මහා කවි එඩ්වින් ආර්නෝල්ඩ් හා ආසියාවේ ආලෝකය
ඩී. අමරසිරි වීරරත්න සර් එඩ්වින් ආර්නෝල්ඩ් ඔහුගේ “ආසියාවේ ආලෝකය” නමැති මහා කාව්‍ය පළ කළේ
1879 වන වර්ෂයේ ය. එබැවින් දැනට වර්ෂ 125 කට පමණ පෙරය. 1979 වන වර්ෂයේ
බෞද්ධාලෝකයා එහි ශත සංවත්සරය පැවැත්වූයේ ය. මේ සුලලිත පැදි සහිත මධුර
මනෝහර කාව්‍ය බුදුසිරිත හා බුදු දහම අවරදිග වාසීන්ට හඳුන්වා දුන්
ප්‍රථම ග්‍රන්ථය විය. සියලුම පාහේ ඉංගී‍්‍රසි උගතුන් මේ උසස් සාහිත්‍යය
කෘතිය කියවා බුදුදහම හා බුදුපියාණන් වහන්සේ ගැන නිවැරැදි අවබෝධයක් ලබා
ගත්හ. යුරෝපයේ හා ඇමෙරිකාවේ පමණක් නොව එකල ඉංගී‍්‍රසි අධිරාජ්‍ය තුළ
සියලු රටවල ඉංගී‍්‍රසි උගත් සාහිත්‍ය ධරයින් හා කාව්‍ය රසිකයන් බුදු
දහම ගැන මනා අවබෝධයක් ලබා ගත්හ. දුර්මත හා වැරැදි අවබෝධ දුරු කරගත්හ.
නොයෙක් වෘත්තයන් යොදා අනේක කාව්‍යාලංකාර ක්‍රමවලින් ප්‍රතිමණ්ඩිත වූ
මහාකාව්‍ය පළකර ඉතා කෙටිකලකින් අතිශය මහත් වූ ජනපි‍්‍රය භාවයට පත්විය.
යුරෝපීය භාෂාවන්ට මෙය පරිවර්තනය විය. එංගලන්තයේ මුද්‍රණ 60 ක්ද
ඇමෙරිකාවේ මුද්‍රණ අසුවක් ද පළවිය. එකල ඉංගී‍්‍රසි පොත්වල පළ කිරීමේ
නීතිමය අයිතියක් ලබා ගැනීම අවශ්‍ය නොවූ හෙයින් ඇමෙරිකානු පොත්
ප්‍රකාශකයෝ කර්තෘගෙන් හෝ ප්‍රකාශකයන්ගෙන් අවසර නොගෙන ග්‍රන්ථ මුද්‍රණය
කර ඉතා ලාභ මිලකට විකුණා ගත්හ. පිටපත් දස ලක්‍ෂණයක් පමණ අලෙවි විය.
ලක්දිවද මුද්‍රණ හතරක් පළවිය. ඉන්දියාවේ ජයිකෝ සමාගම පළකළ ග්‍රන්ථද
ලංකාවේ පොත්හල්වල විකිණීමට තිබුණි. කොළඹ ගුණසේන සමාගමද මුද්‍රණයක් පළ
කළේ ය. පෙරවදන මහා කවියා අතින්ම ලියවිණි. හඳුන්වාදීම ලියා තිබුණේ ලන්ඩන් නුවර
පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන සමිතියේ අධ්‍යක්‍ෂ සර් ඩෙනිසන් රෝස් විසිනි.
ග්‍රන්ථය පිටු 177 ක් විය. පරිච්ඡේද 8 කින් සමන්විත වුණි. නොයෙක්
වෘත්තිකයන්ගෙන් ද කාව්‍යාලංකාර ක්‍රමවලින් රසවත් කර තිබිණි.
