UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නවම් පුර පස‍ෙලාස්වක පෝදා පින්කම්

 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී නවම් පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන පින්කම මෙසේ ය.

එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව වැලිමඩ පසන්නමානස හිමි, 8 – 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 10 – 11 අභිධර්ම කථාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව කනංකේ ධම්මික හිමි,

පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ බොරලැස්ගමුවේ පදුම හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 – 3 ධර්ම දේශනාව කුකුල්පනේ සුදස්සි හිමි, 3 – 3.45 ධම්ම දේශනාව, අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි, 4 – 5 ධර්ම දේශනාව , කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය නාවින්නේ සුගුණ ධම්ම හිමි, 5 – 6 ධම්ම පදය, පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව, මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන නවම් පෝදා පින්කම් මෙසේය. පෝදා පෙරවරු 7 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව - හිඟුරේ පඤ්ඤාසේකර හිමි , 8 - 9 භාවනාව , වැලිමඩ පසන්නමානස හිමි, 9 - 10 - විශේෂ දේශනය - කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය අරුණ කේ. ගමගේ මහතා , 10 - 11.15 -අසරණ සරණ සංග්‍රහය , අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව ,12.30 - 1 - පිරිත් හා තෙරුවන් ගුණ - කැන්දලන්දේ ජිතේන්ද්‍රිය හිමි, 1 - 2- ධර්ම සාකච්ඡාව පාණදුරේ පසන්න හිමි, 2 - 3 - ධර්ම දේශනාව - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති කිරින්දේ චන්දානන්ද හිමි 3 -4 ධර්මදේශනය ශාස්ත්‍රවේදී අබේවෙල පඤ්ඤාසාර මහා නා හිමි 4.15 - 5 - ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව - කඩවත සමින්ද හිමි, 6 - 6.30 - බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී නවම් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම හල්වතුරේ අස්සජි හිමි. 8 - 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි. 10 - 11.15 දහම් දෙසුම වාද්දුවේ ධම්මවංස හිමි .2.30 - 3.30 දහම් දෙසුම කල්පිටියේ කෝලිතවංශ හිමි. 3.45 - 4.45 දහම් දෙසුම කලුපහන මහින්ද හිමි , 5 - 6.30 ජාතක කතා දේශනය යටවර ඤාණසිරි හිමි 6.30 - 7.30 කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේදී නවම්පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව බෞද්ධ කොඩි 150 කින් කිරිවෙහෙර චෛත්‍ය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළඳවීමේ පූජාව පැවැතවේ.

මහාඝෝෂපුර මල් පෙරහර කිරිවෙහෙරට පැමිණීම හා භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ.

උදේ ධර්මදේශනාව නාගොඩ ශ්‍රී විද්‍යාවිජය විහාරවාසී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති උඩපේරුවේ රතනසාර නාහිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේදී පැවැත්වේ. සවස කිරිවෙහෙර මහසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධිපූජා පින්කම් පවත්වා රණවිරුවන් ඇතුළු රටවැසි සැමට සෙත්පැතීම සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක්ද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන් වනතුරුද විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය මහාසේන සිල් සමිතිය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පින්කම්

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිරිකර දක්‍ෂිණාව මෙම මස 8 සහ 9 යන දෙදින තුළ පැවැත්වේ. බෞද්ධ මණ්ඩල මිය ගිය සාමාජික සාමාජිකාවනට පින් අනුමෝදන් කිරීම, ජීවත්ව සිටින සාමාජිකත්වයට නිරෝගී සුව හා චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම රට වෙනුවෙන් දිවි දුන් වීරෝදාර රණ විරුවන්ට පින් දීම ආබාධිතයින්ට ඉක්මන් සුවය පැතීම යන අරමුණු මුල් කොට ත්‍රිපිටකවේදී පොතානේ ධම්මානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් එම පිරිත් දේශනය හා සපිරිකර දක්‍ෂිණාව පැවැත්වේ. ඊට අමතරව නවම්පුර පොහෝදා බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුළ පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවනට හීල් දානය හා දවල් දානය පිරිනමන අතර බණ භාවනා වැඩසටහන් සිදු කිරීමට ද බෞද්ධ මණ්ඩලය සූදානම්ව සිටී.


විදර්ශනා භාවනා හා දේශනය

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුන් පෝදාකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසටහන් මාලාව මෙම නවම් පුර පෝදා පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ.

