UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙටි නාට්‍ය තරගයට අයැදුම්පත් කැඳවයි

කොළඹ තරුණ බෞද්ධ සංගමය වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් පාඨශාලීය සිංහල කෙටිනාට්‍ය තරගය - 2009 මෙවරද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා රජයේ පාසල්, දහම් පාසල් සහ පෞද්ගලික පාසල්වලින් අයදුම්පත් කැඳවනු ලැබේ.

ඒ සඳහා ඇති තරග කොන්දේසි මෙසේය.නාට්‍ය ජාතක කතාවක් පමණක් පදනම් කරගනු ලැබූවක් විය යුතුය. ජාතක කථාවේ මූලික තේමාවට හානියක් නොවිය යුතුය. කාලය විනාඩි 30 ක් ඉක්ම නොවිය යුතුය. නළුනිළියන්ගේ වයස අවුරුදු 06 - 18 අතර දක්වා විය යුතුය.

ජයග්‍රාහකයන් සඳහා අනුපිළිවෙළට මුදල් ත්‍යාග පිරිනැමේ. පළමු ස්ථානය රු. 35000 /- දෙවන ස්ථානය රු.25000/- තෙවන ස්ථානය රු.15000 /- සිව්වන ස්ථානය රු.10000/- මීට අමතරව පස්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රු.4000 /- බැගින් මුදලින් ත්‍යාග පිරිනැමේ. හොඳම නළුවා, හොඳම නිළිය, සඳහාද ත්‍යාග පිරිනැමේ. හොඳම නිෂ්පාදක පුහුණුකරු සඳහා රු.10000/- ක විශේෂ ත්‍යාගයක්ද පිරිනැමේ. අයදුම්පත් පාසලේ නම, ලිපිනය , සහ දුරකථන අංකය , ජාතක කථාවේ නම, නාට්‍යයේ නම අධ්‍යක්ෂකගේ නම යන කරුණු සහිතව සම්පූර්ණ කරන ලද අයදුම්පත් විදුහල්පති /ප්‍රධානාචාර්ය විසින් සහතික කොට පහත සඳහන් ලිපිනයට මෙම මස 28 වන දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතු බව කියයි.

සාමාන්‍යාධිකාරි , කොළඹ තරුණ බෞද්ධ සංගමය. 70 , ඩී.එස්.සේනානායක මාවත, කොළඹ 08 , දුරකථන අංකය 2698083, 2682397 වේ.

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]