UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍යකථා

හොඳ දෙයට හොඳ ප්‍රතිඵල නරක දෙයට නරක ප්‍රතිඵල

මේ සිද්ධියෙන් පසු චීන ජනතාව එක් සිද්ධාන්ත සත්‍යයක් අවබෝධ කර ගත්හ. ‘කවර අවස්ථාවක හෝ ඔබ රාජ නීතියට පටහැනිව ක්‍රියාකළත්, ලෝක නීතියෙන් කෙසේවත් ඔබට ගැලවී යෑමට නොහැකි වන්නේ ය. ‘අප්‍රමාදව හෝ ප්‍රමාද වී හෝ ඔබ කරන හොඳ දෙයට හොඳ ප්‍රතිඵලත්, නරක දෙයට නරක ප්‍රතිඵලත් ඒකාන්ත වශයෙන්ම ලැබෙන්නේය යනු එය යි.

චීනයේ චියැංගියින් අධිරාජ්‍යයාගේ පාලන සමයේ 1836 වර්ෂයේදී එරට මස් සඳහා මැඩියන් ඝාතනය තහනම් කිරීමේ නීතියක් ප්‍රකාශයට පත්කරන ලදී. එම අවස්ථාව වනවිට මැඩියන්ගේ මාංශය චීනයේ සුපිරි හෝටල්වල ඉතා ප්‍රණීත භෝජනයක් බවට පත්ව තිබිණි. මැඩියන් දඩයම් කිරීම තහනම් කිරීමේ නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මැඩියන් විසින් භවභෝග වලට හානිකර කෘමීන් විශාල ලෙස කා දමන බැවින් එයින් කෘෂිකර්මාන්තයට සිදුවන විශාල මෙහෙය ගැන සලකා ගෙනය. ඒ අනුව මස් පිණිස මැඩියන් ඝාතනයට කිසිවකුට නීතියෙන් අවකාශ නොලැබිණි.

මැඩියන් මරා මස් පිණිස විකුණා ජීවත් වූ ගැමියකු වන චෑං අෂිශි නමැත්තාට ඔහුගේ මිත්‍ර පිරිසක් විසින් මේ අලුත් නීති ප්‍රකාශය ගැන දැනුම් දෙන ලදී. අකුරු නොදන්නා ඔහු නීති ප්‍රකාශනය කියවීමට නොහැකි බැවින් ඒ ගැන දැන නොසිටියේ ය. මේ අලුත් ආරංචිය ඇසීමෙන් චැං අශිෂි නොසතුට පළ කෙළේ ය.

“හොඳයි - මම ඒ නීතියට යටත් වෙන්න නෑ- හොඳ මැඩියො නිස්කාරණේ නාස්ති කරන්නේ ඇයි”

ඔහු ඉතා නොහික්මුණු ලෙස මුරණ්ඩු ස්වරූපයෙන් තර්ක කෙළේය. එබැවින් ඔහුගේ මිත්‍රයෝ ඔහු නීති ගරුක කිරීමට ගත් උත්සාහය අතහැර දැමූහ. එයින් පසුවත් ඔහු බොහෝ මැඩියන් ඝාතනය කෙළේය. දිනපතා මැඩියන් මරා විකුණා ලබන මුදලින් කොටසක් ඔහු මත්පැන් සඳහා යෙදවූයේ ය.

මත්පැන් බීගත් පසුව සිහිවිකල්ව ඔහු මෙසේ කියනු ඇත. ‘මැඩියො අල්ලන එකේ තියෙන වැරැද්ද මොකද්ද? බලන්න මම හරි ලස්සනට ජීවත් වෙනව.

ඔහුගේ මිත්‍රයෝ ඔහුට මෙසේ කියති.

“හරි! ඔය වැඩේ හුඟක් හොඳ වැඩක් නොවෙයි. කොයි හැටි වෙතත් ඔය වැඩේ රටේ නීතියට විරුද්ධයි. අධිරාජ්‍යයාට විරුද්ධයි’.

එවිට අශිෂි උමතුවෙන් මෙන් ගෝරනාඩු කරයි. ‘මොකද්ද ඔය නීතියෙ තියෙන ඔයතරම් අගය, වටිනාකම, මේ රටේ නීති කඩන අය කොපමණ ඉන්නවද මම විතරද නීති කඩන්නෙ’

නමුත් එක් දිනක රාත්‍රියේ විශාල චණ්ඩ මාරුතයක් එම ප්‍රදේශය හරහා හමා ගියේ ය. එම අවස්ථාවේ වැං අශිෂි අතුරුදහන් විය. පසුවදා උදෑසන මාරුතයේ භයානක බව ලිහිල් වූවාට පසුව ගැමියන්ට වැං අශිෂි සොයාගත හැකිවිය. සැඬ සුළඟ පැවැති රාත්‍රී කාලයේ ගගට වැටී දියේ ගිලී මිය ගොස් තිබුණි.

එසේම විශ්මය ජනක සිදුවීමක් ද ක්‍රියාත්මක වී තිබුණි. ‘ස්වකීය ඥාතීන් මරා මස් සඳහා විකිණීම වෙනුවෙන්’ පලි ගැනීමක් හැටියට සිය ගණන් මැඩියෝ ඔහුගේ මෘත දේහය කා දැමීමට වටවූහ.

ඒ හා සමාන සිදුවීමක් එයින් පෙර කිසිවකු දැක නොතිබුණි. මේ සිද්ධියෙන් පසු චීන ජනතාව එක් සිද්ධාන්ත සත්‍යයක් අවබෝධ කර ගත්හ.

‘කවර අවස්ථාවක හෝ ඔබ රාජ නීතියට පටහැනිව ක්‍රියාකළත්, ලෝක නීතියෙන් කෙසේවත් ඔබට ගැලවී යෑමට නොහැකි වන්නේ ය.

‘අප්‍රමාදව හෝ ප්‍රමාද වී හෝ ඔබ කරන හොඳ දෙයට හොඳ ප්‍රතිඵලත්, නරක දෙයට නරක ප්‍රතිඵලත් ඒකාන්ත වශයෙන්ම ලැබෙන්නේය යනු එය යි.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]