UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

 

බොදු පුවත් (ඡායාරූප)

රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා අම්බලන්තොට වාඳුරුැප්ප සිරි සුනන්දාරාමයේ අභිනවයෙන් රණවිරු සෑයක් ඉදි කරවන ලදී. එහි කොත් වහන්සේ පළඳවා කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අතින් සිදු කැරිණි. රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය චෛත්‍යය ඉදිකිරීම සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දී ඇති අතර රණවිරු සේවා අධිකාරියේ අනුශාසක අහුන්ගල්ලේ සිරි ශීල විසුද්ධි හිමියන්ගේ අනුශාසනා පරිදි වාඳුරුප්ප සිරි සුනන්දාරාම විහාරාධිකාරි මාලිගාතැන්නේ ධම්මකිත්ති හිමියන්ගේ මෙහෙයවීම යටතේ චෛත්‍යය ඉදි කැරිණි. අභිනවයෙන් ඉදි කළ රණවිරු මහා සෑය සහ රණවිරු මහා සෑයේ සිහිවටන ඵලකය අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා නිරාවරණය කළ අවස්ථාව මෙම ඡායාරූප වලින් දැක්වේ. පී.ඩබ්ලිව්. කොඩිතුවක්කු හම්බන්තොට දිස්ත්‍රික් සමූහ

කොළඹ 07 ග්‍රෙගරි මාවතේ සම්බෝධි විහාරයේ කඨින පින්කම සහ දඹරන් පිළිමයක් පූජා කිරීමේ මහෝත්සවය පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් ද, විහාරස්ථානයේ ප්‍රධාන දායක අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද, ආයෝජන මණ්ඩලයේ සභාපති ධම්මික පෙරේරා මහතා ඇතුළු පිරිස ද කැඳවාගෙන පැමිණි අයුරු. ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

අගලවත්ත යටියන ලියන්වල ධර්මායතනයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නොබෝදා සිදු කැරිණි. එම අවස්ථාවට විහාරාධිපති යටියන අස්සජි හිමියෝද අධ්‍යාපන අමාත්‍ය නිර්මල කොතලාවල මහතා සහ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති චාමින්ද රණවක මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද සහභාගි වූහ.

අමුණුගම පදනමේ මෙහෙයවීමෙන් තෛ‍්‍රනිකායික මහා සඟ සමුළුවක් ඉකුත්දා මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවැත්විණි. ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා එහිදී මහා සඟරුවනට පිරිකර පිළිගැන්වූ අයුරු.
ඡායාරූපය :- පි‍්‍රයාජිත් ප්‍රනාන්දු

කහටගස්දිගිලිය මහකුඹුක්වැව රජ මහ විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් කුඹුක්වැවේ විමල බුද්ධි නා හිමියන් ප්‍රධාන මහ සඟරුවනට උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ප්‍රසාද පූජා සිහිවටන ප්‍රදානය කළ අයුරු. ඡායාරූපය - වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

 

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]