එදින පෙරවරු 8 – 10 රාගම, මත්තුමගල පුරාණ තපෝවනාරාමයේ දී වැලිසර සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, 10 – 11.30 රාගම මත්තුමගල පරාක්‍රම පාර ශ්‍රී බෞද්ධාලෝක විහාරස්ථානයේ දී මාපිටිගම සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 12.30 – 2.30 දෙවලපොල ගල්ලෙගෙදර ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ දී අලුත්නුවර සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා 2.30 – 4.30 දෙවලපොල ගිණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී ශාස්ත්‍රපති කන්දෙකුඹුරේ නන්දසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද එම වැඩසටහන පැවැත්වේ.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී නවම් පුර පොහෝ දා විහාරාධිපති හල්පිට හේවගම් දෙකෝළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා සීල භාවනා පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින පෙරවරු 6 – 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7. 00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8 – 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9 .15 – 10.15 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 10.15 – 11.00 දවල් බුද්ධ පූජාව තලල්ලේ මහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සර්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 – 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 – 3 භාවනා වැඩ සටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනාව රජවත්තේ වප්ප හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 6 ට සිල් පවාරණය, 7 – 7.30 ගිලන්පස මල් පහන් සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, රාත්‍රී ධර්ම දේශනාව 7.45 – 8.45 වලේගොඩ ගුණසිරි හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාරේ සංඝමිත්තාරාමයේ දී නවම් පෝදා 5.30 විශේෂ ක්ෂීර පායාස අටවිසි බුද්ධ පූජාව පැවැත්වෙන අතර පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහන් පැවැත්වේ. පන්නිපිටියේ ආසංසා දස සිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද 9 – 11 මස්කෙලියේ සුධම්ම හිමියන් මෙහෙය වන භාවනා වැඩසටහනක් ද 11 දවල් බුද්ධ පූජාව ද පැවැත්වේ. පස්වරු 12 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනයද 1 – 2 මාදම්පේ සුලෝචනා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයද 2.15 – 5 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙය වන ධර්ම සාකච්ඡාවද වේ. 5 – 5.30 තුන් සූත්‍ර දේශන අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.30 ට අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේ දී මෙම පසළොස්වක පොහෝ දා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීලභාවනා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 05.45 – 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 06.30 - .7.30 සිල් සමාදන් කරවීම, සම්බුද්ධ පුජාව හා කෙටි අනුශාසනාව කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාරහිමි, 08.30 – 09.30 ජාතක කතා විමර්ශනය ඇකිරියේ සමිත හිමි, 09.45 – 10.45 විශේෂ ධර්ම දේශනාව කථිකාචාර්ය ගෝනදෙණියේ පඤ්ඤාරතන මාහිමි, 11.00 – 11.30 දවල් බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි.

පස්වරු 1 – 2 සෙත් පිරිත් සජ්ඣායනාව සහ දහම් පොත් බෙදාදීම 2 – 3 විශේෂ භාවනා වැඩසටහන සහ අභිධර්ම පන්තිය කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, 3.15 – 4.15 ධම්මපද විමර්ශන ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 – 5.30 විශේෂ ධර්ම දේශනාව මාමඩලේ විමල හිමි, සවස 06.30 – 7.30 විශේෂ ආශිර්වාද පූජාව අඹගස්ආරේ කමලසිරි හිමි.


