අසංවාද හා බුදු දහම
අප රටේ විද්‍යුත් මාධ්‍ය මඟින් කැරෙන ධර්ම සන්නිවේදනය පිළිබඳ
සමාජයීය කතිකාවක් ආරම්භ වී තිබේ. එම සංවාදයෙහි ආරම්භකයා වන
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සිංහල අංශයේ අංශාධිපති සාලිය
කුලරත්න මහතා විසින් 2008.05.19 දිනැති බුදුසරණ පත්‍රයට ලියන
ලද ‘රූපවාහිනිය හා ධර්ම සන්නිවේදනය’ නමැති ලිපිය වෙත අප
පාඨකයන් ගේ අවධානයට යොමු කිරීම වැදගත් යැයි සිතමු. බුදුසරණ
පත්‍රයට එම ලිපිය සැපයූ ආසන්න කාලයේ දී ම වෙනත් සති අන්ත පුවත්
පතකට ද ඔහු ඒ පිළිබඳ ව ලිපියක් ලියා තිබිණ. ඒ අනුව ඇරැඹි
සංවාදය රූපවාහිනී විද්වත් සංවාද සහ ටෝක් ෂෝ මත විමසුම යනුවෙන්
ඉදිරියට ඇදී යයි.
මෙය, සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්‍ෂකයා ගේ සිට ජන සන්නිවේදන
විශාරදයන් දක්වා අවධානයට ගත යුතු මාතෘකාවකි. මෙහි දී අවධානය
යොමු කැරෙන රූපවාහිනී ධර්ම සාකච්ඡා (බෞද්ධ) සඳහා ගිහි
පාර්ශ්වයේ සහභාගීත්වය ගැන සාලිය කුලරත්න මහතා ගේ ලිපියේ මෙ සේ
සඳහන් විය.
“ජනකාන්ත මාධ්‍ය ප්‍රතිරූපකයන් විසින් ආයතනික රාමුව, කාලීනව
උත්කර්ෂවත් කිරීම සඳහා බණ දහම් හෝ ආචාර ධර්මවල වෙස් ගන්වා පවසන
දෑ සුත්ත නිපාතයේ දැක්වෙන්නේ දිට්ඨි, සුත හා මුත යන වචන වලිනි.
තමා දකින අන්දම, තමා ඇසූ සැටි හා තමා ගේ ස්මෘතිය වශයෙනි. ‘දහම්
විමංසන ලෙස එළි දකින මේ දෘශ්‍යමය සංදර්ශන වලට සහභාගි වන
කථිකයන්, කීයෙන් කී දෙනෙක්, අටසිල් සමාදම් ව, තමා කථා කරන දෙයට
සාකල්‍යයෙන් සුදුසු ව සිටී ද? මෙය, පුද්ගල දොස් දැක්වීමකට වඩා
තම තමන් සකස් විය යුතු ආකාරය ගැන ස්වයං විවේචනයක රුවින් දරා
ගැනීම යුක්ති යුක්ත වේ.
වෝල්ටර් ලිප්මන් නම් සන්නිවේදනඥයා, පවසන පරිදි බොහෝ රූපවාහිනී
මාධ්‍ය කරුවෝ අප ජීවත් විය යුතු සැටි, අපේ අවශ්‍යතා සාර්ථක විය
යුතු සැටි හා ආදරය ගැන මූලධර්ම සපයති.’
‘ඒ ලෝක රූපවාහිනියෙනි, ලාංකේය රූපවාහිනී මඟින් දැන් විමුක්තිය
ලැබිය හැකි සැටි ඉගැන් වේ.
මේ වැඩසටහන් සඳහා මේ ක්‍ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණයන් නො
ගෙන්වන්නේත් ප්‍රේක්‍ෂක රුචිය සතපවන මාධ්‍ය ප්‍රතිරූප පමණක්
කැඳවන්නේත්, ආයතනික අරමුණක් සඳහා පමණි.’
‘යම් කෙනකු කුමක් සන්නිවේදනය කළ ද, ධර්ම සන්නිවේදනයට අත ගැසිය
යුත්තේ පූර්ණ සත්භාවයකිනි. හාත්පසින් කායික හා මානසික
කැපවීමකිනි. සත්‍යය හෝ සාධාරණත්වය විනා අන් කිසිවක්
සන්නිවේදනයේ අන්තර්ගතයට දායක වේ යැයි කියා සිටීම දුරාචාරයකියි
ප්‍රවීණ සන්නිවේදන විශේෂඥ නන්දන කරුණානායක මහතා පවසා තිබීම ද
මෙහි ලා මා නගන අදහසට ප්‍රබල ප්‍රතිෂ්ඨාවක් වේ.’
මේ සංවාදයට අදාළ තවත් ලිපියක්, ‘බණ දෙසීම හා බණ ඇසීම ගැන
විමසුමක්’ යනුවෙන් එම බුදුසරණ පත්‍රයේ ම පළ කළෙමු. ජගත් රණතුංග
මහතා විසින් ලියන ලද එම ලිපියේ කොටසක් ද යළි මෙහි උපුටා
දැක්වීම සුදුසු බව අප ගේ අදහස යි.
‘සමාජ වෙනස්වීමට පර්යාව දේශකයා ගෙන් ප්‍රමිතිය දුරස් වී, අග
මුල හා විධිමත් බව පැටලී බොහෝ විට පැතිරී ඇති අතර ශ්‍රාවකයා
ආසක්ත කැර ගැනීමේ අලුත් උපක්‍රම සොයනු පෙනේ. මේ නිසා සිදුවන
වැරැදි නිවැරැදි කිරීම ශාසනයේ පලිබෝධ දුරු කිරීමකි. ඒ පලිබෝධ
දුරු කිරීමේ සමත් ක්‍රමවේදයන් වෙනුවට වත්මන් මාධ්‍යයන් ඔස්සේ
සිදුවන්නේ වෙනත් දෙයකි.
පුද්ගල ප්‍රතිරූප ඒ සිදුවන්නා වූ වෙනත් දේ අතර ප්‍රමුඛ ය.
විශාල ප්‍රමාණයේ ඡායාරූප යොදාගනිමින් ඇතැම් පුවත්පත් වල පවා
සාකච්ඡා කරන්නේ දහමේ පලිබෝධ හෝ ශාසනයේ පලිබෝධ දුරු කිරීමේ දහම්
සාකච්ඡා නො වේ’. මේ උපුටා ගැනීම් මඟින් පාඨකයා ගේ අවධානයට යොමු
කිරීමට උත්සාහ දරන්නේ කුමක් ද? අප ගේ උත්සාහය වන්නේ, සාලිය
කුලරත්න මහතා විසින් ඇරැඹි සංවාදය වෙනත් මඟක ගමන් කැර ඇති බව
පෙන්වා දීම ය. මෙහි උපුටා දක්වා ඇති කරුණු පිළිබඳ ව සාකච්ඡා නො
කැරේ නම්, එම මත විමසුමෙන් ප්‍රයෝජනයක් නො වනු ඇත. |