UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වකුගඩු ආබාධයකින් දැඩිලෙස පීඩා විඳින 18 වියැති උසස් පෙළ හදාරන සිසුවියකට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් මෙහි සඳහන් දුරකථන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. 0602533704 දුරකථන අංකය වේ.


කඳාන, දකුණු බටගම, සමලමරියා මාවත, අංක 463- බී – 1 පදිංචි 52 වියැති ශාන්ති මානෙල් සිරිවර්ධන නමැති අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින්, “ඕ පොසිටිව්” වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකුවෙත් නම් ඉහත ලිපිනයට හෝ 071 – 8266270, 072 – 8198254 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස රෝගියාගේ ස්වාමිපුරුෂයා වන රණවීර ‘බී’ වීරසේකර මහතා ඉල්ලා සිටී.


වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 22 ක සේවා කාලයකින් පසුව විශ්‍රාමිකව සිටින බවත් ඔහු කියයි. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා කඳාන ලංකා බැංකුවේ ශාන්ති මානෙල් සිරිවර්ධන නමින් ගිණුම් අංක 8830212 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.


ගිරිඋල්ල නව නගරයේ පදිංචි එස්. පොඩිමැණිකේ දරුණු දණහිස් ආබාධයකින් පෙළෙන බැවින් දණහිස් කටු දෙකක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර දැනට ඇවිදගැනීමට පවා නොහැකිව අසරණව සිටින බවද කියයි. මෙම මුදල සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ගිරිඋල්ල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක – 092 – 2 –002 – 6 – 0005379 ට ලබා දෙන මෙන් ඉල්ලීමක් කැරේ. ජනාධිපති අරමුදලින් රු. 150,000 ක් ද ලබා දීමට එකඟව ඇති බවද කියයි.


ඌරුගමුව දන්දෙණිය හන්දිය “ කුමුදු” යන ලිපිනයේ පදිංචි බී.කේ. සෝමාවතී මහත්මිය දරුණු පිළිකා රෝගයක් වැළදී මේවන විට මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබන බව කියයි. ප්‍රතිකාර සඳහා ඉතා විශාල මුදලක් වැය වන අතර ආර්ථික දුෂ්කරතා ඇති ඇයට ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් සොයා ගැනීම ඉතා අසීරු බැවින් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය බලාපොරොත්තු වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දික්වැල්ල ශාඛාවේ ගිණුම් අංක 1 -0082 -01 -8031 - 9 යටතේ බී.කේ. සෝමාවතී මහත්මිය නමින් විවෘත කර ඇති ගිණුමට පරිත්‍යාග යොමු කළ හැකි බවද කියයි.


ගන්දර, කනම්පිටිය, වෙරළුගහවත්ත හි පදිංචි එල්.එච්.බර්ට්‍රම් ද සිල්වා මහතා (62) දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. ඔහු සුවකර ගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය නිර්දේශය වේ. සිය එකම පුතු හදිසි අනතුරකින් අභාවයට පත්ව ඇති නිසා ඔහුගේ මුණුපුරන් දෙදෙනා හා මිණිබිරිය රැකබලා ගැනීමේ වගකීමද දරන්නේ බර්ට්‍රම් ද සිල්වා මහතා විසිනි. ඉතා ඉක්මනින් බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කර එම ශල්‍ය කර්මය කළ යුතු යැයි නිර්දේශ කර ඇති නිසා පරිත්‍යාගශීලියෙකු වෙතොත් 041 - 4920435 දුරකථන අංකයට අමතන මෙන් බර්ට්‍රම් ද සිල්වා මහතා ඉල්ලා සිටියි.


වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි හිමිනමකගෙන් හෝ ගිහි පින්වතෙකුගෙන් ඉල්ලීමක් කැරේ. 0778141505 රමේශ් වෙතින් විස්තර දැන ගත හැකි බවද කියයි.

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]