පරිවර්තන
පළකර වසර අටකින් පසු ප්‍රථම ජර්මන් පරිවර්තනය ආචාර්ය ආතර් ෆන්ගස්ට්
විසින් පළ කර තිබේ. 1891 වන වර්ෂයේ කොන්රඩ් වර්නත් ශූරීන් දෙවෙන ජර්මන්
පරිවර්තනයක් පළ කළේ ය. 1903 වර්ෂයේ දී ආතර් ෂොපර් ජර්මන් 3 වැනි
පරිවර්තනයක් පළ කළේ ය. 1895 වර්ෂයේ ඕලන්ද බසටද, 1899 වර්ෂයේ ප්‍රංශ
බසටද 1900 වර්ෂයේ චෙකොස්ලොවියානු බසටද, 1909 වන වසරේ ස්වීඩන්
හාඑස්පරුන්මෝ බසටද පරිවර්තන කර පළ කරන ලදී. මෙහි සිංහල පරිවර්තන දෙකක්
ද පළ විය. මේ කව පළමු කාලයෙහි ඉංගී‍්‍රසි බසින් බුදුදහම ගැන පොත්පත් නොතිබිණි.
පොත් කීපයක් තිබුණද ඒවා පෙරදිගට ගිය මිෂනාරීන් විසින් ලියා තිබිණි.
නොයෙක් වැරැදි නිසා මේවා සදෝස විය. පාලි ත්‍රිපිටකය ඉංගී‍්‍රසියට පෙරළා
නොතිබුණි. එබැවින් අවරදිග වාසීන්ට බුදුදහම ගැන නිවැරැදි අවබෝධයක් ලබා
ගැනීමට ක්‍රමයක් නොතිබිණි. එබැවින් ප්‍රථම වරට බුදුදහම ගැන අවරදිග
වාසීන්ට දැන ගන්නට ලැබුණේ මේ ග්‍රන්ථයෙන් ය. කාරුණිකවූ, මහාප්‍රඥා වූ,
විදුහුරු, දහමක් ලොවට වදාළ ශාස්තෘවරයෙක් සිටි බව ඔවුන්ට දැනගන්නට
ලැබුණේ ය. මේ යුගයේ බුදු දහම වැළඳගත් යුරෝපීයයන් ප්‍රථමයෙන් බුදුදහම ගැන දැනුමක්
ලැබුවේ මේ ග්‍රන්ථය කියවීමෙන් ය. ඉංගී‍්‍රසි ජාතික භික්‍ෂුව වන ආනන්ද
මෙත්තෙයිය නම් (ඇලන් බෙනට්) බුදු දහම ගැන දැනගෙන පැහැදීමට පත් වූයේ මේ
කවි කියවීමෙන් පසුය. මුල් යුගයේ සියලුම ඉංගී‍්‍රසි හා ඇමෙරිකානු
බෞද්ධයන් කියා ඇත්තේ තමන් බුදුදහම දැන ගත්තේ ද පැහැදීම ඇතිකරගත්තේ මේ
මහා කාව්‍ය කියවීමට ලැබීම නිසා බවය. භාරතීය උගත්තු
භාරතීය උගතුන් වන තිලක්, ගාන්ධි, නේරු, තාගොර් වැනි අයටද බුදුරදුන් හා
බුදුදහම ගැන තිර අවබෝධයක් ලැබුනේ මේ ග්‍රන්ථය නිසා ය. බුදුදහම භාරතයෙන්
පළවා හැරීමෙන් පසු බෞද්ධ ග්‍රන්ථ එහි නොවීය. තිබූ ග්‍රන්ථ හින්දුන්
ලියා තිබූ ඒවා ය. ඒවා අනුව බුදුරදුන් විෂ්ණු අවතාරයක් ලෙස දක්වා
තිබිණි. ධර්මපාල තුමාද බුද්ධගයාවේ දුටුවේ බුද්ධ ප්‍රතිමාවට තලප්පාව දමා
මල් මාලා පළඳවා වඳින හින්දු බැතිමතුන් ය. මහත්මා ගාන්ධිතුමා ආසියාවේ
