UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘අපාය’ යථාර්ථයක් ද?

අපාය යන යථාර්ථයක්දැයි අද කෙනකුගෙන් ඇසුවහොත් දෙගිඩියාවට පත්වනු ඇත. බොහෝ දෙනකු පවසන්නේ මෙය කල්පිතයක් බව ය. මිනිසුන් බිය කිරීමට නිර්මාණය කළ අදහසක් බවය. බොහෝ සම්මත උගත්තු ද මේ පිළිබඳ විවිධ මත පළ කරති. ඔවුන් අපාය බොරුවක් බව කෙළින්ම නොකියා ව්‍යංගයෙන් කියති. සමහර දෙමවුපියෝ, පන්සල් වැනි පූජනීය ස්ථානවල ඇති අපාය පිළිබඳ චිත‍්‍ර දරුවන්ට පෙන්වා ඒවා කතන්දර බව කියා දෙති. වැඩිහිටියන් වේවා, ගුරුවරුන් වේවා, පැවිද්දන් වේවා, උගතුන් වේවා මේ සියලු දෙනාටම මඟ වැරැදී ඇත. කට වාචාලකමට දෙඩවීම නිසා ඔවුන් බොහෝ අකුසල් ද රැස් කරගන්නා බව පෙනී යයි.

මේ සියලු දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ කරන කි‍්‍රයාව බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු නුවණට අවමානයක් බව ඔවුහු නොදනිති. බුදුරජාණන් වහන්සේ විසින් ලෝකවිදූ නුවණින් අවබෝධ කළ යථාර්ථයකි, අපාය. උන්වහන්සේ අපායට වැටෙන ආකාරය පවා දේශනා කර ඇත. දේවදූත සූත‍්‍රය, එයට පිළිතුරු සපයයි. මජජිම නිකායේ අඩංගු මෙම උතුම් සූත‍්‍ර දේශනා පුරා අපායේ සත්වයන් විඳින අනේක දුක් පිළිබඳ විස්තර සඳහන් වෙයි. කයින්, වචනයෙන් මනසින්, අකුසල් කිරීම හේතුවෙන් නිරයේ ඉපදෙන සත්වයන්ගේ අඳුරු ජීවිත පිළිබඳ උන්වහන්සේගේ අවබෝධය විශාල ය. ඒ ගැන අපට සිතාගැනීමට පවා අපහසු ය.

අපායට වැටීමට මේ සංසාරය තුළ ගමන් කරන ඕනෑම කෙනකුට සිදුවිය හැකි ය. එහෙත් අපට, අප අපායේ ගත කළ ජීවිත ගැන මතක නැත. යළි අකුසලයේ සමාදන් වීම නිසා නැවතත් එවන් දුක්ඛිත ඉරණමකට ගොදුරු වීමේ අවදානම ඇත. අපෙන් වෙන් වූ අපේ නෑයන්, යහළුවන්, බොහෝ දෙනෙක් අපායෙහි ඉපදී දුක් විඳිනවාද විය හැකි ය. අපායෙන්, නැතිනම් නිරයෙන් නිදහස් වීමට බලය, නිලතල, කාය ශක්තිය හෝ වෙනත් විෂය කුසලතා ඉවහල් නොවේ. තමන් අකුසලයේ සමාදන් වී සිටී නම් මරණයෙන් මතු නිරයට ඇද වැටීම කිසිවකුට නතර කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ, කෙනෙක් තෙරුවන් සරණ ගිය උපාසකයකු හෝ උපාසිකාවක නම්, ඔහු හෝ ඇය මරණින් මතු නිරය ගාමී නොවන බව ය.

එපමණක් ප‍්‍රමාණවත්ද?

එහෙත් තෙරුවන් සරණ යෑම පමණක් ප‍්‍රමාණවත් ද? නැත. මුළුමනින්ම දුගතියෙන් නිදහස්වීමට නම් කෙනකු සෝවාන් විය යුතු ය. එවිට යළි කිසි කලෙක අපායට නොවැටෙනු ඇත. සෝවාන් වීමට නම් ඔබ තෙරුවන්හි පිහිටා උතුම් සීලයක සමාදන් වී බුදුරජාණන් වහන්සේගේ වීතරාගී ධර්මය පුරුදු කළ යුතු ය.

මෙයින් අපාය දුකින් ඔබ නිදහස්වීම සහ නිවන් ලැබීම ස්ථිරවීම සිදුවන අතර ගිහි ජීවිතය එයින් කඩාකප්පල් නොවේ. මෙලොව මෙන්ම පරලොවද ඔබට සුන්දර ජීවිතයක් ලැබීමේ වාසනාව, එයින් ඔබට හිමි වේ.

බුදුරජාණන් වහන්සේ විසින් “කටපරිස්සම් කර ගනිමු” වදාරන ලද අපාය පිළිබඳ විස්තර අප අද බුද්ධ දේශනා අතර දකිමු. එම නිසා අප දැන් කළ යුතු වන්නේ, අපායෙන් නිදහස් වන වැඩපිළිවෙළෙහි නිරත වීමය. විවිධ පුද්ගලයන්ගේ මිසදිටු අදහස් වලින් අපට පලක් නැත. අපට අවශ්‍ය වන්නේ, මහා කරුණාවෙන් යුතු බුදුරජාණන් වහන්සේ දේශනා කළ මඟ පමණකි. අප අපායේ වැටුණහොත් අප ගලවා ගැනීමට අද අපට වැරැදි උපදෙස් දෙන පුද්ගලයෝ නොපැමිණෙති.

කට පරිස්සම් කර නොගැනීම නිසාද බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීම නිසා ද ඔවුනට ද අපාය ගමන උරුම වී ඇති බව ඔවුහු නොදනිති.

එම නිසා පින්වත් ශ‍්‍රාවක, ශ‍්‍රාවිකාවනි, ඔබ මේ ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් ප‍්‍රයෝජන ගන්න. යහපත් නුවණින් යුතු බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකු වන්න. කිසිදා ඔබේ ජීවිතයට අනතුරක් නොවනු ඇත. සතර අපායෙන් නිදහස් වූ අනුත්තර වූ නිවන කරා යෑමට අවශ්‍ය නුවණ ඔබටත් පහළ වේවා.

 

බිනර පුර අටවක

බිනර පුර අටවක පෝය
සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර්
26 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

New Moonඅමාවක

ඔක්තෝම්බර් 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]