UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අනු නායක පදවි ලබති

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මාහිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවියට අභිනවයෙන් පත්වූහ.

උන්වහන්සේ කොළඹට ආසන්නයේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථානයක් වන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස 1956 පෙබරවාරි 28 වැනිදින පැවිදි බව ලැබූහ.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ විද්‍යාලංකාර මහ පිරිවෙණට ඇතුළත්ව වැඩිදුරටත් භික්ෂූ අධ්‍යාපනය ලැබූහ. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධි ලබාගත් උන්වහන්සේ 1977 දී ලන්ඩනයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අදාළ පර්යේෂණ කටයුතු නිමකොට ආචාර්ය උපාධිය ලබා ගත්හ.

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණෙහි පරිවේණාධිපති ධූරය ද භික්ෂු අධ්‍යාපන ආයතනයේ අධිපති ධූරය ද මූලික වශයෙන් උන්වහන්සේ සිදුකළ අධ්‍යාපන සේවා අතර වේ. 1981 දී ශ්‍රී‍්‍රජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ආචාර්යවරයකු ලෙස පත්වූ උන්වහන්සේ වසර 22 කට අධික කාලයක් කථිකාචාර්යවරයකු වශයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරයෙකු වශයෙන් හා මහාචාර්යවරයෙකු වශයෙන් විශිෂ්ට සේවයක් ඉටු කළහ.

විශේෂයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අපි‍්‍රකානු ආයතනයේ බෞද්ධ විෂය පිළිබඳ ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස ද උන්වහන්සේ කලක් සේවය කළහ. කාර්ය බහුලත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලයෙන් සමුගත් උන්වහන්සේ ශාසනික වශයෙන් ද සාමාජීය වශයෙන් ද අතිමහත් කටයුතු රාශියක් ඉටු කරමින් ශ්‍රී ලාංකික සමාජයටත් බෞද්ධ ප්‍රජාවටත් විශිෂ්ට සේවයක් සිදු කරති.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ වසර 25 කට අධික කාලයක් පහතරට සුවිශේෂි සංඝ මූලස්ථානයක් වන කෝට්ටේ ශ්‍රී‍්‍ර කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය හෙබවූහ.

ධර්ම ශාස්ත්‍රීය වශයෙන් ද සාමාජීය වශයෙන් ද ශ්‍රී ලංකා භික්ෂු සමාජයට ආදර්ශවත් සේවාවක් ඉටු කරන උන්වහන්සේ මෙරට උසස්ම ගණයේ දේශකයෙකි. ග්‍රන්ථ රාශියක් රචනාකොට ඇති ග්‍රන්ථ කර්තෘවරයෙකි.

බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘවරයාණන් වන උන්වහන්සේ විවිධ ආයතනවල තනතුරු රාශියක් ද උසුලති. මහරගම ජාතික අධ්‍යාපන ආයතනය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලක සභාව, කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම, අපරාධ වැළැක්වීමේ කමිටුව ලෝක බෞද්ධ සංඝ සම්මේලනය, සර්ව ආගමික කමිටුව වැනි ආයතනවලට සිදුකරන සේවාවද විශේෂයෙන් අගය කළ යුතුය.

නූතන ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයට නායකත්වයක් සපයන උන්වහන්සේ ඕනෑම අවස්ථාවක පක්ෂග්‍රාහී නොවී නොබියව මධ්‍යස්ථ මත ප්‍රකාශ කරන මහා යතිවරයෙකු වශයෙන් ශ්‍රී ලාංකික සංඝ සමාජය තුළ සම්භාවනාවට ද පාත්‍ර වී ඇති භික්ෂූන් වහන්සේ නමකි.

අනුනායක පදවියෙන් පිදුම්ලත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අභිනව අනුනා හිමිපාණන් වහන්සේට තව තවත් ලෝක ශාසනික කටයුතු කරන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීතාව සමගින් දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]