UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

වීරෝදාර රණවිරුවන්ට, පොලිස් නිලධාරීන්ට හා රටවැසියන්ට සෙත්පතා පසුගිය දුරුතු පොහෝ දින කොළඹ මරදානේ ආනෝල්ඩ් රත්නායක මාවතේ ප්‍රජා පොලිස් ආරක්‍ෂක කමිටුව මගින් එම මාවතේ බෝධි මළුවේ දී පැවැත් වූ මහා බෝධි පූජාව හා පහන් පින්කමෙහි අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ. ප්‍රදේශවාසී සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති මේ පින්කමට වැඩම කළ මරදාන විනයාලංකාරාම වාසී කහටපිටියේ සුභූති, කළුතර වනරතන, උඩුමුල්ලේ සරණපාල යන භික්ෂූන් වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත්වූ අතර මරදාන පොලීසියේ ස්ථානාධිපති අමල් එදිරිමාන්න, ප්‍රජා පොලිස් අංශයේ පොලිස් පරීක්‍ෂක මැදවක , සැරයන් අශෝකසිංහ , සැරයන් විජේබණ්ඩාර, ප්‍රජා පොලිස් ආරක්‍ෂක කමිටු ලේකම් කේ.ඒ.සී. සම්පත්, සභාපති එච්.ඩී. ලාල් කස්තුරිආරච්චි යන මහත්වරුන් ගේ මූලිකත්වයෙන් පින්කම සංවිධානය කර තිබිණි.

මූණමල්දෙණිය ශ්‍රී පුෂ්පාරාම විහාර භූමියෙහි අකරවත්තේ සෝමදාස මුණසිංහ මහතා විසින් සිය ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදි කරන ලද 17 රියන් උසැති චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ගර්භ ධාතු නිධානෝත්සවය පසුගියදා සිදු කැරිණි. වයඹ පළාතේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරාධිපති හා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ උප කුලපති තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන් ද, නෙළිබෑවේ පඤ්ඤාසාර හිමියන් සහ සෝමදාස මුණසිංහ මහතා ද චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතු නිදන් කිරීමට පෙර ආගමික වතාවත්හි යෙදුණු අවස්ථාව මෙහි දැක්වේ.
ඡායාරූපය :- කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ

හම්බන්තොට සිංහගිරි බෞද්ධ සංගමය, සිංහගිරි දහම් පාසල හා ප්‍රදේශවාසී ජනතාව එක්ව රණවිරු උපහාර පා ගමනක් පසුගියදා සංවිධානය කොට තිබිණි. බොදු සංරක්‍ෂණ පදනමේ සභාපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි එය පැවැත්විණි. එම පා ගමන හම්බන්තොට සූරියවැව මාර්ගය ඔස්සේ සිංහගිරි විහාරය දක්වා ගමන් කළ අයුරු.

 

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]