UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

හැඳුනුම්පත රැක ගැනීම

මේ මහා පෘථිවිය මිනිසා ගේ අණසකට යටත් වී හමාර ය. මිනිසා එ සේ බලය පතුරුවා ගෙන සිටිය ද පෘථිවි ගෝලය මිනිසා ට මෙන් ම ශාක හා වෙනත් ජීවින්ට අයිති නිවහන ය. එහෙත් ස්වභාව ධර්මය පාලනය කැරීම සඳහා මිනිසා සතු හැකියාව නිසා ගොඩ, දිය හා අහස (මේ විෂයයට අදාළ වචන වලින් පවසන්නේ නම්, ශිලා ගෝලය , ජල ගෝලය හා වායු ගෝලය ) යන ක්‍ෂේත්‍ර තුනෙහි ම තනි අයිතිකරුවා මෙන් පෙනී සිටින්නේ මිනිසා ය. ස්වභාව ධර්මයට පටහැනිව මිනිසා යන මේ ගමනෙහි අවසානය කුමක් ද?

මේ තත්ත්වය වෙනත් ජිවීන් ගේ පමණක් නොව මිනිසා ගේ ද පැවැත්මට තර්ජනයකි. මිනිසා ගේ් විෂම හැසිරීම නිසා පරිසරයට සිදුවන විනාශයට මිනිසා ම ගොදුරු වන බව අප අමතක නො කළ යුතු ය. සමුද්ද වාණිජ ජාතකයෙහි මෙය කදිමට විවරණය කැර තිබේ. ස්වභාව ධර්මයේ අනඟි දායාද අනිසි ලෙස පරිහරණය කැරීමෙන් සිදුවන පරිසර විනාශය උදම් රළ (සුනාමි තත්ත්වයක්) බවට පත් වී මිනිසා ට පහර දෙන අයුරු එහි දැක් වේ.

ස්වභාව ධර්මය විසින් අපට දායාද කළ පෘථිවිය නමැති සොඳුරු නිවහන මිනිස් ක්‍රියාකාරකම් නිසා බියකරු කාන්තාරයක් වනු ඇතැයි පරසර විද්‍යාඥයෝ අනතුරු අඟවති. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අධ්‍යයනය කළ විද්‍යඥයන් ගේ මේ අනතුරු ඇඟවීම පිළිබඳ ව අප සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු ය. මෙ බඳු තත්ත්වයක් හමුවේ වුව ද ශ්‍රී ලාංකිකයන් ට සතුටු විය හැකි අවස්ථාවක් පසුගිය දා උදාවිය. ඕසෝන් වියන සුරැකීම සඳහා වන මොන්ට්‍රියල් සම්මුතිය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් 191 ක් අතුරින් සාර්ථක ම රට ලෙස ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍රවීම එම අවස්ථාවයි.

පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඒ පිළිබඳව තබා ඇති සටහනක් අප පාඨකයන් ගේ අවධානයට යොමු කැරීම මැනවැ යි සිතමු.

“බුදුරජාණන් වහන්සේ අඛිභවලාහක සූත්‍රයෙන් පරිසරයට හානි කැරීමෙන් අහසේ ඇති වන විපර්යාස පිළිබඳ දේශනා කැර ඇත්තේ මීට වසර දෙදහස් පන්සීයකටත් පෙර දී ය. මලකින් රොන් ගන්නා බඹරකු මෙන් පරිසරයට හානි නො කැර පරිසරයෙන් ප්‍රයෝජන ගන්නැයි උන්වහන්සේ එහි දේශනා කොට ඇත. බෞද්ධ ආභාසය ලැබූ ශ්‍රී ලාංකික අපි ඉතිහාසය පුරා පරිසරය හා සහයෝගයෙන් ජීවත්වීමු. ස්වභාවික සම්පත් සූරා නො ගෙන නිසි කළමනාකාරිත්වයකින් යුතු ව ප්‍රයෝජනයට ගත්තෙමු. එහෙත් පරිසරය හා සංවේදී නො වූ ඇතැම් පිරිසක ගේ ක්‍රියාකාරකම් නිසා මුළු මහත් ලෝ වැසියන්ට ම විශාල පාරිසරික ගැටලුවලට මුහුණදීමට සිදුව තිබේ. ඒ අතර පරිසරය සුරැකීම සඳහා බිහි වූ මොන්ට්‍රියල් සන්ධානයේ ගිවිසුමෙහි අඩංගු පරිසර සුරැකීමේ නීති රීති සම්මුති ප්‍රතිපත්ති කාර්යක්ෂම ව නියමිත අයුරින් ක්‍රියාත්මක කැරෙමින් ඕසෝන් වියන රැක ගැනීමේ කාර්යය සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වූ රට ලෙස රටවල් 191 ක් අභිභවමින් අපේ කුඩා දිවයින ඉදිරියට පැමිණීම අපට මහත් ගෞරවයකි.”

මේ සම්මානයෙන් අපට උගත හැකි දේ බොහෝ ය. ලොවට ඉගැන්විය හැකි දේවල් ද බොහෝ ඇත. ඕසෝන් ස්තරයට හානි නො වන සරල ජීවන රටාව හා ඒ සඳහා පදනම සැපැයූ බෞද්ධ සංස්කෘතියේ අගය මෙයින් ලොවට පෙන්වා දිය හැකි ය. ඕසෝන් මිතුරු තාක්ෂණය හඳුන්වාදීම මෙන් ම අප ගේ සංස්කෘතික උරුමයන් වෙත විශ්වාසය තැබීම ද මෙහි දී අවශ්‍ය කැරේ.

ගහ කොළ සතා සීපාවා කෙරෙහි කරුණාව දක්වන බෞද්ධ ආකල්පය නූතන කාර්මික ශිෂ්ටාචාරය හමුවේ පවා රැක ගත හැකි ය. එය රැක ගත යුත්තේ මෙ බඳු අන්තර්ජාතික සම්මාන ලැබීම සඳහා නො වේ. යහපත් දිවි පැවැත්ම පොදු යහපත සඳහා පමණක් නො ව තමන් ගේ ම ආරක්ෂාව සඳහා ද අවශ්‍ය කොන්දේසියක් වන බැවිනි.

වප්

පුර අටවක


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]