UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්ති අධ්‍යාත්මික පදනමේ සංවත්සර පින්කම

විමුක්ති අධ්‍යාත්මික පදනම මෙහෙය වන අනුරාධපුර වාර්ෂික සම්බුද්ධ පූජා පින්කම් මාලාව මාර්තු මස 12, 13, 14, 15 දිනවල අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වේ.

විමුක්ති අධ්‍යාත්මික පදනමේ 20 වන සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා චෛත්‍ය, ථූපාරාම මහා චෛත්‍ය අභියසදී එම පින්කම් මාලාව සිදුකෙරේ.

එම දිනයන්හි සීල සමාදාන, විශේෂ ධර්ම දේශනා, සත්බුද්ධ පූජා, භාවනා සාංඝික දාන, ප්‍රදීපාලෝක පූජා, කප්රුක් පූජා, චීවර පූජා, අටපිරිකර පූජා, නෙළුම්මල් පූජා, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, ථූපාරාම සෑ මළුවේ සිට පැවැත්වෙන පංචතූර්ය සහ පොහොය හේවිසි පූජාද පැවැත්වේ.

මාර්තු මස 12 වැනිදා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දී බෝධි වන්දනාව ද, මාර්තු මස 13 වැනිදා රුවන්වැලි මහා චෛත්‍ය අබියස දී අසිරිමත් චෛත්‍ය වන්දනාවද සිදුකෙරේ.

මාර්තු මස 14 වැනිදා ථූපාරාම මහා චෛත්‍ය අබියසදී චෛත්‍ය වන්දනාව සිදුකරන අතර එදින සත්බුද්ධ පූජාව රාජගිරිය පට්ඨාන විහාරාධිපති මෙදේරිපිටියේ චන්ද්‍රවංශ නා හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.

ථූපාරාම සෑමළුවේ සිට විශේෂ සංවත්සර ධර්ම දේශනාව සහ දෙබෑගම සුධම්ම හිමි ගුණසමරු ධර්ම දේශනාව අනුරාධපුර කුරුන්දන්කුලම, මිහිඳු ආරණ්‍ය සේනාධිපති රාජකීය පණ්ඩිත ගල්පාත සුමන නා හිමියන් විසින් පවත්වනු ලැබේ.

මාර්තු මස 15 වනදා පරිත්‍රාණ ධර්ම දේශනාවේ සමාජතිය හා පිරිත් නූල්, පිරිත් පැන් බෙදාදීමද සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමද සිදුකෙරේ.

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]