[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නරවැල්පිට වජිරබුද්ධි නාහිමියෝ සංඝනායක පදවි ලබති

නරවැල්පිට වජිරබුද්ධි නාහිමියෝ සංඝනායක පදවි ලබති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්මයුක්තික පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක සාමීන්ද්‍රවර ප්‍රමුඛ ධර්මෝදය සංඝ සභාව වෙතින්,

හක්මන නරවැල්පිට බටහිර ශ්‍රී ධර්මාරාමය, හක්මන, ඇල්ලවෙල නැඟෙනහිර ශ්‍රී සාරිපුත්තාරාමය යන උභය විහාරාධිපති හම්බන්තොට කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) හක්මන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල හිටපු ගරු ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නරවැල්පිට වජිරබුද්ධි සාමීන්ද්‍රයන් වහන්සේට ධර්මකීර්ති ශ්‍රී ධම්මාරාම වංශාලංකාර ගෞරවෝපාධිය සහිත මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ උතුම් පදවි ප්‍රාප්තිය නිමිති කොටගෙන උන්වහන්සේට ආශීර්වාද කිරීමේ උත්සව සභාව හා අභිනව සංඝාවාසය, පිරිවෙන් ශාලාව සහිත තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහනායක ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, හිටපු කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල මහනායක සාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදයෙන්, අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ අනුනායක ධුරන්දර, කොළඹ කාලිංග මාවත, රතන අරම විහාරාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය නරවැල්පිට රතනපාල මහා සාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සම්භාවනීය ගිහි භවතුන්ගේ සහභාගිත්වයෙන් පොසොන් මස 10 වැනි සඳුදා පෙ.ව. 9.00ට හක්මන ඇල්ලවෙල නැඟෙනහිර, ශ්‍රී සාරිපුත්තාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]