‘මරණයෙන් පසුව යළිත් ජීවිතයක්!’
මේ ලෝකයේ සිටින පණ තිබෙන සෑම සත්ත්වයෙක්ම මරණන් පසුව යළිත් ජීවිතයක්
ලබන්නේද? එවැනි උපතක් ලබන්නේ නම් කුමන ආකාරයක ජීවිතයක්ද? මෙම
ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අනාදිමත් කාලයක සිට විවිධතරාතිරමේ
පුද්ගලගයෝ වෙහෙස වූහ. මේ පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ඇත. ඒ
ඇසුරින් මේ ගැන දේශන පැවැත් වූ ශුද්ධෝත්තම ආර්. ලලිත් අපොන්සු
අපොස්තලික පියතුමා, පුනරුත්පත්තිය පිළිබඳව පැවැත්වූ ප්‍රථම දේශනයට
කැසට් පටියක් මගින් 1994 දී සවන් දුන් මේ රටේ සුවිශේෂි උතුමෙක් විය.
එනම් බෞද්ධ අබෞද්ධ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ
අග්ගමහාපණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක
මාහිමිපාණෝ ය. අපොස්තලික පියතුමන්ගේ එම දේශනය සංයුක්ත තැටියක් ලෙසින්
දොරට වැඩුම ජුලි මස 19 වෙනි සෙනසුරාදා, සවස 6 ට කොළඹ බණ්ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේදී . පැවැත්වේ.
ඉතිරිය»
අසිරිමත්
දඹදිව වන්දනාව
ජීවිතයක ප්‍රාර්ථනා බොහෝය. ඒ අතරින් බෞද්ධයෙකුගේ ජීවිත ගමනේ අති උත්තරිතම
ප්‍රාර්ථනාවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද දඹදිව වැඳ
පුදා ගැනීම. මේ සඳහා දුක් මහන්සියෙන් ජීවිත කාලය පුරා එකතු කර ගන්නා
මුදලින් පෙරුම් පුරා යෑමට සූදානම් වන ගමනට මෙම ලිපියෙන් අත්වැලක්
සැපයීම අපගේ පැතුමයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අත්හළ යුතු
අන්ත දෙක
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“ද්වේ මේ භික්ඛවේ අන්තා
පබ්බජිතෙන න සෙවි තබ්බා”
බුදු රජාණන් වහන්සේ ‘ඉසිපතන’ නම් වූ මිගදායෙහි පස්වග මහණන් සිටි තැනට
පැමිණියහ. උන් වහන්සේ ඈත එනු දුටු ඔව්හු ‘ඇවැත්නි, අර එන්නේ ශ්‍රමණ
භවත් ගෞතම තෙමේ ය. උග්‍ර තවුස් දම් හැර හොඳ හැටි කා බී තවුස් දමින්
පිරිහුණු ඔහුට වැඳීමට හෝ උවටැන් කිරීමට හෝ උන්වහන්සේගේ පා සිවුරු
ගැනීමට හෝ වුවමනාවක් නැත. කැමැතිනම් හිඳ ගැනීමට අසුනක් පමණක් තබමුයි
තීරණය කර ගත්හ.
කෙසේ වුවත් බුදුන් වහන්සේ පස්වග තවුසන් සිටි තැනට ළංවෙත්ම ඔවුන් ගේ
තීරණය පරිදි එසේ සිටීමට අපහසු විය. එක් තවුසෙක් පෙර ගමන් කොට බුදු
රදුන්ගේ පා සිවුරු පිළිගත්තේය. එක් තවුසෙක් පා සේදීමට දිය ද, පා පුටුවද
පා පිස්නා ද තැබීය. වෙනත් තවුසෙක් අසුනක් පැනවී ය. බුදුරජාණන් වහන්සේ
පැන වූ අසුනෙහි හිඳ පා සේදූහ.
ඉතිරිය»
ශ්‍රී දළදා සමිඳු තේවාව මල්වතු මහා විහාරයෙන්
අස්ගිරි මහා විහාරයට
මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු උදෙසා දළදා තේවා සිදුකිරීම
මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට පැවිරීමේ මුරමාරු වීමේ
චාරිත්‍රය ඇසළ පුර පසළොස්වක පෝය දින පැවැත්වේ.
ඉතිරිය»
|