UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දිසි රූ පෙළහර

බොදු හැඟුම' වර්ණ රේඛාවෙන්........

ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය මෙහෙයවන චිත්‍ර ප්‍රදර්ශනය සහ වාර්තාමය චිත්‍රපටය මහනුවර රැජින හෝටලයෙහි දී ( Queens Hotel)  අගෝස්තු 10 සිට 17 දක්ව .  අප විචිත්‍රවත් වූ දේශීය සංස්කෘතික සම්ප්‍රදායෙහි අසීමිත වූ වටිනාකම ගෙනහැර පෑමට ගත් පියවරක් ලෙස මෙම කටයුත්ත හඳුන්වමු. අප රට පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ් හදවතෙහි ගැඹුරුම තැනින් නැඟී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුරදුන් ගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප් නංවමින්, විචිත්‍රවත් වූ වර්ණ සහ රේඛාවන් මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි.

ඉතිරිය»

ලෝ වැසි බොදු දනන්ගේ ජීවමාන මුදුන් මල්කඩ සිරි දළදා වහන්සේ

ඇසළ උත්සව සමය මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මෙම උත්සව සමය තම ආගමික ප්‍රබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා යොදා ගන්නා කාල වකවානුවක් ලෙස හැඳින්විය හැකි ය. මෙකී ඇසළ උත්සව සමයේ සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන සිරි දළදා වහන්සේ ප්‍රමුඛ ස්ථානය කරගෙන පවත්වන “මහනුවර ඇසළ මහා පෙරහරට” සුවිශේෂී භාවයක් හිමි වී තිබේ. බුදු දහමත් දේශීය සංස්කෘතික සම්ප්‍රදායත් එකට සුසංවිධිතව ගොඩ නැඟී ඇති ඇසළ මහා පෙරහර ලෝකයේ බෞද්ධ ආගමික පුද පිළිවෙත් අතර හා සංස්කෘතික පිළිවෙත් අතර ප්‍රමුඛතම සංසිද්ධියක් සේ දැක්විය හැකි ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ප්‍රසාදය වඩවමු


නමෝ තස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බහුම්පි චේ සහිතං භාසමානෝ

න තක්කරෝ හෝති නරෝ පවත්තො

ගෝපෝව ගාවෝ ගණයං පරේසං

න භාගවා සාමඤ්ඤස්ස හෝති.

අප්පම්පි චේ සහිතං භාසමානෝ

ධම්මස්ස හෝති අනුධම්මචාරී

රාගංච දෝසංච පහාය මෝහං

සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ

අනුපාදියානෝ ඉධ වා හුරංවා

ස භාගවා සාමඤ්ඤස්ස හෝති.

 

පින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි හිතමිත්‍ර භික්‍ෂූන් දෙනමක් අරබයා මෙම ගාථා ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදළ සේක.

ඉතිරිය»

අටමුනි චෛත්‍යරාජයාණන් වහන්සේලා නිරාවරණය කැරේ

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් භූමියේ අටමුනි චෛත්‍යරාජයාණන් වහන්සේලා නිර්මාණය කොට ඇත. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සහ පරිත්‍යාගශීලී පින්වතුන්ගේ ද ආධාරයෙන් රු. ලක්‍ෂ 35 ක් වැය කොට මෙය සාදවා ඇති බව විහාරාධිපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ පැවසූහ.

ඉතිරිය»

සෙංකඩගල ඓතිහාසික ඇසළ මංගල්‍යය

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය, සිතුවමෙන් දැක්වෙයි.

සිතුවම - සරත් නන්ද කුමාර

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]