[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පරිහානියේ වගඋත්තරකරුවන් නොවෙමු

පරිහානියේ වගඋත්තරකරුවන් නොවෙමු

ජීවිතය පාලනය කරන්නේ සිතයි කාලයක සිට සිතෙහි පවතින ද්වේෂය හෝ කේන්තිය හෝ එම පුද්ගලයා විනාශයට පත් කරයි.

එය ශරීර සෞඛ්‍යයට හානි පමුණුවන විෂබීජයක් බඳු ය. ද්වේෂය දිගින් දිගගට ම සිතෙහි පැවතීමට ඉඩ හැරීම තමන් විසින් ම තමන්ට ම කර ගන්නා හානියකි. බොහෝ විට එහි මුල ආත්මාර්ථකාමී බව ම ය. මේ නිසා තමන් ගැන පමණක් නොව අනුන් ගැන ද සිතන්නට, අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට ද සිත සකසා ගත යුතු ය. එවිට තමන්ගේ සුභ සිද්ධිය ඉබේ ම සැකසෙනු ඇත.

තමන්ගේ දියුණුව, සුභ සිද්ධිය ම අපේක්ෂා කළ ද, තමන් ගැන පමණක් සිතන කෙනකුගේ එම ආත්මාර්ථකාමීත්වය ම ඔහුගේ පෞරුෂත්වයත්, ආධ්‍යාත්මික දියුණුවත් වනසයි. එම පුද්ගලයා ජීවත් වන්නේ ඔහු සඳහා ම පමණි.

අන්‍යයන්ට ආදරය ගෞරවය කිරීමක් ගැන ඔහුට හැඟීමක් නැත. බොහෝ විට සුළු දේට පවා ඉක්මන් වන පුද්ගලයාගේ මුළු ජීවිතය ම දුකින් පිරී පවතින්නේ ය. තමන්ගේ එදිරිවාදිකාරයින් සේ සැක කරන පුද්ගලයන්ගේ දියුණුව, සාර්ථකත්වය කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. අනුන් සතු දේට යමෙක් ලොබ බඳියි. අනුන්ගේ සැපත, සතුට විඳ දරා සිටින්ට නොහැකි වෙයි. අවසානයේ මුළුමනින් ම සිත දූෂ්‍ය කර ගන්නා අතර මුළු සමාජයට ම අනතුරුදායක අයකු බවට පත්වන්නේ ය.

දුප්පත් වුව ද, පොහොසත් වුව ද ආත්මාර්ථකාමියා මෙහෙයවන්නේ තෘෂ්ණාවෙනි. ලද දෙයින්, තමන් සතු දෙයින් එවැනි අයකු කිසි දිනක සතුටු නොවේ. සියල්ලන්ගේ ම අවශ්‍යතාවන් පිරිමසා ගැනීම සඳහා ලෝකය ප්‍රමාණවත් ය. එහෙත් එක් අයකුගේ තණ්හාව සංසිඳුවීමට නම් මුළු ලෝකය ම වුවත් ප්‍රමාණවත් නොවේ.” යැයි මහත්මා ගාන්ධිතුමා පවසා ඇත.

ආත්මාර්ථකාමී පුද්ගලයා ධනවතෙක් නම් ඔහු තමන්ගේ නිවස ගැන, තමන් සතු මිල මුදල් දේපළ ගැන තැවීම ආරම්භ කරයි. නිරතුරුව ම තව තවත් මිල මුදල්, දේපළ වස්තුªව සෙවීම ගැන ම සිතන ඔහු ඉතා ම සුදුසු කටයුත්තක් සඳහා වුව ද තමන් සතු වස්තුවෙන් ස්වල්පයක් හෝ අංශු මාත්‍රයක් හෝ තවත් කෙනකු වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ ද නැත. “තමාගේ වස්තුªව දේපළ මිල මුදල් සොරකම් කරයි ද? සමාජයේ අයකු මට වංචා කරයි ද? මා පැහැරගෙන යයි ද? යන සිතිවිලි පුද්ගලයා නිරතුරුව ම දවයි. ව්‍යාපාර ගැන තැවෙන අතර ම එහි සේවක සේවිකාවන් ගැන ද සැකයෙන් පසුවේ.

අනෙක් අතට ආත්මාර්ථකාමී හැඟීම් ඇති දුප්පතෙක් නම් නැතිකම නිසා ම ඔහුට දුක් විදින්නට සිදු වේ. නිරතුරු ම සිතන්නේ තමන් වෙනුවෙන් ම වස්තුව දේපළ රැස්කර ගන්නේ කෙසේ ද කියා ය. යහපත් වූ මාර්ගයකින් වස්තුව, දේපළ, මිල - මුදල් රැස්කර ගැනීමට අසමත් වූ කල නරකින් හෝ, සමාජ විරෝධී මාර්ගයෙන් හෝ වස්තුව දේපළ සොයන්නට පෙළඹේ.

ආත්මාර්ථකාමීත්වය ඇතිවන්නේ වැරැදි හැඟීම් සහ ජීවිතයේ ඇති තතු අවබෝධ කොට ගැනීමට නොහැකිවීම නිසා ය. තෘෂ්ණාවේ, අන්ධ දෘෂ්ටියේ පිහිටා පවතින ආත්මාර්ථකාමීත්වය, විනාශකාරි ආවේගයකි. හැඟීමකි. ඉන් නො වැළකුණේ නම් ඇතිවන දුක ප්‍රමාණවත් කළ නොහැකි ය.

 

ඉල් අව අටවක

 නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06.14 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 ගෙවේ. 23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]