මාතර බෝධිය

මාතර බෝධි ආරක්‍ෂක සභාව මගින් නවම් පෝදා ඓතිහාසික මාතර බෝධිරාජයා අබියසදී පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය මෙහෙයවීම හා වන්දනා කිරීම මෙහෙයවීම දෙනගම පඤ්ඤාලෝක හිමි, 8 – 9.30 ධර්ම දේශනය යටිගල ඤාණසිරි හිමි, 9.30 – 10.30 භාවනා වැඩ සටහන මෙහෙයවීම බලංගොඩ ශාන්තසිරි හිමි, 10.45 – 11.30 බුද්ධ පූජාව මෙහෙයවීම සෙවනගල අමිත හිමි, පස්වරු 1 – 2 බුදුගුණ වන්දනාව හා පිරිත් සජ්ක්‍ධයනය, 2.30 – 3.30 ධර්ම දේශනය කලහගම ඤාණරතන නාහිමි, 3.45 – 5.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ඇහැලපේ යතිරතනහිමියන් හා හත්තොටුවේ ඉන්දරතන හිමි 5 – 6 සිල් පවාරණය කිරීම හා සිල් අලුත් කිරීම දෙනගම පඤ්ඤාලෝක හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. නවම් පෝදා එදින පෙරවරු 06.25 උවැසි උවැසියන් සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව සහ වන්දනාව මෙහෙයවීම දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 බුදුගුණ වන්දනාව ගොඩගම චූලාලංකාර නාහිමි, 9.30 විදර්ශනා මාර්ගය කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මහත්මිය. 10.30 බුද්ධ පූජා වන්දනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි පස්වරු, 1.30 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝරමතන නාහිමි ඇතුළු මහා සඟරුවන, 2.00 ධර්ම දේශනාව අලවතුපිටියේ සංකිච්ච හිමි, 3.00 ධර්ම සාකච්ඡාව 5 ට ධර්ම දේශනය, බුද්ධ වන්දනාව, සිල් පවාරණය නාඹටුන්නේ ඤාණාලෝක හිමි.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ල ගෝතමී විහාරයේ දී නවම්පෝදා පැවැත්වෙන සීල භාවනා පින්කම මෙසේ ය. පෝදා පෙරවරු 6 සීල සමාදානය මෙහෙයවීම තෙල්වත්තේ අචලනාග හිමි, 8.15 භාවනා වැඩසටහන මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, 9.45 ‘බුදුසරණ’ පුවත්පත ප්‍රදානය හසිත දියබලනගේ සහ නිලංග දියබලනගේ සොහොයුරන්ගේ දායකත්වයෙන් 10 දහම් දෙසුම වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, 11 බුද්ධ පූජාව පස්වරු 1.30 දහම් දෙසුම තල්ගස්පේ සුමරතන හිමි 3 දහම් දෙසුම බැරගම විමලතිස්ස හිමි, 4.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, 6 බුද්ධ වන්දනාව මෙහෙයවීම දොළොස්බාගේ ශාන්තනාග හිමි.


සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේදී නවම් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. පෝදා පෙරවරු 06.30 – 7 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම අතුල දස්සනාරාමවාසී රතන හිමි, 8 – 9 දහම් දෙසුම වලානේ සුමනහිමි, 9 – 10 භාවනා වැඩසටහන මෙහෙයවීම පුවක්දෙණියේ ශාසනවංස හිමි, 10.15 – 11.15 දහම් දෙසුම බෙරගල සුජාත හිමි, 11.15 බුද්ධ පූජාව පස්වරු 12.30 –1 පිරිත් සජ්ඣායනාව 1 – 1.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම සිල්වියා ගුණතිලක මෙනවිය, 2 – 3 දහම් දෙසුම තලන්ගම සුගතානන්ද හිමි, 3.30 – 4.30 දහම් දෙසුම තලල්ලේ ධම්මික හිමි, 4.30 බෝධි වන්දනාව.


කොම්පෙයාහේන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී නවම් පුර පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය.

එදින පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සරද හිමි, 08.15 - .9.45 භාවනාව මෙහෙයවීම නිලන්ත බමුණුආරච්චි මහතා 10 – 11 ධර්මදේශනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය කුඩාකත්නෝරුවේ විනීත හිමි, 11 පස්වරු 1 බුද්ධ වන්දනාව පුණ්‍යාඅනුමෝදනාව, 1 – 2 දායක සභා රැස්වීම, පිරිත් ධර්මය දේශනා කිරීම, 2 – 3 ධර්ම දේශනය, ජුලම්පිටියේ ලංකානන්ද හිමි, 3 .15 – 4.15 ධර්ම දේශනය ගෞරව ශාස්ත්‍රවේදී රත්මල්කැටියේ අරියනන්ද හිමි, 4.15 – 5.15 ධර්මදේශනය, දිගංදල සුමනසාර හිමි, 05.15 – 06.15 බෝධි පූජාව සහ සිල් පවාරණය.


‍ලේ දන්දීමේ පින්කමක් සහ ආශිර්වාද බෝධි පූජාවක්

මිල්ලනිය අරකාගොඩ ලංකාතිලක විහාරස්ථානයේ දී මෙම මස 14 වන දින පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ලේ දන්දීමේ වැඩ සටහනක් පැවැත්වේ. මවුබිමේ ඒකීය භාවය වෙනුවෙන් ගත වූ 30 වසරක කාලය මුළුල්ලේ දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කර පුණ්‍යානුමෝදනා කිරීම හා සේනාධිනායකතුමා ඇතුළු සියලුම ආරක්‍ෂක අංශ වල නියැලි විරුවන්ට ආශිර්වාද කිරීම උදෙසා විහාරාධිපති කල්ලංවියේ පියරතන හිමියන්ගේ මඟ පෙන්වීමෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත මහවැවේ සරණතිස්ස හිමියන් විසින් මෙහෙයවන ආශිර්වාද බෝධි පූජාව එදින රාත්‍රී 7.00 ට ලංකාතිලක බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]