UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළයේ ඇඹිලිපිටිය කොලොන්න සූරිය-කන්ද මාර්ගයේ කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාර පිරිවෙනේ චෛත්‍ය රාජයාණන් වහන්සේ පසු කවරයේ දැක්වේ. මීට ශත වර්ෂ දෙකකට පෙර සිංහල රාජධානියේ අවසන් සමයේ ඉදි කරන ලද ශ්‍රී සුදර්ශන මහා විහාරස්ථානයේ මෙම චෙත්‍යය මෑතකදී ඉදි කරන ලද්දකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ.

පොතුපිටියේ වාලුකාරාම මහා විහාරය

සුදු කළු මිසදිටු පර දෙස්සනට නො ගැතිව දෙස බස රැස රක්නට, පුද බිම් ද, බෝ රුක් ද, මහ සඟ රුවන ද පමණක් නොව දේවාල ද දිවි දෙවැනි කොට රැක ගත් කලුතර පෙදෙසේ ග්‍රාම අතරින් වෙසෙස් තැනෙක වැජඹෙන සඳෙස් කතු නෙතු පිය දසුන් වූ පොතුපිටියේ පිහිටි වාලුකාරාම මහා විහාරය සිල් සුවඳ දම් සුවඳ හෙළ දිව පමණක් නොව විදෙස්හි පවා පතුරන පුණ්‍යස්ථානයකි. සිංහලේ අවසන් රජ සමයේ දී පමණ, අද ද මේ පින් බිමේ දී දැක ගත හැකි ඓතිහාසික නා රුක මුල වූ කුඩා කුටියෙක ගණින්නාන්සේ නමක් වාසය කිරිමෙන් බිහිවූ බවක් ජන වහරේ එන මෙම විහාරස්ථානය අතීතයේ දී “දැව පිට වෙහෙර” නමින් ද “වැලි අරම” නමින් ද හැඳින්වී ඇති බවක් තතු දන්නෝ පවසති. වගයාකුලමේ තෙරුන් වහන්සේ නමින් හැඳින්වූ හිමි නමකගේ අනුශාසකත්වයෙන් මුළුමනින්ම දැවයෙන් තැනුන කුඩා පිළිම ගෙයක් මෙම පින් බිමෙහි වූ බව විහාර වංශ කථාවේ සඳහන් වුව ද දින වකවානු සොයා ගැනීම උගහටය.

ඉතිරිය»

බිනර
අව අටවක

බිනර අව අටවක පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග
04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25
 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]