[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැබෑ සත්‍යය හඳුනාගන්න

සැබෑ සත්‍යය හඳුනාගන්න

මේ ගෙවී යන්නේ බෞද්ධ ජනතාව සම්බුදු තෙමඟුල සමරා බොහෝ පින් පුරවා ගෙන සතුටින් ගෙවී යන කාලයක්.

වෙසක් පුන් පෝදාක අපගේ මහා බෝසතාණන් වහන්සේ මනුලොව උපත ලැබුවා. ඒ වගේ ම වෙසක් පුන් පෝ දාක පිරූ පාරමිතාවන්ගෙන් බලවත් ව ඒ පාරමී ධර්මයන් තුළ පිහිටා සය අවුරුද්දක් අනේක දුක් විඳ ඒ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. එලෙසම පුරා සතළිස්පස් වසරක් මහා කරුණාවෙන් මේ ලෝකයාට ධර්මය දේශනා කොට වදාළා දුකට පත්වෙලා සිටින, දුකට වැටී සිටින, ජරාවට පත්වන ලෝකයත් සමඟ එකතු වී ඉන්න, ලෙඩ වෙන ලෝකයත් සමඟ එකතු වෙලා ඉන්න, ඉපදෙන ස්වභාවයෙන් යුතු ලෝකයත් සමඟ එකතු වෙලා ඉන්න, මැරෙන ස්වභාවයෙන් යුතු ලෝකයත් සමඟ එකතු වෙලා ඉන්න, දුක් විඳින අප හැමෝටම පිහිටක් පිළිසරණක් ලෙස තථාගතයන් වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් කැප කළා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ අසූ වැනි වියේ දී කුසිනාරාවේ උපවර්තන සල් උයනේ සල්ගස් දෙකක් මත සැතපී වදාළා. උන්වහන්සේගේ අවසන් වදන ලෙස ලෝකයාට වදාළේ

“පින්වත් මහණෙනි අවසන් වරට මම ඔබ අමතමි, වයධම්මා සංඛාරා - හේතුන්ගෙන් හටගත් සියල්ල ම නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්ත යි. අප්පමාදේන සම්පාදේත - නො පමාව ධර්මයේ හැසිරෙන්න. නො පමාව මේ සත්‍ය අවබෝධ කර ගන්න මහන්සි ගන්න කියලයි.

බුදුරජාණන් වහන්සේ අපට වදාළා සත්‍ය අවබෝධ කරවන දහමක්. සත්‍ය පෙන්වා දෙන දහමක්. එහෙත් මේ සාමාන්‍ය ලෝකය සකස් වී තිබෙන්නේ සත්‍ය අවබෝධ කරවන්නට නොවේ. සත්‍ය අපෙන් වසන් කරවන්නට යි. සත්‍ය වසා දමන්නට යි. මිනිස් සිතේ ස්වභාවය තමා සත්‍යයට බිය වීම. ජීවිතයේ යථාර්ථය නො දැන, ජීවිතයේ සැබෑ ස්වභාවය අසා නැති, දැක නැති, සිතා නැති කෙනා සත්‍යයට බයයි. ඒ නිසා සත්‍යයට මුහුණ නොදී එය අමතක කරගන්න, අමතක කරවන්න වෙනස් වෙනස් දේ කරනවා.

අපේ ජීවිතයේ අපට මුහුණ දෙන්න වෙන සත්‍යය කීපයක් තිබෙනවා. ඒ අතර දුක කියලා සත්‍යයක් තිබෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙත් ජීවිතයට දුකක් ආ විට ලෝකයා කියන්නේ දුක කියා දෙයක් නැහැ. ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා. වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, පි‍්‍රය අයගෙන් වෙන්වීම, අපි‍්‍රය අය හා එක්වීම, කැමැති දේ නො ලැබීම අකැමැති දේ ලැබීම සත්‍යයක්. මේ සත්‍ය ඉදිරියේ අපගේ සිත කඩා වැටෙනවා. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක අපට දරාගන්න බැරි වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔබ මේ සසරේ එනකොට ඔබගේ මව, පියා මිය යාම නිසා හෙළපු කඳුළු ස තර මහා සාගරයට වැඩි ප්‍රමාණයක් අපගේ ජීවිතය පිටුපස්සේ තිබෙන බව මේක තමා සත්‍ය ය. මේ සත්‍යයට අප හැමෝට ම මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ සත්‍ය හඳුනාගෙන අවබෝධ කර ගෙන මේ දිගු සංසාර ගමන නිමා කිරීම නොවේ ද අප කළ යුතු වන්නේ.

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]