති හිමි, 10.15 - 11.00 දවල් ආහාර සම්බුද්ධ පූුජාව තලල්ලේ මහින්ද නාහිමි මෙහෙයවයි. 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ක්‍ධායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1.00 - 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2.12 - 3.00 භාවනා වැඩසටහන තලල්ලේ මහින්ද නාහිමි, 3.15 - 4.15 දහම් දෙසුම මන්දාරම් නුවර පඤ්ඤානන්ද හිමි, 4.30 - 5.30 දහම් දෙසුම මීරගහවත්තේ පඤ්ඤසිරි හිමි , 6.00 සිල් පවාරණය , 7.00 - 7.30 ගිලන්පස මල්පහන් සම්බුද්ධ පූජාව තලල්ලේ ධම්මදේව හිමි, 7.45 - 8.45 රාත්‍රී විශේෂ දහම් දෙසුම රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි පවත්වනු ලැබේ.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේදී අළුයම 5.30 ට විශේෂ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6 දිට පස්වරු 6 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8 - 9 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක්ද, 9 - 10 ඉත්තදෙමලියේ වනරතන හිමියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද වේ. 10 - 11 මීගොඩ උත්තරා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයෙන් අනතුරව, 11ට දහවල් බුද්ධ පූජාව පැවැත්වේ. පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනයෙන් අනතුරුව 1 - 2 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයකි. 2.15 - 5 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5 - 5.30 දක්වා තුන්සූත්‍ර දේශන අවසානයේදී සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.30 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන්, විසින් පවත්වන ලැබේ.


මාතර බෝධිය

මාතර බෝ සමිඳු අබියස දී මැදින් පුන් පොහෝ දින පැවත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේය.

එදින පෙරවරු 7 - උපෝසථ අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවීම හා වන්දනා කිරීම මෙහෙයවීම ශාස්ත්‍රාචාර්ය දෙනගම පඤ්ඤාලෝක හිමි, 8 - 9.30 ධර්ම දේශනාව - දේශකයාණන් වහන්සේ වැලිවිටියේ විමල හිමි, 9.30 - 10.30 - භාවනා වැඩසටහන මෙහෙයවීම - බලංගොඩ ශාන්තසිරි හිමි, 10. 45 - 11.30 බුද්ධ පූජාව - මෙහෙයවීම යටිගල ඤාණසිරි හිමි. පස්වරු 1 - 2 - බුදුගුණ වන්දනාව සහ පිරිත් සජ්ඣායනය - මෙහෙයවීම , අටසිල් සමාදන් වන සියලු දෙනා විසින්. , 2.30 - 3.30 ධර්මදේශනය - ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත දේවාලේගම සුමනරතන හිමි, 3.45 - 5 - ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ශාස්ත්‍රවේදී ඇහැලපේ යතිරතන හිමියන් සහ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හත්තොටුවේ ඉන්දරතන හිමි. සිල් සමාදන් වූ සැදැහැවතුන්ගේ් දහම් ගැටලු වලට පිළිතුරු සැපයේ., 5 - 6 - සිල් පවාරනය කිරීම හා සිල් අලුත් කිරීම, දේශකයාණන් වහන්සේ ශාස්ත්‍රාචාර්ය දෙනගම පඤ්ඤාලෝක හිමි.


විදර්ශනා භාවනා හා දේශනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුර පසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසටහන් මාලාව මෙම මැදින් පුර පෝදා පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.

එදින පෙරවරු 8.00 – 10.00 රාගම, මත්තුමගල පුරාණ තපෝවනාරාම විහාරස්ථානයේ දී වැලිසර සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, 10.00 – 11.30 ට රාගම, මත්තුමගල, පරාක්‍රමපාර ශ්‍රී බෞද්ධාලෝක විහාරස්ථානයේ දී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද පස්වරු 12.30 – 2.30 ට දෙවලපොල, ගල්ලෙගෙදර ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථානයේ දී අලුත්නුවර සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා 2.30 – 4.30 දෙවලපොල ගණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරස්ථානයේ දී ශාස්ත්‍රපති කන්දෙකුඹුරේ නන්දසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද එම වැඩසටහන පැවැත්වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී මැදින් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6.30 – 07.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම කළුතර ධම්මරක්‍ඛිත හිමි 7.45 – 8.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 9 – 10 දහම් දෙසුම අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි 10.45 – 11.15 දහම් දෙසුම පින්වත්තේ අනුරුද්ධ හිමි, පස්වරු 01- 02.15 දහම් දෙසුම මාලිමිබඩ පඤ්ඤාසාර හිමි, 2.30 – 3.30 දහම් දෙසුම අක්මීමන ධම්මපාල හිමි, 4.15 – 5.15 දහම් දෙසුම මාරපන විජිත නා හිමි 5.30 – 6.30 දහම් දෙසුම උඩලවත්තේ නන්දරතන හිමි 6.45 – 8 කේ. පරණවිතාන මහතා මෙහෙය වන නව අරහාදී පහන් පූජාව.


කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 6 – 07.30 සීල සමාදානය, මෛත්‍රී භාවනාව, බුද්ධ පූජාව ශාස්ත්‍රපති මොරවක ශාන්ත හිමි, 8 – 9 භාවනාව, ශාස්ත්‍රපති උතුරාවල ධම්මරතන හිමි, 9 – 10 ධර්ම දේශණය ශාස්ත්‍රවේදී මඩවල ධම්මික ජිනවංශ හිමි, 10.15 - 11 බුද්ධ පූජාව, පස්වරු 12 – 1.00 පිරිත් සජ්ඣායනය සිල් සමාදන් වූ පිරිස, 1 – 2 ධර්ම දේශනය මෙදේරපිටියේ චන්ද්‍රවංශ හිමි. 2 – 3 බෞද්ධ කථාව සාමවිනිසුරු කේ.කේ. සුගතපාල මහතා, 03.30 – 04.45 ධර්ම සාකච්ඡාව අම්බුලුගල සුමංගල හිමි, 04.45 – 05.45 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී තලල්ලේ ධම්මික හිමි.


සෙත් පතා දස පාරමී පෙරහරක්

කොළඹ 07, බෞද්ධාලෝක මාවත අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය හා කොළඹ පිට කෝට්ටේ පාර, චන්ද්‍රලේඛා මාවතේ ශ්‍රී ඥාණාලංකාර උභය විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමියන් විසින් සංවිධානය කරනු ලබන දස පාරමිතා පෙරහර 17 වන වරට මෙම මැදින් පෝදා රාත්‍රී 7.00 ට වීදි සංචාරය කැරේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වීරෝදාර රණවිරුවන්ට හා රටට ජාතියට සෙත් පැතීමය.


ගම්පහ අස්ගිරි රාජමහා විහාරයේ තෙසැත්තෑ ඤාණ පූජා පින්කම්

ගම්පහ අස්ගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ දී තෙසැත්තෑ ඤාණ පූජා පින්කම් මාලාවක් මෙම 15, 16 දෙදින පුරා සිදු කිරීමට නියමිත ය. දහම් පාසල් ගොඩනැගිලි අරමුදලට පුණ්‍යාධාර ලබාගැනීම අරමුණු කරගෙන, එම විහාරස්ථ ශීල සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් මෙම පින්කම් මාලාව පැවැත්වේ.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී මැදින් පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍ය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළදවීම සිදුකෙරේ. කිරි වෙහෙර චෛත්‍ය මළුවේ භාවනා වැඩසටහන පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර වහන්සේ වෙතට පැමිණ ආගමික කටයුතු පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර රාජ මහා විහාරවාසී වරාපිටියේ රාහුල හිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේදී පැවැත්වේ.

සවස කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධි පුජා පින්කම පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට හා රණවිරුවන්ට සෙත්පැතීම සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී මැදින් පෝදා පැවැත්වෙන සීල භාවනා පින්කම් මෙසේ ය.

එදින පෙරවරු සීල සමාදානය මෙහයවීම - තෙල්වත්තේ අචලනාග හිමි, 8.15 භාවනා වැඩසටහන මෙහෙයවීම - ආටිගල අමිතදේව හිමි, 9.15 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ් සොහොයුරන්ගේ් ප්‍රධානත්වයෙනි, 10 - ධර්මදේශනාව - අම්බුලුගල සුමංගල හිමි, පස්වරු 1.30 ධර්ම දේශනාව - මීතිරිගල සෝරත හිමි, පස්වරු 3- ධර්ම දේශනාව - ශාස්ත්‍රපති කරපුටුගල රේවත හිමි, 4.30 ධර්ම සාකච්ඡාව - ඇවන්පොල ඤාණතුසිත හිමි, අටවිසි බුද්ධ පූජාව - දොළොස්බාගේ සාන්ත නාග හිමි.

