UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවරත් තායිලන්තයේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2553 හෙවත් ක්‍රි.ව. 2009 ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවරත් තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර වෙසක් උත්සව සංවිධායක කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත, හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලි හිමිපාණෝ පැවසූහ.

ලෝකයේ විශාලතම බෞද්ධ විශ්වවිද්‍යාලය වන චුලාලංකාර විශ්වවිද්‍යාලය, තායිලන්ත රජයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවරත් මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය බෞද්ධ වත් පිළිවෙත් අනුව අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සම්පාදනය කරමින් පවතින බවද උන්වහන්සේ පැවසූහ. 2008 ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කෙරෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණය මේ වසරේ මැයි මස 4, 5,6 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇත. බුද්ධ වර්ෂ 2500 වැනි ශ්‍රී‍්‍ර බුද්ධ ජයන්තිය නිමිත්තෙන් අක්කර දහසකට (1000) වඩා විශාල භූ®මියක ඉදිකිරීම් ඇරඹු ‘බුද්ධ මණ්ඩල’ නමැති දර්ශනීය පූජා භූමියේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙනු ඇත. වැඩ බලන තායි සංඝරාජ නාහිමියන්ගේ සහ ඔටුන්න හිමි සියම් කුමරුගේ් ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම උත්සවයට රාජ්‍ය නායකයන් ඇතුළු ගිහි පැවිදි ප්‍රභූ® විශාල පිරිසක් සහභාගි වනු ඇත.

බුදු සසුන සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් සියලු විෂය ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි බෞද්ධ විද්වතුන්ගේ් මූලිකත්වයෙන් මෙම ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණය පැවැත්වේ. බෞද්ධ රටවල සංස්කෘතික සංදර්ශනයක්ද එහිදී ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර රටවල් 70ක නියෝජිත පිරිස් සහභාගිවන මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිහි පැවිදි විද්වතුන් රැසක් සහභාගි වෙති. වසර 20 ක පමණ කාලයක් තායිලන්තය සමග සමීප සබඳතා පවත්වාගෙන යන තමා මෙම සුවිශේෂ උත්සවය නැරඹීමට නිරීක්ෂණය කිරීමට, බලාපොරොත්තු වන භික්ෂූන් වහන්සේලා හෝ ගිහි පින්වතුන් සඳහා තායිලන්තය තුළදී සියලු පහසුකම් (හෝටල්, ප්‍රවාහනය, ආහාරපාන,) සැපයීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකිරීමට කටයුතු කරන බවද සීවලි හිමිපාණෝ කීය.

එබැවින් මේ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන සියලුදෙනා අංක 191, හෙයියන්තුඩුව, මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට පැමිණ හෝ කිරිබත්ගොඩ මාකොළ පාරේ අංක 168 දරන ස්ථානයේ පිහිටි තායි - ශ්‍රී ලංකා බෞද්ධ පොත් ප්‍රදර්ශනාගාරයෙන් තොරතුරු ලබාගත හැකි බවද කීය. දුරකථන අංක 0112 - 488196 - 7 හෝ 0112 - 910688 හෝ 0112 - 914943 ඇමතීමෙන්ද ලබාගත හැකිය.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]