උඩරට අරමපුර නිකායේ
ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ
උපසම්පදාව 12, 13 දිනවල
උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාකාරක මහා සංඝසභාවේ වාර්ෂික උපසම්පදා
විනය කර්ම පුණ්‍යෝත්සවය ජූලි 12, 13 දිනයන්හි ගන්නෝරුව වරාතැන්න ශ්‍රී
මහ බෝධි සීමාමාලකයේ දී උදේ 07 සිට පැවැත්වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව: දානයෙහි අනුසස්
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
තිරොකුඩ්ඩෙ සු තිට්ඨන්ති
සන්ති සංඝාට කෙසු ච
ද්වාර බාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං ඝරංති
සුපින්වතුනි,
ඉහත ගාථාවට අයත් සූත්‍රය ඛුද්දක නිකායේ ඛුද්දක පාඨ හා ප්‍රේත වස්තු යන
ග්‍රන්ථවල 6 – 7 වර්ග දෙකට සම්බන්ධ දහම් කරුණු ඇතුළත් කතාවයි. අපගේ
බුදුපියාණන් වහන්සේ මුළු සත්ත්ව සංහතිය කෙරෙහි දැක්වූයේ අපරිමිත මහා
කරුණාවකි. මහත් දයාවකි. ඒ නිසාම ලෝකනාථ වූ සේක. තිලොවග තිලක වූ සේක.
ලෝකවිදූ නම් වූ සේක. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනා ලෞකික ලෝකෝත්තර
දෙඅංශයටම අදාළය. දෙලොවෙහි ප්‍රජාවටම මා හැගි ප්‍රයෝජනයක් ඉන් ලබා
ගැනීමට ශක්තිය හා වාසනාවක් ලැබිණ. පරලොව ගිය අපේ ඤාතීන් කෙරෙහි දයාවෙන්
යුතුව ඒ සත්ත්ව වර්ගයා විඳින දුක ගැන මනා අවබෝධයකින් යුතුව එයින්
නිදහස් කරලීමට අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා වදාළහ.
ඉතිරිය»
ශ්‍රී ලංකාවේ ඉපැරැණි අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවලින් හෙළි වන කරුණු
අවලෝකිතේශ්වර නාථ ලෙසින් ද හැඳින්වෙන අවලෝකිතේශ්වර බෝසත් ධ්‍යානී
බුදුවරුන් අතුරින් ශ්‍රේෂ්ටත්වයට පත් ‘අමිතාහ’ නම් බුදුරදුන් වෙනුවෙන්
මෙලොව පෙනී සිටින බෝසතුන් ලෙස පිළිගැනේ. මහායානයට අනුව සියලුම බුදුවරු
‘සුඛාවතී’ දෙව්ලොව වැඩ වාසය කරන අතර අමිතාභය බුදුන්ට ප්‍රමුඛස්ථානයක ලා
සැළකේ.
අමිතාභය බුදුන් මහා කාරුණිකත්වයෙන් යුක්ත වන බවත්, සියලු ලෝවැසියන්
අපායාදී, දුගතිවලින් මිදී සුඛාවතී දිව්‍යභවනෙහි උපදින තෙක්
කරුණාපූර්වකව බලා හිඳින බවත් මහායානිකයන්ගේ විශ්වාසයයි. මෙම මහායානික
අදහස් හත්වැනි සියවසේ පටන් මෙරට සීඝ්‍රයෙන් පැතිරී ගිය බවද මෙහිලා
සඳහන් කළ යුතු ය. එදා අභයගිරිය මහායානිකයන්ට විවෘතව තිබූ ආගමික
මධ්‍යස්ථානය විය.
ඉතිරිය»
අමරපුර නිකායේ උපසම්පදා උළෙල
12 වන දා රද්දොළුවේ දී
අමරපුර නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙම 12 වන දා රද්දොළුව
සුබෝධාරාම මහා විහාරාසන්න නදී සීමාවේදී අමරපුර නිකායේ මහානායක
ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යය චන්ද්‍රකීර්ති ශ්‍රී පණ්ඩිත
අම්බලම්ගොඩ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.
ඉතිරිය»
|