UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස

පෝදා පින්කම් මාලාවක්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උඳුවප් පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. එම පින්කම් මාලාව කිරි ආහාර පූජා, අටපිරිකර පූජා, චීවර පූජා, රන්වැට කප්රුක් පූජා, සීල සමාදාන, බුද්ධ පූජා, බෝධි පූජා සහ සංඝගත දක්‍ෂිණාමය පින්කම් ද ඇතුළත් වේ.

ඉතිරිය»

ශ්‍රී පාද වන්දනා වාරය ඇරැඹේ

2008 – 2009 වර්ෂ සඳහා වන ශ්‍රී පාද වන්දනා වාරය මෙවරත් උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භව එළඹෙන වසරේ වෙසක් පුන් පොහොය නිමාව දක්වා පවත්වාගෙන යාමට අවශ්‍ය විධි විධාන යොදා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නා හිමියෝ පවසති. ශ්‍රී පාද වන්දනා වාරයේ ආරම්භය සංකේතවත් කරන පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ අවාරය තුළ තැන්පත් කර තිබුණු සධාතුක කරඬුව ඇතුළු ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව දොරට වැඩම කිරීම නිමිති කොට ගෙන පැවැත්වෙන සමාරම්භක පින්කම් මාලාව සහ පූජා භාණ්ඩ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවීමේ මහා රිය පෙරහර දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අලුයම ආරම්භ විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ගැටලු ලිහන සදහම් මාවත

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වැදගත් දිනයක්. සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමත්, මෙරට ජනතාව බොහෝ කාලයක සිට බලාපොරොත්තු වන ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹෙන පොහොය දිනයත් වීම අසිරිමත් වේ.

ඉතිරිය»

 

බෝධි ඉතිහාසය යි බෝධි පූජා පිළිවෙත යි

ලංකේශ්වර නරේන්ද්‍ර තෙම පී‍්‍රති වාක්‍ය පවත්වමින් ගී‍්‍රවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයන් සමග මහා බෝධිය හිසින් දරා ගෙන වෙරළට නගා ගෙන යහපත් වූ මණ්ඩපයෙහි වඩා ලංකා රාජ්‍යයෙන් පිදුයේ ය. නරේන්ද්‍ර තෙම රාජ්‍යය සොළොස් කුල ජනයන්ට පමුණුවා, තෙමේ දොරටුපාල තන්හි සිට තුන් දිනක් එහිම නා නා විධ පූජා කළේ ය.

ඉතිරිය»

 

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමකරවීම

දෙවනපෑතිස් මහ රජතුමාගේ ඉල්ලීම පරිදි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දන්වන ලදුව සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් ජය සිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කරවීමේ සහ සිරිලක මෙහෙණි සසුන පිහිටුවීමේ ඓතිහාසික විශේෂ ශාසනික සිදුවීම් දෙක අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝ දිනෙක දී සිදු විය. දෙවනපෑතිස් මහ රජු විසින් ජය සිරි මහ බෝ සමිඳු සහ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ පිළිගත් අවස්ථාව සිතුවමෙන් දැක්වෙයි .
සිතුවම - සරත් නන්ද කුමාර

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]