UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දිඹුලාගල ධනංජය රජමහා විහාරයේ ලෙන් කුටියක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාදුරුඔය වන රක්ෂිතයේ ඉමක, තොප්පිගල වන බිමට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති දම්මින්න කන්දේගමකන්ද ලෙන් විහාරය නොහොත් ධනංජය රජමහා විහාරය ක්‍රි. පූර්ව දෙවන ශත වර්ෂයේ දී පමණ ගොඩනංවන ලද ලෙන් සංකීර්ණයකින් සමන්විත පුණ්‍ය භූමියකි. මෙහි දිස්වන්නේ රහතන් වහන්සේ වැඩ සිටි බවට සැලකෙන, එහි කටාරම් කොටන ලද ලෙන් කුටියකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මහා කවි එඩ්වින් ආර්නෝල්ඩ් හා ආසියාවේ ආලෝකය

සර් එඩ්වින් ආර්නෝල්ඩ් ඔහුගේ “ආසියාවේ ආලෝකය” නමැති මහා කාව්‍ය පළ කළේ 1879 වන වර්ෂයේ ය. එබැවින් දැනට වර්ෂ 125 කට පමණ පෙරය. 1979 වන වර්ෂයේ බෞද්ධාලෝකයා එහි ශත සංවත්සරය පැවැත්වූයේ ය. මේ සුලලිත පැදි සහිත මධුර මනෝහර කාව්‍ය බුදුසිරිත හා බුදු දහම අවරදිග වාසීන්ට හඳුන්වා දුන් ප්‍රථම ග්‍රන්ථය විය. සියලුම පාහේ ඉංගී‍්‍රසි උගතුන් මේ උසස් සාහිත්‍යය කෘතිය කියවා බුදුදහම හා බුදුපියාණන් වහන්සේ ගැන නිවැරැදි අවබෝධයක් ලබා ගත්හ. යුරෝපයේ හා ඇමෙරිකාවේ පමණක් නොව එකල ඉංගී‍්‍රසි අධිරාජ්‍ය තුළ සියලු රටවල ඉංගී‍්‍රසි උගත් සාහිත්‍ය ධරයින් හා කාව්‍ය රසිකයන් බුදු දහම ගැන මනා අවබෝධයක් ලබා ගත්හ. දුර්මත හා වැරැදි අවබෝධ දුරු කරගත්හ. නොයෙක් වෘත්තයන් යොදා අනේක කාව්‍යාලංකාර ක්‍රමවලින් ප්‍රතිමණ්ඩිත වූ මහාකාව්‍ය පළකර ඉතා කෙටිකලකින් අතිශය මහත් වූ ජනපි‍්‍රය භාවයට පත්විය. යුරෝපීය භාෂාවන්ට මෙය පරිවර්තනය විය. එංගලන්තයේ මුද්‍රණ 60 ක්ද ඇමෙරිකාවේ මුද්‍රණ අසුවක් ද පළවිය. එකල ඉංගී‍්‍රසි පොත්වල පළ කිරීමේ නීතිමය අයිතියක් ලබා ගැනීම අවශ්‍ය නොවූ හෙයින් ඇමෙරිකානු පොත් ප්‍රකාශකයෝ කර්තෘගෙන් හෝ ප්‍රකාශකයන්ගෙන් අවසර නොගෙන ග්‍රන්ථ මුද්‍රණය කර ඉතා ලාභ මිලකට විකුණා ගත්හ. පිටපත් දස ලක්‍ෂණයක් පමණ අලෙවි විය. ලක්දිවද මුද්‍රණ හතරක් පළවිය. ඉන්දියාවේ ජයිකෝ සමාගම පළකළ ග්‍රන්ථද ලංකාවේ පොත්හල්වල විකිණීමට තිබුණි. කොළඹ ගුණසේන සමාගමද මුද්‍රණයක් පළ කළේ ය.

ඉතිරිය»

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]