UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි පාර්ශ්වයේ නව ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්මදස්සී හිමි

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පදවියට ශාස්ත්‍රපති ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පත්ව සිටිති. මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මෙම පදවිය සඳහා ධම්මදස්සි හිමියන් පත්කරනු ලැබ ඇත.

ඉතිරිය»

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ

පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා දෙමින්, සාරධර්ම අගයමින් බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් නිදහස උදෙසා ප්‍රබල හැඟීම් සම්, මස්, ඇට නහර ලේ තුළට කා වද්දමින් ආගමික හැඟීම් වර්ධනය කරමින් ළදරු කළ සිට දරුවා නිසිමග යවමින් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ගෙන ගිය මග ඇති උත්කෘෂ්ඨය. එවන් කාර්යයේ ලා උත්සුක වූ ස්වදේශිකයන් අතර විජාතික එස්. මහින්ද හිමියෝ ස්වදේශිකයෙක් ලෙසින්ම ප්‍රමුඛව කැපී පෙනෙනවා විනා කිසිදු ලෙසකින් විජාතියෙකැයි කිව නොහැකි යයි කීම නිවැරැදී ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආදර්ශය උතුම්


නමෝතස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

අත්තානමේව පඨමං -

පතිරූපෙ නිවෙසයේ

අථඤ්ඤ මනුසා සෙය්‍ය -

න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

මේ බුදු ඔවදනින් කියන්නේ තමා පළමුවෙන් සුදුසු ගුණ දහම් හි පිහිටා ඒ ගැන අනුශාසනා කිරීම කළ යුතු බවයි. ගුණ දහම් හි පිහිටා අනුශාසනා කරන පණ්ඩිතයන් කෙලෙසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවවාද දුන්නෙත් ඒ අන්දමට. උන්වහන්සේ තමා ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවීමට කටයුතු කළා. අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙ තබ්බංච භාවිතං - පහාතබ්බං පහීනංමේ තස්මා බුදෙධාස්මි බ්‍රාහ්මණා යනුවෙන් බුදුරදුන් තමා අවබෝධ කළ යුතු වූ දෙය අවබෝධ කළ බවත් භාවිතා කළ යුතු දේ භාවිතා කළ බවත් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ බවත් වදාළා.

ඉතිරිය»

රෝහණ පාර්ශ්වයේ උපසම්පදා උළෙල

සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා උළෙල මෙවරත් මැයි මස 8,9,10 යන තෙදින පුරා මාතර ඓතිහාසික පරෙයිදූවේ මංගල උපෝසථාගාරයේදී අත්තුඩාවේ සිරිරාහුල රෝහණ පාර්ශ්වයේ මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

පසුගිය වසරේ (2007) වෙසක් පෝදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහෙවන ලද භාවනා වැඩ සටහනට වැඩමවන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, නෙළුම් මල් පන්සියයකින් සරසන ලද පසු බිම සහිතව එහි තැන්පත් කර තිබුණු අයුරු. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ තැන්පත් කර ඇත.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]