[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින් පුරවමු වස්සානේ

පින් පුරවමු වස්සානේ

ආකාසේ නිල නෑනේ
කළු වී ගොරවනවානේ
ගමන් බිමන් යන්නෙ කොහොම
ඇවිදින් නොවැ වස්සානේ

කාලය නැඟ යයි යානේ
පෙර පින් නිම වෙනවානේ
මතුවට පුරවා ගන්නට
මෙහෙම කලක් තව නෑනේ

පුදබිම වෙත ගම්මානේ
යමු අපි දවසක් ගානේ
වස් වසනා හිමිවරුගෙන්
විමසමු මොනවද ඕනේ

සියොතුන් සේ එක රෑනේ
එකමුතු වෙන්නට ඕනේ
පිළිගන්වමු නොවරදවා
හිමිවරුනට වස් දානේ

වස්කාලය අවසානේ
කළ විට චීවර දානේ
අට මහ කුසලයෙන් එකක්
අපටත් හිමි වෙනවානේ

ඉල් අමාවක

 නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා
පූ.භා 11.50 ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]