ආලෝකය කියවා මහත් සතුටට පත් වූ බව එතුමා කියා තිබේ. සර් එඩ්වින්
ආර්නොල්ඩ්, අනගාරික ධර්මපාල තුමාගේ කල්‍යාණ මිත්‍රයෙක් විය. එතුමා
මහාබෝධි සමිතියේ සාමාජිකයෙක් විය. සංස්කෘත ආභාෂය
සර් එඩ්වින් ආර්නෝල්ඩ් විදේශීය භාෂා කීපයක් දත් පඬිවරයෙකි. එතුමා
සංස්කෘත, හින්දි හා පර්සියන් බස ද හොඳට දැන සිටියේ ය. එතුමාගේ සංස්කෘත
දැනුම නිසා ක්ෂේමේන්ද්‍ර හමිගේ මහාභිනික්ක්‍රමණ කවද, අශ්වඝෝෂ හිමිගේ
ජිනචරිතයද, ලලිත විස්තරයද කියවා තිබුණි. මේ නිසා තම මහා කාව්‍ය රචනා
කිරීමට එතුමාට අවශ්‍යතාව හා උනන්දුව ලැබුණි. ආර්නෝල්ඩ්තුමා එංගලන්තයේ ඔක්ස්පර්ඩ් සරසවියේ ශිෂ්‍ය කාලයේම
කාව්‍යකරණයෙහි සිය දස්කම් විස්කම් පෑවේ ය. එහි හොඳම කාව්‍ය රචකයාට
ලැබෙන ‘නිව්ඩිගේට් ත්‍යාගය’ ලබා ගත්තේ ය. එතුමා එම තරගය ලියු කාව්‍ය
රචනාව කියවූ එකල ඉංගී‍්‍රසි අගමැතිවරයා වූ ඩිස්රායෙලි මේ තරුණයා
අනාගතයේ දී උසස් කවියෙක් වන්නේ යැයි අනාවැකියක්ද පළ කළේ ය.
බෞද්ධ ප්‍රතිචාරය
බෞද්ධ ලෝකයා අප මහා කවියාගේ ‘ආසියාවේ ආලෝකය’ පිළිගත්තේ අප්‍රමාණ
පී‍්‍රතියෙනි. ලංකාවෙන්, බුරුමයෙන්, සියමෙන් හා ජපානය යන රටවලින්
එතුමාට ගෞරවාදර ගලා ආවේ ය. අපි ඔබතුමා දැක ගැනීමට ආසා ඇත්තෙමු. අප රටට
පැමිණෙන්න. අපට ඔබතුමාට ගෞරව දැක්වීමට අවස්ථාවක් දෙන්න. යනු ඔවුන්ගේ ඉල්ලීම විය.
ලක්දිවට එතුමා පැමිණි විට වලානේ ශ්‍රී සුමංගල නාහිමි ප්‍රමුඛ භික්‍ෂූන්
වහන්සේ දහසකට අධික පිරිසක්ද ගිහි බෞද්ධයන් දහස් ගණන් ද පානදුරේ රන්කොත්
විහාරයට රැස්ව එතුමා පිළිගත්හ. එහිදී ඔවුහු එතුමාට ස්තුති පත්‍රයක්
පිරිනැමූහ. පසුව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛ කොළඹ බෞද්ධ
පිරිස එතුමා විදුදය පිරිවෙනේ දී පිළිගෙන එතුමාට ස්තුති පත්‍රයක්
මුද්‍රණය කළහ. ඕල්කට් තුමාද මොවුන් අතර විය. සියම් මහරජතුමා එම කිවිඳුන්ට එරට උසස්ම ගෞරවය වන “ධවල ගජපති” සම්මානය
පිරිනැමුවේ ය. ජපන් අධිරාජයා එතුමා පිළිගෙන ගෞරව කළේ ය. ටෝකියෝ
විශ්වවිද්‍යාලයේ සිසුන් අමතා කථාවක් කිරීමට සැලැස්විය. ඇමෙරිකාවේ
විශ්වවිද්‍යාලය එහි සරසවියේ දේශනයක් පැවැත්වීමට ආරාධනා කළේ ය.
