UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිෂ්ඨාන පූජාව

යුද බිය තුරන් වී සියලු ජනතාවට සාමයෙන් සමඟියෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම කඩිනමින් උදාවේවායි ප්‍රාර්ථනය කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහ මළුවට වැඩම කළ එක්දහස් පන්සිය නමක් පමණ වූ මහා සංඝරත්නය අධිෂ්ඨාන පූජාවක නිරත වූහ. ජනපතිතුමන්ට, රටට, ජාතියට, ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සෙත්පතා පවත්වන ලද එම වැඩසටහන ජාතිකාධිෂ්ඨානය අධ්‍යාත්මය බලගන්වන ජාතියේ මහා පෙළ ගැස්ම ලෙස නම් කර තිබිණි.

ඉතිරිය»

බුදු සසුනේ නාගයන් ගැන කතා පුවත්
 

සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ප්‍රධාන වශයෙන් නයින් දෙකොටසකි. පේ‍්‍රතාදීන්ට මේ මනුෂ්‍ය ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. දිව්‍ය නාගයින්ට නාග ලෝකයක් වෙනම ඇත. එය දිව්‍ය ලෝකය හා සමාන සම්පත් ඇති ස්ථානයකි. නාගයන් පිළිබඳ මේ තත්ත්වය නිසා මනුෂ්‍යයන් අතර සාමාන්‍ය නයින්ට ද විශේෂ ගෞරවයක් ඇත. පොළඟුන්, තෙලිස්සන් කුණකටුවන් ආදී විෂ සහිත සර්පයෙක් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ උගේ අවසානය වෙයි. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනා වැළකී සිටිති. ඒ නාගයින්ට ඇති ගෞරවය හා බියපත්කම නිසා ය. නාගයන් වෛර බඳීති යි යන්න, ජන වහරෙහි එන මතයකි. ‘නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා’ යැයි ආප්තෝපදේශයක් ද ඇත. ඒ හිරිහැරයක් වූ විට ක්ෂණයෙන් කුපිත වී දෂ්ට කරන නිසා ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර සයුරෙන් එතෙර වන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අප්පකාතෙ මනු සෙසසු -

යෙ ජනා පාරගාමිනො

අථායං ඉතරාපජා -

තීර මෙවානු ධාවතී (ධම්ම පදය –ප. 10)

පින්වත්නි,

සසර සයුරකි. එහි පර තෙර නිවනයි. නිවනට පැමිණෙන අය ටික දෙනෙකි. වැඩි පිරිස මෙතෙර වූ මේ භවයෙහිම මැරෙමින් උපදිමින් රැඳී සිටිති. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී සංවිධානාත්මක බණ පින්කමක් (ගණ්න බන්ධනෙන සබ්බරක්තිකං ධම්ම සවණං කාරෙසුං) (ධම්ම පදට්ඨ කථා 290 පිට) නොයෙක් සමිති සංවිධාන මගින් මෙවැනි ධර්ම දේශනා පිරිත් පින්කම් මේ කාලයේදී ද සිදුවන ආකාරය අපි දනිමු. එදා දෙව්රම් වෙහෙරේ දී දිවමන් බුදුරදුන් වැඩ සිටි කාලයේ දී මේ බණ පලේ බණ අසමින් සිටි මිනිසුන් අතර වරින් වර එක්කෙනා දෙන්නා නැගිට ගියහ. පින්කමේ අවසන් මොහොත වන විට රැඳී සිටියේ ටික දෙනෙකි. පසුදින ධම්සභා මණ්ඩපයට රැස් වූ භික්‍ෂූන් අතර මේ සිද්ධිය පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිය. මේ අවස්ථාවේ දී එම ස්ථානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කවර නම් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්නේ දැයි විමසූ සේක.

ඉතිරිය»

මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීම 2 වනදා
 

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර අගෝස්තු 2 වනදා කප් සිටුවා ශුභ මොහොතින් ආරම්භ කෙරේ. මහනුවර ශ්‍රීනාථ, ශ්‍රී විෂ්ණු ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාලයන් සමග පැවැත්වෙන ඇසළ පෙරහර ඒ ඒ දේවාලයන්හි කපු මහත්වරුන් විසින් සිදු කෙරෙන චාරිත්‍ර අනුව කප් සිටුවීම සිදු කෙරේ. අගෝස්තු මස 6 වනදා දක්වා දේවාල අභ්‍යයන්තරයේ පෙරහර පැවැත්වේ.

ඉතිරිය»

ඕපල්ල ගලගෙදර ශ්‍රී ගංගාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ නව පරපුරේ චිත්‍ර හා මූර්ති ශිල්පියකු වන චිත්‍රාමුල්ලගේ රංග බුද්ධ විසිනි.

ඡායාරූපය - සුගත් දිසානායක

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]