UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් වර්ෂ දෙකකට වරක් පවත්වන උපසම්පදා විනය කර්මය 2008 ජූලි 05 දින ආරම්භ කොට පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙවර උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කරන්නේ කෑගලු සංඝ සභාවේ සංවිධානයෙන්, පොල්ගහවෙල, කුලීපිටිය, විජයතුංගාරාමය මධ්‍යස්ථානය කරගෙන පොල්ගහවෙල, කරදන පාලම අසල, මා ඔයේ ඉදිකෙරෙන උදකු‍ෙක්‍ඛප සීමා මාලකයේ ය.

ඉතිරිය»

බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රාවෙන් පැවසෙන අරුත්


ඕනෑම කලා කෘතියක අනර්ඝත්වය තීරණය කරනු ලබන ඉතා ප්‍රබලම සාධකය එකී කලා කෘතිය මගින් පිළිබිඹු වන ප්‍රකාශන ගුණයයි. බුද්ධ ප්‍රතිමාව කලා කෘතියක් ලෙස ගත් කල්හි එහි ප්‍රකාශන ශක්තිය වඩවාලන අංශද්වයක් වේ. කුළුණුබර, උපශාන්ත, ගුණය තුළින් සම්මා සම්බුදු ආධ්‍යාත්මය කැටි කරන සම්බුදු වත සහ බුදු බණ නිහඬව සංකේත කරන මුද්‍රා එකී අංශ දෙකයි. සාමාන්‍යයෙන් විස්තර කළහොත් මුද්‍රාව යනු යම් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී ශිල්පියා එහි දෑත පිහිටුවන ආකාරය ලෙස සරලව පැවසිය හැකිය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවැරැදි සංකල්පනාවෙන් ජීවිත සාරය ලබන්නෝ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අසාරේ සාරමතිනෝ
සාරේ චාසාර දස්සිනෝ
තේ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා

සාරාංච සාරතෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා

සුපින්වතුනි,

සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර බිම්බිසාර මහරජතුමන් විසින් කරවා පුද කරන ලද වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසනසේක් “සංජය” නම් පිරිවැජියාගේ ආධානගාහී මිථ්‍යාසංකල්පය අරමුණු කරගෙන සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ප්‍රධාන සිව්වනක් පිරිසට ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

ඉතිරිය»

භාවනා පුහුණු මධ්‍යස්ථානය 1 වනදා විවෘත කැරේ

විදේශීය සැදැහැවතුන්ගේ සහය ඇතිව ජර්මනියේ ප්‍රධාන සංඝනායක, ස්වීට්සර්ලන්තයේ, සුරීච් බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය වල්පොල කල්‍යණතිස්ස නාහිමියන් විසින් මිනුවන්ගොඩ, යටියන ඉදි කළ භාවනා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ මහෝත්සවය කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 01 වන දින පෙරවරුවේ දී සිදු කැරේ.

ඉතිරිය»

පානදුර නගර මධ්‍යයේ පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ පානදුර නගරයේ හොරණ - රත්නපුර මාර්ගයට පිවිසෙන ස්ථානයේ පැරැණි බෝධීන් වහන්සේ සෙවණෙහි නිර්මාණය කර ඇති මුචලින්ද නාග දරණය යට සමාධි සුවයෙන් වැඩ වෙසෙන මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ, ශ්‍රී බුද්ධ වර්ෂ 2528 (ක්‍රි.ව. 1984) වෙසක් පුර පසළොස්වක පොහෝ දින විවෘත කරන ලදී. අද මෙහි නඩත්තු හා පරිපාලන කටයුතු පානදුර බෝධි ආරක්‍ෂක ත්‍රී රෝද රථ සංගමයේ දායකත්වයෙන් කරගෙන යනු ලැබේ. ඡායාරූපය – ජනක වෙත්තසිංහ

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

  • ඌරල ශ්‍රී ක්‍ෂේත්‍රාරාම පුරාණ රජ මහා විහාරය

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]