ඇමෙරිකාවේ ජනාධිපතිතුමා මෙතුමා ධවල මන්දිරයට කැඳවා ගෞරව කළේ ය.
පිළිමල් ප්‍රතිචාරය
ටෙනිසන් සාමිවරයාගේ අභාවයෙන් පසු එංගලන්තයේ ‘රාජකීය මහකවි’ ධූරය
පුරප්පාඩු විය. එය පිරවීමට සුදුස්සා සර් එඩ්වින් ආර්නෝල්ඩ් යයි බොහෝ
දෙනෙක් සිතූහ. වික්ටෝරියා මහ රැජිණියද සිතුවේ එලෙසය. එහෙත් එකල අගමැති
වූ ග්ලැඩ්ස්ටන් අන්‍ය ආගමික මූලධර්ම වාදියෙක් විය. එතුමා ආර්නෝල්ඩ්ට
අකමැති වුනේ ඔහු මිථ්‍යා දෘෂ්ටියක් ප්‍රචාරය කර කිතුනු සමයට හානියක්
කළේ යන මතයෙහි එල්බගෙන සිටි බැවිනි. එබැවින් ඒ තනතුර අප්‍රකට සමාන්‍ය
පෙළේ කවියෙකුට ප්‍රදානය කරන ලදී.’ආසියාවේ ආලෝකය’ ලිවීමෙන් කිතුනු සමයට
කළ හානිය නිසා දැඩි මතධාරී කිතුනුවෝ අප කවියා හා උරණව සිටියහ.
ඩබ්ලිව්.ඊ. විල්කින්සන් නමැත්තෙක් කුකවි හා මිථ්‍යා දෘෂ්ටි ප්‍රචාරය
සර් එඩ්වින් නමින් පොතක් පළ කර එතුමාට නිගරු කළේ ය. තමාගේ අප්‍රසාදය පළ
කරන ගමන් සර් එඩ්වින්ගේ කාව්‍ය අතිශය ජනපි‍්‍රය භාවය ලැබූ බව පිළිගෙන
තිබුණි. කෙලොග් නමැත්තෙක් ද ‘ආසියාවේ ආලෝකය’ ලිවීමෙන් ආර්නෝල්ඩ්
මිසදිටුව රජකර වීමට යත්න දරා ඇති බවද කුඩා පොතක් මගින් පවසා තිබුණි. තම
මහා කාව්‍යයට පෙරවදනේ සර් එඩ්වින් මෙසේ ප්‍රාර්ථනාවක් කර ඇත. මේ කාව්‍ය
ලිවීම නිසා අනාගත පරම්පරාව මට භාරතය, භාරතීය වැසියන් හා භාරතීය
චින්තනයට ඇලුම් කරන අයෙක් ලෙස සැලකීමට හේතුවේවා. මෙම ප්‍රාර්ථනාව මනාව
ඉටු වී තිබේ. අවිද්‍යාන්ධකාරයෙහි නිමග්නව සිටි අවරදිග වාසීන්ට
සද්ධර්මාලෝකය ලබාදුන්නෙක් ලෙස අද උගත් ලෝකයා ආර්නෝල්ඩ් මහ කවියාට ගරු
කරති. “ස්වදේශේ ප්‍රජන්තෙ රාජා විද්වාන් සර්වත්‍ර ප්‍රජයතෙ” රජෙකුට ගරු බුහුමන් පුදන්නේ තම රටේ වැසියන් ය. එහෙත් ධර්මකාමී
විද්වතුන්ට සැම රටකම සත්පුරුෂයෝ පුදති, ගරු කරති. මේ ශ්ලෝකයේ සත්‍යතාවය
මහා කවි එඩ්වින් ආර්නෝල්ඩ්ගේ චරිතාපදානයෙන් අපට මනාව දැකගත හැකි ය. “පූජකො ලභතේ පූජං වන්දකො පටිවන්දනා” යනු බුදුවදනේ සත්‍යතාවයට සර් එඩ්වින් ආර්නෝල්ඩ් හොඳම නිදර්ශනයකි. |