රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් මහා පෙරහර 24 දා
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර මෙම මස 24 දින ඉල්
පෝදා රාත්‍රි පැවැත් වේ.
ඉතිරිය»
ප්‍රථම ධර්මදූත සේවාව ඇරැඹි
ඉල් පුන් පොහොය
“චරථ භික්ඛවෙ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය අත්‍ථාය හිතාය
ලොකුනාකම්පාය”
“මහණෙනි මම සියලු පාපයෙන් මිදුණෙමි. තෙපිද මිදුණාහුය. බොහෝ දෙනාගේ හිත
සුව පිණිස බොහෝ දෙනාගේ දියුණුව පිණිස, සැප පිණිස ගම් නියම්ගම් දනවු
සැරිසරවු, දෙදෙනෙක් එක් මගක නොයවු, මුල මැද අග යහපත් වූද, පිරිසිදු
බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරවු”
මෙයින් උන් වහන්සේ වදාළේ මුලින් ශීල සමාධි දෙක ද , මැද විදර්ශනා
මාර්ගයද යහපත් අග නම් වූ නිවන ද දේශනා කරන ලෙසය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ආලෝකයෙන් ආලෝකයට
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති
(සංයුත්ත නිකාය ,
කෝසල වග්ග පුග්ගල සූත්‍රය )
පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල්
මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ
සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ
“ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින
පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.
ඉතිරිය»
සිරි දළදා මැඳුරේ
කාර්තික
මංගල්‍යය
දළදා මාලිගාවේ වාර්ෂික කාර්තික මංගල්‍යය පෙරහර මෙම
මස 24 වෙනි දිනට යෙදී ඇති ඉල් පුර පසළොස්වක පෝය දින සිිදු කෙරෙන බව
දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාගේ අණ පරිදි
දළදා මාලිගාවේ කාරිය කෝරාල වන කේ. එම්. කරුණාතිලක මහතා නිකුත් කර ඇති
ලියවිල්ලකින් ප්‍රකාශයට පත් කර ඇත.
ඉතිරිය»
|