එම පින්කම් මාලාව විහාරාරක්ෂ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය සංවිධානය කරනු ලබයි.


සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන, වැලිතොටුවවත්ත සංකල්ප විහාරස්ථානයේදී මැදින්පුර පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජා පින්කම හා පෙරවරු 6.00 සීල සමාදාන වැඩසටහන ආරම්භ වේ.

එම වැඩ සටහනට කහපොල නන්දරතන හිමි, තපෝවනය අරියධජ හිමි, දැල්තර සුගුණසිරි හිමි, මාදම්පේ විජිත හිමි, ගෝනදූවේ සුගතවංශ යන හිමිවරුන් ගේ් ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් ඇතුළත් වේ.

සවස 6 ට මල් දෙලක්ෂයක් පූජාකිරීම සිදුකෙරේ.


මල් දෙලක්ෂයක් පූජා කිරීමේ පින්කමක්

රට රකින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ටත් ලක්වාසීන්ටත් සාමය පතමින් නෙළුම් මල් සහිත මල් දෙලක්ෂයක් පූජා කිරීමේ අසිරිමත් මහා පින්කමක් මැදින් පුර පසළොස්වක පෝදා සවස 6ට පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේදී පැවැත්වීමට කැස්බෑව ශාසන මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි සහ සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා සහ මෙහෙයවීම පරිදි පැවැත්වේ.

එම පින්කම් මාලාව සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප සණස සමිතිය, සංකල්ප අන්‍යෝන්‍යාධාර සමිතිය, සංකල්ප ග්‍රාම සංවර්ධන සමිතිය, සංකල්ප යෞවන සමාජය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංවිධාන කර ඇත.


උතුරු තලංගම

උතුරු තලංගම ශ්‍රී ශාලවනෝද්‍යානාරාම පුරාණ මහ විහාරස්ථානයේ මැදින් පොහෝ දින සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින පෙරවරුවේ සීල සමාදානය සහ අනුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී කුමාරගම ගුණසිරි හිමි, 7 ට සම්බුද්ධ පූජාව, දොඩම් ගොල්ලේ පඤ්ඤානන්ද හිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම විශ්‍රාමලත් පාඨශාලාචාර්ය පෙරේරා මහත්මිය, 9 – 10 ධර්මදේශනය රාජකීය පණ්ඩිත අයගම යසස්සි හිමි, 10.30 සම්බුද්ධ පූජාව සදනදපුර සමිතනන්ද හිමි, පස්වරු 1 – 2 විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවීම, ඇල්ලේවැව ආනන්ද හිමි, 2.30 – 3.30 ධර්මදේශනය වරාපිටියේ ආනන්ද නාහිමි, 4 – 5 ධර්මදේශනය ගෞරව ශාස්ත්‍රවේදී කිරින්දේ ධම්මාලෝක හිමි, 5 අට විසි පූජාව රැගත් මල් පෙරහර හල්බරාවෙන් පිටත් වේ. 7 අටවිසි පූජාව ඇල්ලේ වැවේ ආනන්ද හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතියේ
මැදින් පුර පොහෝ දින පින්කම්

එදින පෙරවරු 6.25 උවසු උවැසියන් සීල සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව දෙහිගස්පේ සිරිවිමල හිමි, 8 - බුදු ගුණ වන්දනාව රාජකීය පණ්ඩිත ගොඩගම චූලාලංකාර නාහිමි, 9.30 විදර්ශනා මාර්ගය - වෙලේගොඩ සුදස්සන තපෝ අරම භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව , 10.30 බුද්ධ පුජා වන්දනාව ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, පස්වරු 1.00 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමි ඇතුළු මහසඟරුවන 2 ධර්ම සාකච්ඡාව මාතර සදහම් සිසිල බොදු වැඩසටහන් සංවිධානයේ මග පෙන්වීම මත සිදු කෙරේ. 3 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පැලෑනේ සුවිනීත හිමි, 5 විශේෂ ධර්මදේශනය - බුද්ධ වන්දනාව , සිල්පවාරණය ගම්මැදගම චන්ද්‍රජෝති හිමිපාණෝ.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]