UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල නිකිණි මහා පින්කම

සේරුවිල මංගල රජ මහා විහාරයේ නිකිණි මහා පින්කම එම විහාරාධිපති නැගෙනහිර තමන්කඩ දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 6 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

බෞද්ධ ස්තූප කලාවේ විකාශය

බෞද්ධ ශිෂ්ටාචාරයේ අතිවිශිෂ්ට වාස්තු විද්‍යා නිර්මාණයක් ලෙස සැළකිය හැකි බෞද්ධ ස්තූපය දාගැබ, වෙහෙර, සෑය, චෛත්‍යය, චේතිය ආදී විවිධ නාම වලින් හැඳින්වේ. ධාතූන් වහන්සේ තැන්පත්කර ඇති ගර්භය යන සිංහලාර්ථයෙන් දාගැබ ලෙසින් විග්‍රහ කෙරේ. සකු බසින් ‘ධාතු’ යන වචනය සහ ‘ගර්භ’ යන වචන දෙකේ සංයුතියෙන් ‘ධාතු ගර්භය’ දාගැබ වී ඇත. සාමාන්‍ය බෞද්ධ ජනතාව ස්තූපය හඳුන්වන්නේ ‘වෙහෙර’ යන නමිනි. ආරාම හෝ පන්සල යන අර්ථය ගෙනදෙන විහාර යන වචනයෙන් වෙහෙර යන්න සෑදී ඇත. මේ නිසා ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන හැඳින්වීමට වෙහෙර යන නම භාවිත වන බව පෙනේ. කොටවෙහෙර, කිරි වෙහෙර ඊට නිදසුන් ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

යසස වැඩෙන නොපමා බව

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති

පින්වත්නි!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසන සමයෙහි කුම්භඝෝෂක නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා යුතු ය. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්‍ෂාවක් නැත. ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත් වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.

ඉතිරිය»

නුගේගොඩ නාවල වික්‍රමසිංහාරාමය වසර පනහකට පමණ ප්‍රථමයෙන් දානපති ආගිරිස් මෙන්දිස් වික්‍රමසිංහ මහතා විසින් පූජා කරන ලද ඉඩමක සාදා ඇති විහාරස්ථානයකි. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාවේ ආභාෂයෙන් නිට්ටඹුවේ ලාල් නැමැති මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමා වහන්සේ අඩි 18 ක පමණ උසය. ප්‍රතිමාවහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර ඇත්තේ 2002 වසරේදී ය.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]