UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

යාපනය අර්ධද්වීපයේ චුන්නාකම් (හුණුගම) ප්‍රදේශයේ සිට සැ. 2 1/2 දුරින් කන්දරෝදය (කදුරුගොඩ) ගමේ පිහිටි පුරාවිද්‍යාත්මක අතින්
ඉතා වැදගත් ඓතිහාසික කදුරුගොඩ පුරාණ විහාරයේ ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයට පමණ අයත් වේ. 1919 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද පර්යේෂණ හා කැණීම් අනුව එම ස්ථානයෙහි පැරණි විහාර ගෙයක නටබුන්, කුඩා දාගැබ් 60 කට පමණ අයත් නටබුන්, බුදුපිළිම, වටදාගෙයක නටබුන්, වර්ණාලේපිත උළු කැබලි හා කාසි ද සොයා ගනු ලැබිණි. මෙම දාගැබ් රහතන් වහන්සේලා ගේ ආදාහන ස්තූප වශයෙන් සැලකේ. ගෞතම බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර රජවරුන් අතර පැවැති යුද්ධය සමථයකට පත් කිරීමට ලක්දිව නාගදීපයට වැඩම කළ අවස්ථාවේ මෙම ස්ථානයේ විවේකීව වැඩ සිටි බව ජනප්‍රවාදයේ පවතී. කැණීම් වලින් සොයා ගන්නා ලද බුදු පිළිම සහ අනෙකුත් පුරාවස්තු මහජන ප්‍රදර්ශනය සඳහා යාපනය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

අක්මීමණ කපුහෙම්පල ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්ථානය

අක්මීමණ , කපුහෙම්පල , පන්සල කන්දේ, පිහිටි ශ්‍රී සුමංගලෝදයාරාම විහාරස්ථානය පෞරාණික වැදගත්කමකින් යුත් සිද්ධස්ථානයකි. ඉතා රමණීය කඳු මුදුනක දර්ශනීය භූමි භාගයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.  පන්සල කන්ද අවට ගම්වාසීන්ගේ පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයේ නොයෙක් ගම්මානවලින් පැමිණෙන බොදුනුවන් ගේ ගරු බුහුමනට මෙම පින් බිම ලක්ව ඇත.

ඉතිරිය»

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]