[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රේතියක් ලේ ගංගාවක් දකියි

ප්‍රේතියක් ලේ ගංගාවක් දකියි

කොසඹෑ නුවර උදේනි රජතුමාගේ උත්තර නම් ඇමැති, මහාකත්‍යායන තෙරුන් වහන්සේගෙන් බණ අසා බුදු සසුනේ පැහැදී උපාසකත්වයට පැමිණ මහා විහාරයක් ද කරවා නිතර දානාදී පින්කම් කරමින් විසුවේ ය.

එතුමා ස්වකීය නෑයන් ද බුදු සසුනෙහි පැහැද විය. මේ අතර අතිශයින් මසුරු වූ මව පමණක් පහදවන්නට නොහැකි විය. පුත්‍රයා දන් දෙනු ඉවසිය නොහැකි ඕ තොමෝ නුඹ මෙ මහණුන්ට දෙන දන් පරලොව දී නුඹට ලේ වේවා'යි සාප කළා ය. පසුව මසුරු වූ මව කළුරිය කොට ප්‍රේතියක් ව උපත ලැබුවා ය.

දිනක් පිපාසයෙන් පීඩිත ව පැන් බීමට ගඟට බැසගත් කල්හි ගංගා ජලය ලේ පැහැය ගත්තේ ය. මේ ආකාරයෙන් පැන් නො ලබමින් පනස් වසක් ගත වූවාට පසු දිවා විහරණය පිණිස එහි ගං තෙරට වැඩියා වූ කඩඛාරේවත තෙරුන් වන්සේ දැක හිසකෙස්වලින් විළි වසා උන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිට මෙසේ කියන්නී ය.

ස්වාමිනි, මම මිනිස් ලොවින් චුත ව ප්‍රේත ව උපන් දින පටන් අද වනතුරු ම පනස් වසක් මුළුල්ලෙහි ම එකම දවසක් වත් බත් හෝ පැන් නො ලබමි. පිපාසයෙන් පෙළෙමි. මට බිමට පැන් ටිකක් දුන මැනව'යි කීවා ය.

එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු

එම්බා ප්‍රේතිය, තී කුමට අපෙන් පැන් ඉල්ලන්නී ද? හිමාලයෙන් ගලා එන්නා වූ සිසිල් දිය ඇති තෙල ගංගාව තොපට නො පෙනෙන්නේ ද? ගඟින් පැන් ගෙන පානය කරන්න යැයි වදාළහ.

ප්‍රේතිය මෙසේ කියන්නට වූවා ය. ස්වාමීනි, මා මේ ගඟින් පැන් ගතහොත් ඒ සියල්ලම රුධිරය බවට පත් වන්නේ ය. නුඹ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. යනුවෙන් පැවසුවා ය.

ඒ බස් අසා තෙරුන් වහන්සේ මහත් අනුකම්පාවට පත්ව, ඇය කළ අකුසල කර්මය ඇසූ කල්හි ප්‍රේතිය ද මා පෙර ආත්මයක දී කළ කර්මය නිසා සිදුවූයේ යැයි තෙරුන් වහන්සේට සැළ කළා ය.

තෙරුන් වහන්සේ ඉතා අනුකම්පාවෙන් භික්ෂූන් වහන්සේට පැන් හා ආහාර ද, වස්ත්‍ර ද පූජා කොට ප්‍රේතියට පින් පෙත් පැමිණවූහ. ඒ තුළින් බත් පැන් වස්ත්‍ර ලබා ප්‍රේතිය ද සුවපත් වූවා ය.

මෙම බණ කතාව තුළින් මෙවැනි අකුසල ධර්මයනට අනුව කටයුතු කිරීම තුළින් ලැබුණු පල විපාක කෙතරම් භයානක ද යන්න වටහා ගන්නට හැකි ය. අකුසල් දුරලන්න. කුසල් වඩන්න.

මැදින් අමාවක

අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03.23 අමාවක ලබා එදිනම අ.භා. 11.53 ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]