UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයේ දී


1970 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් පුරාවිද්‍යාඥයින් විසින් කපිලවස්තු දාගැබ පතුලටම කැනීම් කරන ලද අවස්ථාවේදී තිලෝගුරු අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු සහිත ශෛලමය කරඬුව හමු වූ අතර එහි තිබූ සර්වඥ ධාතු වලින් කොටසක් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දීය රජයේ මැදිහත් වීම මත මනා ආරක්ෂක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ප්‍රදානය කරන ලදී. එකී කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේලා මැයි මස 19 වෙනිදින වෙසක් පුන් පොහෝ දිනයේදී චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයට වැඩමකරවා සැදැහැවත් බෞද්ධ පින්වතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීමට විහාර කාර්ය සාධක සමිතිය කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කළ සම්බුද්ධ පරිනිර්වාණය


වැසි සමය චාරිකාවෙන් වැළකී කිසියම් ස්ථානයක නේවාසිකව වැඩ සිටීමත්, අවුරුද්දේ ඉතිරි කාලය ගම්, නියම්ගම්, ජනපද නගර, රාජධානි වල චාරිකා කිරීමත් බුද්ධ චරිතයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ පශ්චිම භාගයෙහි ස්වභාවික අයුරින් මහලු බවට ද, ලෙඩදුක් ආදියෙන් දුබල බවටද, පත් වූහ. එහෙයින් ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් වෙනසකට පත් නොවූහ. පරිනිර්වාණය දක්වාම නොකඩවා මහජන හිතසුව පිණිස යෙදුණහ. ධ්‍යාන සමාපත්ති සුවයෙන් වේදනා මැඩගෙන ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් පිරිනිවන් පාන මෙහොත දක්වාම ලෝකාර්ථයට කැප වූ ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වානය පිළිබඳ තොරතුරු රාශියක් ත්‍රිපිටකයෙහි සඳහන් වන අතර ඒ බොහෝමයක් තොරතුරු සංග්‍රහාත්මකව මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගතව ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සුදුසු ඇසුර


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


නගරඤ්ච පලාසේන -
යෝ නරෝ උපනය්හති
පත්තාපි සුරභි වායන්ති -
ඒවං ධීරූප සේවනා
 

පින්වත්නි,

අද අපගේ ධර්ම දේශනාවෙන් කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇති වැදගත් කම පිළිබඳ හඳුන්වා දෙන්නටයි අදහස් කරන්නේ. අපගේ් ජීවිතයේ පියවරෙන් පියවර, මොහොතින් මොහොත සුමඟට යොමුවීමට දියුණුවට පත්වීමට අවශ්‍ය මූලික අංගයකි. කලණ මිතුරු ඇසුර, මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වා වදාළහ. අපගේ මාතෘකා ගාථා රත්නයත් එබඳු එක් අවස්ථාවකි. අපි එහි සරල අදහස විමසා බලමු.

ඉතිරිය»

වෙසක් මිහිර සංදර්ශන රථ චාරිකාව

කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වන වෙසක් මිහිර සංදර්ශන රථ චාරිකාව මැයි 12දා සිට මැයි 18 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

ගණේමුල්ල පහළයාගොඩ පිහිටි රත්නමාලී ආරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වේ. විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හා අසූ මහා ශ්‍රාවකයාණන් වහන්සේ නිර්මාණය කරන ලද්දේ මූර්ති ශිල්පී චිත්‍රාමුල්ලගේ රංගබුද්ධ විසිනි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]