ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2024 නොවැම්බර් 15 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කරන ලද “සිත් රූ - පාරිවේණික ප්‍රතිභා සිතුවම් දැක්ම 2024” චිත්‍ර තරගාවලියේ සමස්ත ලංකා මට්ටමේ තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. එහිදී දිවයිනේ විද්‍යායතන, පිරිවෙන්, මූලික පිරිවෙන් සහ මහාපිරිවෙන් අතරින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමි කර ගැනීමට බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනය සහ මූලික පිරිවෙන සමත් විය.
ගණේමුල්ල ශ්‍රී අමර මහාවිහාරයේ ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැලඳවීමේ මහෝත්සවය පසුගියදා පැවැත්විණි. ඊට සමගාමීව විශේෂ ධර්ම දේශනාවක් හා තිස් පැය හතේ පිරිත් දේශනාව පැවැත්වුණි.
පන්නිපිටිය මාලපල්ල වෑකඩ පාරේ “දම්රිසි“ භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම පසුගියදා එහි ප්‍රධානී උඩුගම ථෙරිකා මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි පිරිසගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 15
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]